කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
සිය භාර්යාව සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය ගෝලයාට භාර්යාව සමගම ඇදහිය නොහැකි ත්‍යාගයකුත් ලබාදුන් අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
කුරුඳු කාර්මිකයෙකි. සහායට ගෝලයෙකි. දෙන්නාම ගෙන් ගෙට ගොස් කර්මාන්තය කරගෙන ගියේ ය. බොසා ගෝලයාට නියමිතව වැටුප් බේරුවේ ය. එමෙන්ම ඔහුගේ අවශ්‍යතාවන් ද සොයා බැලුවේ ය. ගෝලයා ද ඊට නොදෙවැනි ය. බොසාට පණ මෙන් ය. බොසාගේ දියුණුවට ගෝලයා ද හවුල් ය. කාලය කෙමෙන් ගෙවී ගියේ ය.
නිවස ළඟ වැඩ කරනවිට දෙන්නාටම දිවා ආහාරය ගෙන ඒමට ඔහුගේ නිවසට ගියේ ගෝලයා ය. එසේ කෑම රැගෙන පැමිණීමට තමාගේ නිවසට ගිය ගෝලයාගේ පැමිණීම එන්න එන්නම ප්‍රමාද විය. ගෝලයාත් ඔහුගේ භාර්යාවත් අතර අනියම් සබදතාවක් පිළිබඳව කටකතාවක් පැතිර ගියේ ද ඔය අතර ය. එය අසා බොසා නම් නොවේ කලබල වූවේ. ඒ බැව් ඔහු නොදන්නා බව හැඟවූවේ ය. භාර්යාවටත් ගෝලයාටත් වෙනසක් සිදු නොකළේ ය. ඒ සම්බන්ධයෙන් ඔහු හාවක්, හූවක්වත් නො කළේ ය.
කාලයත් එක්කම තමාගේ භාර්යාවත් ගෝලයාත් අතර ඇති අනියම් සබඳතාව ඔහු අතට ම අල්ලා ගත්තේ ය. දෙන්නාට ම නැහැයි කියන්න බැරි ආකාරයට ම බොසා වැඩේ මාට්ටුකර ගත්තේ ය. ඔහු පොලීසියට ගියේ ය. පොලිස් පොතේ විස්තරය ලියවුණේ ය. ඒ අනුව පාර්ශ්ව තුන ම පොලීසියට කැඳවිණි. බොසා පොලීසියට දැනුම් දුන්නේ තමා සිය භාර්යාව ගෝලයාට බාරදීමට කැමති බවය. ඒ දෙගොල්ල ම ඊට කැමැත්ත පළකළෝය.
ගැටුමක් ඇති නොවූවත් තුන් පාර්ශ්වය ම දෙපාර්ශවයක් කර පොලීසිය වැඩේ සමථයට පත් කළේය. ඒ කතාබහෙනි. ගෝලයා ඔහුගේ භාර්යාව රැගෙන යාමට සැරසුණේ ය. මෙතෙක් වේලාවක් තමා සන්තකයේ තිබූ අත් බෑගයකින් බොසා මිටියක් ඇද්දේ ය. එහි මුදල් ය. ලක්ෂ දහයක් ය. මෙතන ලක්ෂ දහයක් තියෙනවා මේක අරගෙන තමාගේ අලුත් භාර්යාව සමඟ අලුත් ජීවිතයක් ගත කරන්න කියමින් ඔහු පොලීසියේදීම ගෝලයාට සල්ලි මිටිය ම දුන්නේ පොලීසියත් පුදුම කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd