පෝද්දල සරත් ආනන්ද ගමගේ
තම වැඩ පරීක්ෂකවරයාට මවගේ අභාවය දැනුම්දීමට ගිය පුද්ගලයකුට අමුතුම ආකාරයේ ප්‍රතිචාරයක් ලැබී ඔහු තුෂ්ණිම්භූත වූ පුවතක් ගැන දකුණු පළාතේ ප්‍රසිද්ධ නගරයකින් පසුගියදා අසන්නට ලැබුණි.
මෙය ප්‍රදේශයේ සමුපකාර ආයතනයකට අයත් ප්‍රසිද්ධ කොන්ක්‍රීට් නිමැවුම් නිෂ්පාදන වැඩ බිමකි. එහි සේවකයෝ විස්සක් පමණ දිනපතා රාජකාරියේ යෙදිති. මැදිවිය ඉක්මවූ ගුණ යහපත්කම් ඇති පුද්ගලයෙක් මෙහි වැඩ පාලකයා ලෙස කටයුතු කරයි. කිසිවිටෙක කේන්ති නොගන්නා සියල්ල සුබවාදීව දකින හෙතෙම සියලු සේවකයින්ගේ හිත දිනාගත් පුද්ගලයෙකි. “හොඳයි. බොහොම හොඳයි !” කියන වචන දෙක ඔහුගේ මුවින් නිතර නිතරම පිටවන්නේ ඔහුගේ නිවුණු ගති ස්වභාවය නිසාමය.
පසුගිය දිනක රාජකාරී කෙරෙමින් යන අතරතුරදී ඔහු අසලට පැමිණි සේවකයෙක් ඔහුගේ මව මියගිය ගොස් ඇති බව ගෙදරින් දැනුම් දුන්නා යැයි පවසා ඇත. වැඩ පාලකවරයාද තමාට පුරුදු පරිදි වෙනදා මෙන් “හොඳයි. බොහොම හොඳයි !” යනුවෙන් පිළිතුරු දී ඇත. පණිවුඩය දැනුම් දුන් පුද්ගලයා මහත් විස්සෝපයෙන් ඔහු දෙස බලාසිට ආසන්නයේ තිබුණු බැරල් එකකට පයින් ගසා පෙරළා දමා මහත් වේගයෙන් එම ස්ථානයෙන් පිටවී ගියේය. වැඩ පරීක්ෂකවරයාද සිදුවූයේ කුමක්දැයි තේරුම් බේරුම් කරගැනීමට නොහැකිව මොහොතක් බලාසිට ගෝලයා ගිය දෙසටම ඇවිද ගියේය.
මව මියගොස් ඇති පුද්ගලයා තම සහෝදර සේවකයින් අසලට ගොස් තමා මුහුණ දුන් අත්දැකීම පැවසුවේය. එය අැසූ සේවකයෝ වහාම තම වැඩ පරීක්ෂකවරයා සොයායාමට හැරෙත්ම ඔහුද ඒ ආසන්නයට පැමිණෙමින් සිටියේය. සිදුව ඇති අලකලංචිය ගැන සේවකයෝ ඔහුව දැනුම්වත් කළෝය.
සිද්ධිය ඇසූ වැඩ පරීක්ෂකවරයා තමාගේ වචනයේ බැරෑරුම්කම වහාම වටහාගෙන, මව අන්ත්‍රාවූ පුද්ගලයා සොයාගෙන ගොස් ඔහුගෙන් සමාව අයැද, සිත සනසා ඔහුට නිවාඩුද අනුමත කරදී නිවසට යාමටද කටයුතු සම්පාදනය කර දුන්නේය.
මේ සිද්ධිය ආයතනයෙන් පිටතටද මේ වනවිට පැතිරගොස් ඇති අතර ඔහුට “බොහොම හොඳයි බාසුන්නැහේ” ලෙස නමක්ද පටබැඳී ඇතැයිද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd