කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
තෙල් පෝලිම අස්සේ අවශ්‍යතාවකට වෙළඳ සලකට ආ යතුරු පැදිකරුවකුට මුහුණ දීමට සිදු වූ අපූරු කතාවක් ගාලු දිසාවෙන් අසන්නට ලැබේ.
යතුරුපැදි තෙල් පෝලිම කිලෝමීටර් භාගයකට ආසන්නය. තමන්ගේ වාරය එන තෙක් ඔවුහු නොඉවසිල්ලේ සිටියහ. හැම යතුරු පැදියකටම ලැබුණේ රුපියල් දාහක තෙල්ය. පෝලීමේ සිටි යතුරු පැදිකරුවෝ විනාඩියට දෙකට මිතුරු වූහ. වතුර බෝතලය පානය කරේ බෙදාගෙනය. සිසිල් පැන් බෝතලයත් එසේමය.
මේ මිතුරුකම නිසාම සමහරු සිය යතුරු පැදිය පෝලිමේ ඉදිරියට ගන්නා ලෙස දෙපැත්තේ සිටි යතුරු පැදිකරුවන්ට දන්වා පොඩි පොඩි අවශ්‍යතාවන්ට එහා මෙහා ගියහ. මේ නිසාම යතුරු පැදි පෝලිම පේළියට ඉදිරියට ඇදී ගියේය. ප්‍රශ්නයක් නැත.
මේ අල්ලපනල්ලේ අවශ්‍යතාවට වෙළඳ සලකට යතුරු පැදියෙන් පැමිණ අයෙක් සිය යතුරු පැදි පෝලිම අස්සේ නවතා ගියේය. ඔහු තමාගේ අවශ්‍යතාවය ඉටුකරගෙන වෙළඳසල ඉදිරියට පැමිණියේය.
දෙවියනේ තමාගේ යතුරු පැදිය එහි දක්නට නොවීය.
ඒ සමගම ඔහුට තරු පෙනුනේය. වෙළඳ සලේ හිමිකරුට ද තමාගේ යතුරු පැදිය සොරකම් කොට ඇති බව කීවේය. තෙල් පෝලිමට ආ කෙනකු මේ යතුරු පැදිය සොරකම් කරන්නට ඇතැයි ඔවුහු සිතූහ. වෙළඳ සලේ
සී සී ටී වී කැමරා පරීක්ෂා කළේ ඒ සැකය ඔස්සේය.
බැලින්නම් ඔහුගේ යතුරු පැදිය තෙල් පෝලිමේ දිගින් දිගටම ඇදී යමින් තිබිණ. ඒ වෙනකොට යතුරු පැදිය තෙල් පිරවුම් පොළ ආසන්නයේය. ඒ සමගම දුක් වූ යතුරු පැදිය හිමිකරුට ආවේ සතුටකි.
ඒ පෝලිමේ නොසිට තෙල් ටිකක් ගසා ගන්නට තමන්ට හැකියාව ලැබීම ගැනය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd