බිරිඳගේ හොර අල්ලන්න ගොස් කවදාවත්ම නොසිතපු දෙයකට මුහුණ දීමට සිදුවූ පුද්ගලයකු පිළිබඳ කතාවක් කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
රැකියාව ලෙස කළේ කුරුඳු තැලීමය. ඒ ගමේම සම වයසේ එකෙකු සමගය. කාලයක් යද්දී දෙදෙනාම අඹ යහළුවෝ වූහ. කෑවේ බිව්වේද එකටය. මල් පැන් පොදක් රහ බැලුවේත් එකටය. දෙන්නා අතර රහසක් නැති තරම්ය. රැකියාවෙන් ඔබ්බට ගොස් දෙන්නට දෙන්නා හමුවීමට තැනක් නොතැනක් නැතිවිය. ඔහුගේ නිවස මිතුරාගේ නිවස මෙන්ය. මිතුරාගේ නිවස ඔහුගේ නිවස මෙන්ය.
මේ අතරවාරයේදී සිය බිරිඳගේ කැපීපෙනෙන වෙනසක් ඔහු දුටුවේය. අකුරු සාත්තරය හරි හැටි නොදත්තත් ඔහුට හොඳ ඉවක් තිබුණේය. බිරිඳගේ තත්වය එන්න එන්නම දරුණු විය.
ගොඩ පිළියම් යෙදුවත් ඊට පලක් නොවීය. ඔහු අඹ යහළුවාට ද මේ බව කීවේය. අඹයා කීවේ මේ තත්වය බිරිඳට ඇතිවීමට නම් ඇයට අනියම් සම්බන්ධයක් තිබිය යුතු බවය. එහිදී අඹ යහළුවා ඊට උපක්‍රමයක් කීවේය. ඔහුද එය එකහෙළාම පිළිගත්තේය. ඒ ඇයගේ හොරය අතටම අල්ලා ගැනීමය. ඒ සඳහා තමාගේ උපරිම සහයෝගය ලබාදෙන බවද මෙහිදී අඹයා කීවේය.
බිරිඳගේ හොර ඇල්ලීමට ඔහු හැමවිටම ගියේ අඹයා සමගය. ඒ ගිය සෑම අවස්ථාවකදීම ඇය නිර්දෝෂීය. ඒ නිසාම අඹයා ඇය නිදොස් කොට නිදහස් කිරීමට මිතුරාට කීවේය. ඔහුද ඒ අනුමත කළේය. ඒ නිසාම ඔහු සිය බිරිඳගේ අනියම් සම්බන්ධයක් නැතැයි සිතමින් කාලය ගත කළේය.
එදා උදේ අඹයා සිය මිතුරා වූ ඔහුට දුරකතන ඇමතුමක් දී කීවේ අසනීප තත්වයක් නිසා තමාට වැඩට ඒමට නොහැකි බවය. ඒ වනවිටත් ඔහු සිය රාජකාරිය ආරම්භ කර තිබුණේය. මිතුරා නැති ඔහුට එදා දහවල වැඩ කිරීම එන්න එන්නම කම්මැලි කාර්යයක් විය. එය වර්ධනය වීමත් සමග වැඩ අතරමග දමා සිය නිවසට ගියේය.
නිවසේ දොර වසාය. අඹ මිතුරාගේ යතුරු පැදිය මිදුලේය. නිදන කාමරය පැත්තට ගියේ පෑගෙන වැලිවලින් ශබ්දයක් නොනැගෙන සේ උඩින් උඩින්ය. අඹ මිතුරාගේ සහ ඇඹේනියගේ සිරික්කලය හිමි හිටය. ඔහුගේ හදවත පැලෙන තරම් දුකය. දෙනෙතින් කඳුළු කැට කඩා ඉහිරුණේ ඉබේටමය.
අනේ මචෝ උඹ මට එහෙමයි කියමින් අඬ අඬා ඔහු නිදන කාමරයේ ජනේලයට තඩි බෑවේය. ගියේ ටික වේලාවකි. මිදුල පැත්තෙන් යතුරු පැදියක් වේගයෙන් යන හඬ ඔහුට ඇසුණේය. අඹයා පැන ගියේය. ඇඹේනිය තවමත් ඇඳේය.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd