උගුල් අටවන්න ගිහින් මීයාට ඇන්දවිලා කාලයක සිට සිය නිවසේ පවතින මීයන්ගේ කරදරයට විසඳුමක් වශයෙන් එම සතුන් මරණයට පත් නොකර ජීවග්‍රහණයෙන් අල්ලා පිටතට රැගෙන ගොස් මුදාහැරිය හැකි උගුලක් අටවා දින තුනක් එක දිගට රාත්‍රි කාලයේදී එමඟින් සාර්ථක ප්‍රතිඵල අත්වීමක් පිළිබඳව සතුටට පත් පුද්ගලයකු ඒ බව පසු දින අසල්වැසි මිතුරෙකුට කියන්නට ගොස් ඔහුගේ උපදෙස් මත සිදුකළ පරීක්ෂණයකට අනුව ගෙහිමියා පෙරදිනවල මීයන් ඇල්ලූ වාරයක් පාසා මීයකුද ගෙහිමියා අන්දවා ඇති බව කියන පුවතක් පසුගියදා සාලියවැව ප්‍රදේශයේ ගමකින් අනාවරණය 12 July 2025
බත් පාර්සලයෙන් සායම සේදෙයි සැමියාගේ උපන් දිනයට බිරිය සකසා දුන් බත් පාර්සලයෙන් සැමියාගේ සායම සේදී ගිය පුවතක් මාතලේ හා කුරුණෑගල දිස්ත්‍රික් මායිම් ඉසව්ව අවට ගම්මානයකින් ඇසුණි. විවාහක සැමියා රාජ්‍ය ආයතනයක සේවය කරන අතර බිරියද වෙනත් ප්‍රදේශයක සේවය කරන්නීය. 12 July 2025
කරවල කූර්රයා බෑගයට රිංගලා මෙය මැණික් පුරයේ බලංගොඩට නොදුරු එක්තරා ගමක සිදුවීමකි. ඔහු විවාහකයෙකි. රැකියාව වශයෙන් කරන්නේ විවිධ දේ වගා කිරීමයි. ඒවා සතියකට වරක් නගරයට රැගෙන ගොස් අලෙවි කරයි. මෙම වගාවන් අලෙවියට රැගෙන යන්නේ ඔහුය. 12 July 2025
තහනම් ගෙඩි කන්න ගිහින් එළිවෙනකම් කට්ට කාලා තහනම් ගහේ ගෙඩි කන්න ගොස් අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ. සැමියා රටය. ඒ පාළුව කාන්සිය ඇය මග හරවා ගත්තේ අනියම් ඇසුරකිනි. ඔහු ඇය හමුවීමට රෑට රෑට එන්නේ යතුරු පැදියෙනි. ඒ සැමටම හොරාය. එහෙත් ගමේ කොල්ලන්ගේ කණට මෙය ගියේය. තහනම් ගහේ ගෙඩි කන මේ ජෝඩුවට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට ගමේ කොල්ලෝ අර ඇන්දාහ. 11 July 2025
හොරෙන් කාලා අතේ මාට්ටු මෙය සබරගමුව පළාතේ බලංගොඩට නුදුරු එක්තරා ගමක සිදු වූ අපූරු කතා පුවතකි. ඔහු ගමේ පදිංචි අයෙකි. ගොවිතැන් කටයුතුවලට අමතරව කාගේ හෝ කුලී වැඩක් කරන්නේය. 10 July 2025
ෆොටෝ ගන්න ඇවිත් පටිරෝල් වෙලා සිය මිතුරාගේ හිත නොතලා මිතුරා තමාගේ ඡායාරූපය අවභාවිත කිරීම වැළැක්වීමට ගත් පොලිස් ලොක්කෙකු පිළිබඳ කතාවක් දකුණේ ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ. මේ පොලිස් ලොක්කා එදා පැමිණියේ තමා ඉගෙනගත් පාසලේ උත්සවයකටය. ඒ නිල ඇඳුමෙනි. උත්සවය අවසන් වූ පසු පොලිස් ලොක්කාට සමකාලීනයෝ රැසක්ම හමුවූහ. එහිදී ආගිය තොරතුරු ද කතා කෙරිණ. සමහරු ඔහු සමග එකට සිට ඡායාරූප ගැනීමට ද පටන් ගත්හ. පොලිස් ලොක්කා උස්පහත් බේදයක් නැතිව කා එක්කත් නිල ඇඳුමෙන්ම ඡායාරූප වලට පෙනී සිටියේය. 09 July 2025
අනුන්ගේ ලණු කාලා රස්සාවටත් තට්ටුවෙලා මිතුරු කැලගේ මුසා බස්වලට රැවටී වාචාලකම් දොඩන්නට ගිය සේවකයකුට වහාම විනය පරික්ෂණයක් සදහා පෙනී සිටීමට සිදු වු සිද්ධියක් හස්තිශෛලපුරවරයෙන් අසන්නට ලැබෙයි. සිද්ධිය සැකෙවින් මෙසේය. 08 July 2025
මැස්සකු වැටී ඩබල් ගෙවන්න වෙලා රජයේ සේවකයකුට හෝටලයක දී මැස්සකු නිසා මුහුණ දීමට සිදු වූ අකරතැබ්බයක් පිළිබඳ පුවතක් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. අදාළ සේවකයා උදෑසන දහයට පමණ තේ බීමට මෙම හෝටලයට ඇතුළුවී වේටර් මහතා අමතා ටී එකක් ගෙන දෙන මෙන් කියා සිටියේ ය. ඇණවුම ලැබුණ සැණින් ගිය වේටර් මහතා හැරෙන තැපෑලෙන් ටී එක මේසය මතට රැගෙන ආවේ ය. 07 July 2025
හෙල්මටයක් දාගෙන පා පැදියේ ගිහින් නිවසේ සිට උදෑසන සැමියා සමග සිය සේවා ස්ථානයට රැකියාවට ගිය තරුණ කාන්තාවක සවස වැඩ ඇරී හෙල්මටයක් පැලඳ පාපැදියකින් ආපසු නිවසට පැමිණි පුවතක් වයඹ පළාතේ උතුරු දිසාවට අයත් ප්‍රදේශයකින් පසුගිය දිනක අසන්නට ලැබුණි. 04 July 2025
මුට්ටියේ හිලෙන් බර බරේ දාලා නැන්දම්මාගෙන් හොඳක් ඇසීමට අලුත ගෙනා ලේලිය වෙර දැරුවත් අවසානයේ හොඳ නරකට පෙරලුණු පුවතකි මේ. සිද්ධිය ඇසෙන්නේ වයඹ පළාතේ රක්ෂිතයක් අවට ගැමි ගම්මානයකිනි. 03 July 2025
දඩ කොළෙන් රාලහාමිට තරු පෙනිලා යතුරුපැදිය නවතා දඩ කොළය ලියූ පුද්ගලයා රෝහලේ දී දැක දෙවියන් සිහිවූ පොලිස් නිලධාරියකු පිළිබඳව පුවතක් එක්තරා ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය, ඔහු ඉතා කරුණාවන්ත හොඳ හිතක් ඇති වෛද්‍යවරයෙකි. ඔහු එම ගමේම රෝහලක සේවය කරන වෛද්‍යවරයකු වන අතර ඔහු ගමේ හැසිරෙන්නේ සාමාන්‍ය පරිදිය. වෛද්‍යවරයෙකු කියා නොසිතන ඔහු ගමේ මිත්‍රයන් සමග නිවාඩු දිනවලදී කඩ පිල්වල දාමක් අදිමින් කතා බහේ යෙදෙයි. 02 July 2025
චාටු බහට රැවටී රන්මාලය වාෂ්ප වෙලා මහමගදී හමුවූ මැදිවියේ යුවළක් වයෝවෘද්ධ කාන්තාවක සමඟ හිතවත් වී ඇයගේ ගෙලෙහි වූ රන්මාලය බලන්නට අවශ්‍ය යැයි පවසා එය ගලවා දුන් පසු එයත් රැගෙන අතුරුදන් වීම නිසාවෙන් මහමග අසරණ වූ වයෝවෘද්ධ කාන්තාවක පිළිබඳ පුවතක් පාදුක්ක ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. සිද්ධිය මෙසේය. 01 July 2025
කරාබුව පැටලී රෙදි ගලෝගෙන තරුණියක සිය නාභියට පැලඳවූ කරාබුව දුම්රියේ ගමන් කළ පාසල් යන දැරියකගේ ගෙතූ කොණ්ඩයේ පැටලීමෙන් ඇති වන්නට ගිය රණ්ඩුවක් වළක්වන්නට වයෝවෘද්ධ විශ්‍රාමිකයකු උත්සාහ ගත් පුවතක් පසුගියදා බස්නාහිරට නුදුරු වයඹ පළාතේ දුම්රිය ස්ථානයකින් වාර්තාවිය. 30 June 2025
මව අන්දවා පදමට ගහලා මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගමක සිදුවූ අපුරු සිදුවීමකි. ඇය වයෝවෘද්ධ කාන්තාවකි. සිය සැමියා වසර කිහිපයකට ඉහතදී මිය ගියේය. ජීවත් වූයේත් රජයෙන් ලැබෙන පිං පඩියෙන් හා අවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන උදව් උපකාර වලිනි. දරුවන් දෙදෙනකු සිටියද ඔවුන් තම මව ගැන එතරම් සොයා බැලුවේ නැත. ඔවුහු විවාහ වී දරුමල්ලන් හදාගෙන වෙන වෙනම ජීවත් වූහ. 29 June 2025
