කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
අංජනම්කරුවකු ඇන්දූ අපේ හාදයකු පිළිබඳ අලුත් කතාවක් ගාලු වැල්ලබඩ පත්තුවෙන් අසන්නට ලැබුණේ මේ මෑතකදීය.
ඔහු කියන අංජනම ටක්කෙටම හරිය. එය හරියටම කිරිගහට ඇන්නා වගේය. කොටින්ම කියතොත් බලාගෙන සිටියා වගේය. මේ නිසාම දුකට පත් ජනතාව ඔහු වෙත පෝලිමේ ගියහ. වැඩේ කියනුයේ ගියදාම අංජනම නොකීමය. ඒ වෙනුවට දිනයක් ගතයුතුය. ඒ දිනය දෙනුයේ ලබාදෙන දුරකතන ඇමතුම් අංකය සහ ලිපිනය අනුවය. එසේ දිනය ලැබෙන්නද කාලයක් ගතවේ.
මේ අංජනම්කරු වෙත මේ හාදයාද ගියේය. එහි ප්‍රතිපත්ති අනුව ඔහු තමාගේ නම දුරකතන අංකය දුන්නේය. ලිපිනයද එහි සටහන් කර ආවේය. කාලයක් ගෙවී ගියේය. ඔහුට අංජනම්කරුගෙන් කැඳවීමක් නොලැබුණේය. තවත් කාලයක් ගියද අංජනම්කරුගෙන් තමාට කිසිම කැඳවීමක් නොලැබුණේය. බැරිම තැන ඔහු එම අංජනම්කරු සොයාගෙන ගියේය. ඒ සඳහා මුලින්ම හමුවිය යුත්තේ අංජනම්කරුගේ සහයකයාය. ඒ අනුව ඔහු සහයකයා හමුවුණේය. තමාගේ දුක්ගැනවිල්ල කිව්වේය.
මෙතෙක් කලක් තමාට අංජනමක් බැලීමට කැඳවීමක් නොලැබුණු බව කීවේය. සහායකයා ඔහු පැමිණි පළමු දිනය ඇසුවේය. ඒ දිනය පොතෙන් හරවාගෙන දුන් ලිපිනය විමසීය. ඒ අනුව මේ හාදයා තමාදුන් ලිපිනය පොතේ සටහන් කරගත් තැන සහයකයාට පෙන්නුවේය.
අයියෝ මේකද ලිපිනය අපි මේ ලිපිනය ගැන සෙව්වා ඒ ලිපිනයේ එහේම කෙනෙක් නැහැනේ සහයකයා කිව්වා නොව හදිසියට ඔහුගේ කටින් පැන්නේය. මොකටද මගේ ලිපිනය ඔහු සහායකයාගෙන් ඇසීය. වෙන මොහොකටවත් නෙමෙයි මෙතනට එන අය කිලි කාරයන්ද කියලා සොයලා බලන්නයි අපි ලිපිනය ගන්නේ යයි සහයකයා ගොත ගසා කිව්වේය.
මිනිහට වැඩේ තේරුණේය. ආ එහෙනම් ඔයාගේ බොසා අසවලින් ආ තැනැත්තා එන්නයි කියා කතා කරලා බලන් හිටිය වගේ කියන්න හේතුව මේකයි කියමින් සහයකයා ද නිරුත්තර කරමින් එතනින් මාරුවුණාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd