මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම.
තෙල් ගැසීමට යතුරු පැදියක් තබාගෙන දිගු පෝලිමක බොහෝ වේලාවක් රැඳී සිටි කාන්තාවකට අපහසුතාවයකින් තොරව තෙල් ගැසීමට උදව් කරපු තරුණයකුට ඇය කළ උපකාරයට ප්‍රති උපකාරයක් ලෙසට ගුටි පූජාවකින් සංග්‍රහ කළ පුවතක් ඇතුගල්පුරවරයේ ගැමි පෙදෙසක ඉන්ධන පිරිවුම් හලක් අසලින් අසන්නට ලැබුණි.
මැද පෙරදිග පවතින යුද්ධය නිසා අනියත බියක් ඇතිකර ගත් මෙරට ඉන්ධන පිරවුම්හල් අසල ද දිගු පෝලිම්ය. අත්‍යවශ්‍ය වාහනවලට පෝලිමකින් තොරව තෙල් ගැසීමට අවසරය ඇත. ඒ අතරේ එහි ආරක්ෂාවට සිටින පොලීසිය හා ඉන්ධන පිරවුම්හල්වල සේවය කරන දන්නා හඳුනන අය බාධාවකින් තොරව තෙල් ගසා පිටවී යති.
ඇතැමුන් පෝලිමේ රැඳි එකා පසුපස එකා ගමන් කරන්නේ ඔවුනට දන්නා හඳුනන උදව් උපකාර කිරීමට කිසිවකුත් එහි නොමැති නිසාය.
එසේ තෙල් ගැසීමට පැමිණි රූමත් තරුණියක පෝලිමක කෙළවරේය. එකෙක් ඇය අසලට පැමිණියේය. නාඳුනන ඔහු දන්නා හඳුනන අයකු මෙන් ඇයට සමීප වුණේ අන් අයට නොදැනෙන්නට ය.
”නංගි මං තෙල් ටික ගහලා දෙන්න ද ”ඔහු ඇසුවේය. ”අනේ ඔයාට පුළුවන් ද ? ඒක කොච්චර හොඳද” ඇය කීවාය.
එහෙනම් ඔයා මට බයික් එක දෙන්න. අන්න අර එහා පැත්තේ පෝලිමේ මගේ බයික් එක තියෙනවා. ඔයා එතැන ඉන්න. මට ඔයාගේ බයික් එක දෙන්න ටක් ගාලා තෙල් ටික ගහගෙන මම එන්නම්.” ඔහුගේ වදනට ඇය කැමැති වූවාය.
පැය ගණනක් හිටියත් තෙල් ගැසීමට බැරි වෙන ඇයට ඔහු තෙල් ටික ගසා දුන්නේය. ඇය නිම්හිම් නැති සතුටකින් දිව ගොස් ”බොහොම පිං අයියේ” යැයි පවසා ගෙදර යාමට තම යතුරු පැදියට ගොඩ වූවාය.
ඔහු ඇයගේ යතුරු පැදියේ හැඩලය අල්ලා ගත්තේය. ඇයගේ ගමනට බාධා කළේය. දෙදෙනා අතරේ සංවාදයකි. ගත වූවේ නිමේෂයකි. ඇය ඔහුගේ මුහුණ දෙසට පහර පිට පහර දුන්නාය.
අවට අය එතැනට දිව ගොස් ඔහු බේරා ගන්නා අතරේ යතුරු පැදිය පණ ගැන් වූ ඇය එතැනින් නික්ම ගියාය.
”කැත හිතකින් ඇයට උදව් කරලා ඇයගේ ආදරය බලෙන් ඉල්ලු අනංගයාට හොඳ වැඩේ ” පෝලිම් කඩාගෙන යනවා දුටු අය දොස් පිට දොස් පැවසීමේ දී ලැජ්ජාවට පත් හෙතෙම කම්මුල අත ගගා පෝලිමේ තබා තිබු තම යතුරු පැදිය ද ඉවතට ගෙන තෙල් ගැසීම පසෙක තබා ඔහු ද එතැනින් ඉවතට පලා ගියාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd