මායාවකට තරුණයා ඇන්දිලා අම්පාර නගරයේ සිට තරමක් ඈතින් ඇති උපනගරයක පිහිටි රාජ්‍ය බැංකුවක් අසල බස් මගී ආවරණයක් ඇත. උදෑසන 9-00 ට පමණ එහි වාඩි වී සිටි රූමත් තරුණ කාන්තාවක හඬමින් සිටින අයුරු එතැනින් ගමන් කළ යතුරුපැදියේ සිටි තරුණයකු දැක ඇති අතර ඔහු බැංකුවට ගොස් නැවත ඇය සිටි තැනට ආවේ ඇය කෙරෙහි සහකම්පනයක් ඇතිවී මෙනි. උපකාරයක් කිරීමේ අදහසින් ප්‍රශ්න කිරීමේදී මෙම කාන්තාව යාබද කොලණියක පදිංචිකාරියක බව ඔහුට පැවසුවාය. “ඇයි මොකක්ද ප්‍රශ්නේ ?” කියමින් ඔහු ඇය සමඟ තව දුරටත් කතාවට වැටී 06 September 2025
උදවු නොකලාට රිටන් එක ඇවිත් මිනිස්කම ගිලිහි ගිය අයකු අසරණ වූ අවස්ථාවේදි පිහිට විය හැකි අය අහක බැලූ පුවතක් මාතලේ ඉසව්වෙන් අසන්නට ලැබුණි. ඔහු ගුරුවරයෙකි. මාතලේ ඉසව්වේ පාසලක සේවය කරන අයෙකි. දිනක් ඔහු හදිසියේ කුරුණෑගලට පැමිණියේය. ඒ වෙනත් අවශ්‍යතාවක් සඳහාය. ඔහු එම කාරිය කරගෙන ආපසු යාමට බස් රථයක් එන තුරා කුරුණෑගල - දඹුල්ල පාරේ අතරමඟ රැඳී සිටියේය. බොහෝ වේලාවක් ගතවිය. බස් රථයක් නැත. ඒ අතරවාරයේ කාර් එකක් ආවේය. එය ඔහු අසල නතර කෙරුණි. ‘‘මහත්තයා මාතලේට යන්නේ කොහෙන්ද?” ‘‘ඔයාලා ඉබ්බා 06 September 2025
පියාගේ තුන්මාසේ පින්කම දා මිනීවල ලග මත් සාදයක් දාලා පියාගේ තුන්මාසේ පින්කම ලොකු පුතා මහගෙදර නිවසේ පවත්වන අතරේ බාලපුතා එය තම මිතුරන් පිරිසක් සමග පියාගේ මිනීවළ ළඟ සැමරූ බව කියන පුවතක් වයඹ පළාතේ එක්තරා ගමකින් පසුගිය දා අසන්නට ලැබුණි. මත්වතුර සාදයක්වූ බව කියන එය ශබ්ද පූජාවකින් තොරව රහසිගතව පැවැත්වීමට සංවිධානය කෙරුණ ද අවසානයේ වෙරි සොරිවූ බවත් කියති. මේ පිළිබඳව වැඩිදුරටත් ලද තොරතුරුවලට අනුව දූදරුවන් පිරිසකගේ පියෙකු වූ මියගිය තැනැත්තා කෘෂිකර්මයට සම්බන්ධව සිටි ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකි. තුන්මසකට පෙර 06 September 2025
දූරියන් හොරෙන් කඩන්න ඇවිත් කැමරාත් ගලවාගෙන ගිහින් තම ගෙවත්තේ දූරියන් ගසෙහි දූරියන් ආරක්ෂා කිරීම සඳහා යෙදු උපක්‍රමයක් අසාර්ථක වීමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රදේශයකින් ඉකුත් දා වාර්තා විය. මේ දිනවල මහනුවර හා අවට ප්‍රදේශවල දූරියන් සඳහා ඉහළ මිලක් පවතින අතර, ඒ හේතුවෙන් දූරියන් ඇති පුද්ගලයන් ඒවා සතුන් සහ මිනිසුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා විවිධ උපාය මාර්ග යොදා තිබේ. 06 September 2025
කුකුළු මස් හොද්දේ පෙරේතකමෙන් කෑම මේසයම ඌරු කෑම වෙලා ගෙදර කොටහළු මංගල දිනයක දවල් කෑම මේසයේ කුකුළු මස් ව්‍යංජනය ගම්වාසීන්ගෙන් ඉතුරු කර ගැනීමට ගොස් කෑම බොහොමයක් පොළොවට පස් වීමට වැළලීමට සිදු වූ පුවතක් අනුරාධපුරයට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි. 05 September 2025
බැංකු කාඩ් එකෙන් අනියම් පෙම හබක් වසරකට අධික කාලයක් අසල්වැසි කාන්තාවක සමඟ ඉතා හොර රහසේ පවත්වාගෙන ආ බව කියන සැමියාගේ අනියම් පෙමක් බැංකු කාඩ් පතකින් බිරියට අනාවරණය වූ සිදුවීමක් හසලක පොලිස් වසමේ ගම්මානයකින් වාර්තා විය. 04 September 2025
පියාගේ සායම හේදී ලේලිගේ කට වැහිලා පියාට නිදා ගැනීමට පැදුරක් දුන්නා යැයි නැන්දම්මාට දොස් පවසා ඇති ලේලියකගේ කට වැහෙන්න උත්තර දී ඇතැයි කියන අපූරු කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. සිද්ධිය සැකෙවින් මෙසේය. 03 September 2025
කම්මැලිකමට බිරිඳගෙන් යස පාඩමක් තාත්තලා තම දරුවන් බස් එකට කෝච්චියට ගෙනත් ඇරලනවා අපි දැක තිබුණ ද හොඳට අතපය ඇති ඇස් පේන කන් ඇහෙන නිරෝගී තාත්තා කෙනකු දරුවන් විසින් දිනපතා කෝච්චියට ගෙනැත් ඇරලන සිද්ධියක් ගැන දකුණු පළාතේ සංචාරක පුරවරයකින් පසුගියදා අසන්නට ලැබුණි. වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය. 02 September 2025
සත්ව කරුණාව ආපස්සට කැරකිලා පත්තෑයාට අභය දානය දීමට යෙදූ උපක්‍රමයෙන් දින ගණනාවක්ම වේදනාවෙන් කල් ගෙවන්න වූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. හොඳ උපාසකයෙකි. හතර පෝයටම සිල් ගනියි. කාටවත් කරදරයක් හිරිහැරයක් නැති කෙනෙකි. එදා නිවසට ආවේ ලොකු පත්තෑයෙකි. දරුවන් සතා මරන්න හැදුවත් ඔහුට සත්ව කරුණාව මතු වූවේය. එනිසා පත්තෑයා අල්ලා කැලයට දැමීමට ඔහු අපූරු උපක්‍රමයක් කල්පනා කළේය. ඔහුට අදහසක් පහළ විය. 01 September 2025
කයිය ගසා සොහොනට ගිහින් පණ එපා කියා දුවලා අසල්වැසි නිවසේ මළ ගෙදර පැමිණ තමා හොල්මන්වලට බය නෑ යි පුරාජේරූ ගසා ගමේම ලැජ්ජාවට පත් වූ මහත්මයකු පිළිබඳ පුවතක් රඹුක්කන ප්‍රදේශයට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වෙයි. 29 August 2025
කළුපොල් මාලුවට පොල් හොයලා කළුපොල් මාළු පිසින්න කළුපොල් ගෙඩියක් සොයන්න ගම වටේ ගිය තරුණයකු පිළිබඳ පුවතක් නාවලපිටියට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි. සිද්ධිය සැකෙවින් මෙසේය. 28 August 2025
දූරියන් ගෙඩියෙන් මට්ටු වෙලා හොරෙන් දූරියන් ඇහිඳීමට ගිය පුද්ගලයකුට සිදු වු අකරතැබ්බයක් පිළිබඳ පුවතක් මාතර දිසාවේ මොරවක් කෝරලයේ ගමකින් අසන්නට ලැබේ. අධික මිලකින් මෙන්ම රසවත් බවින් යුත් ආහාරයක් වන දූරියන් ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වූ දුර්ලභ පලතුරකි. මෙහි රසවත් බව නිසාවෙන් සමහර අය මෙයට දක්වන්නේ දැඩි ගිජු කමකි. අවිවාහක පුද්ගලයකු වු ඔහු ස්ථිර රැකියාවක් නොකළ අතර අනුන්ගෙන් ඉල්ලා ගැනීම සහ අන්සතු දෑ සොරකම් කිරීමද පුරුද්දක් කර ගෙන තිබුණි. පොල්, පුවක් වැනි දෑ මෙන්ම පලතුරු වර්ගද ගෙහිමි 27 August 2025
සුද්දා අන්දන්න ගිහින් නාගෙන සංචාරකයා අන්දන්න ගොස් නාගත් හෝටල් හිමියකු පිළිබඳ කතාවක් දකුණේ ප්‍රධාන නගරයකින් අසන්න ලැබේ. අලුත් මාලු, අලුත් ඉස්සන් තමන්ගේ හෝටලයෙන් විදෙස් සංචාරකයන්ට දෙන බවට ප්‍රසිද්ධ හෝටලයකි. විශේෂයෙන්ම පොකිරිස්සන් සුද්දන්ට කෑමට දෙන හෝටලයක් කීවොත් එය වඩාත්ම නිවැරදිය. පොකිරිස්සෝ පණ පිටින් හෝටලයේ ටැංකියක සිටිති. සුද්දා පෙන්වන පොකිරිස්සා පරිභෝජනයට ලබාදීමට ද ප්‍රසිද්ධය. 26 August 2025
බුලත් කොටුවට පැන්න උපාසක අම්මාගේ රෙදි ගැලවිලා බුලත් විට කෑමට කාලයක සිට අසල්වැසි නිවසක බුලත් කොටුවකින් රාත්‍රි බුලත් කොළ කඩමින් සිටිය දී නිවැසියන්ට අතේ මාට්ටු වී ඇතැයි කියන උපාසක අම්මා කෙනෙකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. වාර්තාවෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. 25 August 2025
දුවගේ දරුවන් බලාගන්න ආ කතක එක්ක සීයා පැන ගිහින් දියණියගේ දරුවා බලාගැනීම සඳහා නිවසට පැමිණ සිටි වැඩිහිටි දරුවන් තිදෙනෙකුගේ මවක වූ ඥාති කාන්තාවක හා පෙමින් බැඳුණු හැටපස් හැවිරිදි පියකු ඈ හා පවුල් කෑමට වෙනත් ප්‍රදේශයකට පලාගිය පුවතක් ගැන දකුණු පළාතේ නගරයකින් පසුගිය දා වාර්තා විය. 23 August 2025
හාම් පුතාත් එක්ක බල්ලාත් බසයේ ගිහින් කාන්තාවක සමග බල්ලෙකු ද මගී බස් රථයකට ගොඩවීම නිසා එහි ඇතිවීමට ගිය අලකලංචියක් වළක්වා ගැනීමට අදාළ කාන්තාවට සිය ගමන පසෙකලා බල්ලා ද සමග බස් රථයෙන් බැසීමට සිදු වූ පුවතක් පසුගියදා වයඹ පළාතේ ප්‍රධාන නගරයකට කිලෝ මීටර් තිස්පහක් පමණ දුරකින් පිහිටි ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වීය. එම වාර්තාවට අනුව අදාළ කාන්තාව සිය නිවසේ ඇති දැඩිකරන මෙම බල්ලා ඇය පසුපසින් පැමිණ ඇයටත් හොරෙන් මෙසේ බස්රථයට ගොඩවී ඇති බවත් මෙහිදී අනාවරණය විය. 23 August 2025
ජොලි කරන්න ගිහින් අම්බානට ගුටි කාලා මසකට වතාවක් ගමට පැමිණ මහ හයියෙන් ගමටම ඇහෙන්න ගීත ප්‍රචාරණය කරන නිසා ගමේ ඈයොන්ගෙන් හොඳ ගුටි පූජාවක් කෑ පුද්ගලයකු පිළිබඳ පුවතක් වලපනේට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි. සිදුවීම නම් මෙසේය. ඔහු වයස 30 ඉක්ම වූ තරුණ වියත් මැදි වියත් අතර සිටින්නෙකි. රැකියාව වශයෙන් කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක රියදුරකු වශයෙන් සේවය කර ඇත. ඔහු විවාහකයකු නොවන අතර තම මහලු මව සමඟ වාසය කර ඇත. මසකට වතාවක් රැකියාවේ නිවාඩුවට පැමිණෙන මොහුට ගම්වාසීන්ට කරදරකාරී පුරුද්දක් තිබී 23 August 2025
සුදු නෝනලාගේ ගේමෙන් මුදලාලිට තරු පෙනිලා තරුණ සුදු නෝනලා දෙන්නකු දුන් අපූරු ගේමකින් තරුණ වෙළඳසල් හිමියාට රෑ තරු දවල් පෙනුණු අපූරු කතාවක් ගාලු දිසාවේ සංචාරක කර්මාන්තයට වැඩි ප්‍රසිද්ධියක් ඇති නගරයකින් අසන්නට ලැබේ. යතුරු පැදියේ නැගී ආ තරුණ සුද්දියන් දෙදෙනෙකි. යතුරුපැදිය නතර කෙරුණේ වෙළෙඳ සලක් ඉදිරිපිටය. එම වෙළඳ සලේ සිටියේ තරුණයෙකි. සුදු නෝනලා යතුරුපැදියෙන් බැස මේ වෙළෙඳසල තුළට ගියහ. ඔවුන් දෙදෙනා වෙළෙඳසල තුළට යාමත් එක්ක ආවේ අපූරු සුවඳකි. මන බඳිනා මේ තරුණ සුද්දියන් දෙදෙනා දුටුවිට තරුණ වෙළඳස 23 August 2025
අනංගයාට මතක හිටින තෑග්ගක් රූමත් තරුණ ගැමි කාන්තාවකගෙන් මතක හිටින තෑග්ගක් ඉල්ලු අනංග තරුණයකුට ජීවිතේ අමතක නොවන පාඩමක් සමඟ අමතක නොවන තෑග්ගක් දුන් කාන්තාවක පිළිබඳ පුවතක් හසලක පොලිස් වසමේ එක් ගම්මානයකින් වාර්තා විය. 23 August 2025
මැනිකට අන්දවන්න ගිහින් කනේ පාරක් මෙය මැණික් පුරයේ සිදුවූ මැණික් කතාවකි. ඔහු හද්දා කපටියෙකි. කළොත් කරන්නේම කපටි වැඩය. ඇතැම් කපටිකම් මෝඩ කපටි කම්ය. දිනක් ඔහු දිය නාමින් සිටින විට ගං පතුළේ දිලිසෙන ගලක් දුටුවේය. ඔහු එය අතට ගෙන බැලුවේය. මේක දිය තරිප්පුවක් ඔහුට කියැවිණි. දිය තරිප්පු යනු මැණික් කුලයට අයත් ගල් වර්ගයකි. සුදු පැහැතිය නමුත් ඒවා වටින්නේ නැත. පෙනුමෙන් අලංකාරය. 23 August 2025
හීනේ හැබෑ කරන්න ගිහින් පත්තු බදින්න වෙලා බිරිඳගේ සිහිනය සැබෑ කරන්න ගිය සැමියාට මතක හිටින පාඩමක් ඉගෙන ගන්නට සිදුවීමේ පුවතක් මහනුවර ප්‍රදේශයට නුදුරින් පිහිටි ගම්මානයකින් වාර්තා වෙයි. එම සිද්ධිය සැකෙවින් මෙසේය. මොවුන් මැදි වියේ පසුවන යුවළක් වන අතර දරුවන් දෙදෙනකුගේ මවුපියන්ය. එක් දියණියක විවාහ වී වෙනත් ප්‍රදේශයක පදිංචි වී සිටින අතර පුතා තවමත් අධ්‍යාපනය ලබයි. නිවසේ ආර්ථික අගහිඟකම්ද විශාල වශයෙන් තිබිණ. 22 August 2025
දායකයාට රෙදි ගැලවෙන පාඩමක් නිවසෙහි ඇති දැඩි කළ සුනඛයින් මහ මගට ගෙනවිත් පාප කර්මයක් කරගත් පුද්ගලයකු හට තවත් එවැනි දේ නොකිරීමට පාඩමක් කියාදුන් පුවතකි. 21 August 2025
බංකුවේ ලැගලා පටි රෝල් වෙලා නිවසට අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිල දී ගැනිම සඳහා සුපිරි වෙළෙඳ සලකට සිය සේවකයකු සමඟ ගිය ව්‍යාපාරිකයකු යාචකයෙකු යැයි සිතා එක් පුද්ගලයකු විසින් බත් පාර්සලයක් සහ රුපියල් 50 ක මුදලක් ලබා දීමේ පුවතක් වාර්තා වෙයි. 20 August 2025
පදමට ගහලා වැසිකිළි වළේ වැටිලා පාසල් අවධියේ දී එකට පන්තියේ ඉගෙනුම ලැබූ මිතුරන් පිරිසක් සමග හොඳටම සප්පායම් වී අවසානයේ රාත්‍රි සිය නිවසට යන පාර සොයා ගැනීමට නොහැකිව අසල්වැසි වැසිකිළි වළකට වැටී පසු දා පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් ගොඩට ගත් තරුණයෙකු පිළිබඳ පුවතක් පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයෙන් වාර්තා වෙයි. වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. 19 August 2025
දහදාහක් ලබාගන්න ලක්ෂයක් පාඩු කරගෙන නිවෙසක නාන කාමරයක සවිකරන ලද ප්‍රධාන කරාමය අලුත්වැඩියා කිරීමට පයිප්ප බාස් ඉල්ලූ රුපියල් 10000 මුදල වැඩි යැයි කියා ඒ වැඩේ තමා විසින්ම කර ගන්නට ගොස් රුපියල් ලක්ෂයක පමණ අලාභයක් කරගත් පුද්ගලයකු පිළිබඳ තොරතුරු පසුගියදා දකුණු පළාතේ ගම්මානයකින් අසන්නට ලැබුණි. 18 August 2025
හොරේ අහුවෙනවාට හිතවතාත් දමා පැනගිහින් සිය සැමියාට හොර රහසේ තම හිතවතා සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී පදික මාරුවක දී පුද්ගලයකු ගැටීමෙන් හිතවතා දමා බස් රථයක නැගී පලා ගිය කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ලෙන් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. 15 August 2025
කුනුකොල්ලයට ගන්න ගිහින් අතින් තට්ටු වෙලා නිවසක පැවැති උත්සවයක් සඳහා අඩු මිලට කුකුළු මස් මිල දී ගැනීමට ගොස් කාලය, ශ්‍රමය, මුදල් වැඩියෙන් වියදම් කිරීමට සිදු වූ පුවතක් මහනුවරට දුර බැහැර ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය. නිවසේ පැවති උත්සවයක් සඳහා පැමිණෙන පුද්ගලයන් සිය දෙනකු පමණ පිරිසක් සඳහා කුකුළු මස් සහිත ආහාර වේලක් ලබාදීමට මෙම නිවසේ හිමිකරු තීරණය කර තිබිණි. 14 August 2025
කිරි හට්ටියට ඇන්දිලා පිට ප්‍රදේශයකින් ගෙනෙන ලද මීකිරි හට්ටියක් සුපිරි කිරි හට්ටියක් බව තහවුරු කර පෙන්වන්නට ගොස් වෙච්ච ඇබැද්දියක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. හෙතෙම විදේශිකයන්ට රටතොට පෙන්නන හෝටල් ජාලයකට සම්බන්ධවී ඔවුන් සමඟ රටපුරා සැරිසරන වාහනයක උරුමකරුවෙකි. ඔහුට ඊයේ පෙරේදා විදේශිකයන් පිරිසක් සමග කතරගම පැත්තේ සංචාරයක් සෙට් වී ඇත. ඔහු ඒ සඳහා පිටත්ව යාමට පෙර දියණියන් දෙදෙනාත් පුතාත් “තාත්තේ අපිට කන්න කිරි හට්ටියක් ගේන්න” යි ඉල්ලා ඇත. 13 August 2025
උගුඩුවෙක් ගමක්ම හොල්ලලා නිවසකට උගුඩුවෙක් ඇතුළුවී කළ කලබලයකින් අවදිවූ කාන්තාවක හොරෙකු පැන ඇතැයි කෑගැසීම නිසා ගමක්ම හෙල්ලුනු සිද්ධියක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. අතුරු මාර්ගයක් කෙළවර පිහිටි නිවසකි. විශ්‍රාමිකයෙක් ඔහුගේ බිරිය හා උසස් අධ්‍යාපනය හදාරන දියණියක් එහි වෙසෙති. විශ්‍රාම වැටුපත් කොස් පොල් සහිත වතුපිටිවල ආදායමත් හේතුවෙන් හිඟ පාඩුවක් නැතුව ඔවුහු දිවිය ගැටගහ ගනිති. 12 August 2025
මිතුරන්ගේ ලණු ගිල අලි අමාරුවක වැටිලා මිතුරන් කනට කී උත්තේජනයක් සඳහා කවදාවත්ම නොකෑ දූරියන් කා වැටුණු අලි අමාරුවක් පිළිබඳව අපූරු කතාවක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. 11 August 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026