බත් පතට දොස් කී සැමියාට රිලවුන්ගෙන් යස පාඩමක් නිවසේ බිරිඳ දැඩි වෙහෙසක් දරා පිස දෙන බත් පතටත් නිතර දොස් කියන සැමියකුට රිළවකු නිසා දවස පුරා බඩගින්නේ සිටීමට සිදුවූ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. 28 June 2025
වාත අමාරුවට බේත් ගන්න වින්කලයට ගිහින් වාත අමාරුවට බෙහෙත් ගන්න ගිය පුද්ගලයකු වැරදි තොරතුරකින් වින්කලයක් වෙත ගොස් අමාරුවේ වැටුණු සිද්ධියක් ගම්බද ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය, ඔහු ගමේ කුලී වැඩ කරන පුද්ගලයකි. ඔහු ගමේ හැම ගෙදරකටම පාපැදියෙන් ගොස් කුලී වැඩ කර ජීවත් වෙයි. මේ අතර ඔහුට වාත අමාරුවක් හැදී ඇති අතර ඔහු ඒ සඳහා ගොඩවෙදකම් සොයා කරමින් සිට ඇත. 28 June 2025
ගුරුකම් කරන්න ගිහින් බඩ කට පුරා ගුටි කාලා නොදන්නා ගුරුකම් කරන්න ගිය ආවතේව කරුවෙකුට ගුරුකම් කිරීමට ගිය නිවැසියන්ගෙන් බඩකට පුරා ගුටි කෑමට සිදුවූ පුවතක් දකුණු පළාතේ පිටිසර ගම්මානයකින් පසුගියදා වාර්තා විය. 28 June 2025
ලෙඩා බලන්න ගියාම හොදවැයින් සංග්‍රහයක් දීලා ගම්බද පෙදෙස්වල අයට ඇත්තේ පුදුමාකාර බැඳීමකි. කෙනෙකුගේ සැපතට වඩා දුකේදී එකිනෙකා එක්ව ඔවුනගේ දුකට පිහිට වෙන අවස්ථා එමටය. මේ එලෙස ධනවත් පවුලක දුක බැලීමට ගිය අවට සිටින දුප්පත් පවුලකට අත් වූ අකරතැබ්බයකි. එය ඇසෙන්නේ ගල්නෑව මහවැලි ජනපදය අවට ප්‍රසිද්ධියක් උසුලන පෙදෙසකිනි. ගමේ පිනට දහමට පොදු වැඩවලට සහාය දෙන අඹු සැමි යුවළ අතරේ සිටි සැමියා හදිසියේ මිය ගියේය. 28 June 2025
බෝතල් මාරු වී ජංජාලයයි බෝතල් මාරු වීමෙන් සිදු වූ අකරතැබ්බයක් හේතුවෙන් ලැජ්ජාවට පත් වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. 28 June 2025
ගාණ පැටලී ඩබල් තට්ටුවෙලා අක්‍රීයව පැවැති බැංකු ගිණුමේ තිබූ මුදල ලබා ගැනීමට එම මුදල මෙන් දෙගුණයකට වැඩි මුදලක් වැයකරමින් කිලෝමීටර් එකසිය පනහක් පමණ දුරක් ගිය පුද්ගලයකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 27 June 2025
හාල් කොටාගන්න ගිහින් පටි රෝල් කරගෙන මෝලකින් සහල් කොටවා ගැනීමට පැමිණි ගම්වැසියන් දෙදෙනෙකු මුහුණදුන් අලකලංචියක පුවතක් හොරගල ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. කථාව මෙසේය. 26 June 2025
තුවාලයට බේත් ගන්න ගියාම දුම් අල්ලලා කකුලේ ඇතිවුණු දරුණු තුවාලයකට බෙහෙත් ගැනීමට ගිය රෝගියකුට දුම් ඇල්ලීම නිසා වෛද්‍යවරයාට “ශුද්ධ ඉංග්‍රීසියෙන්” ඇමතු කතාවක් රජරට පළාතේ රෝහලකින් අසන්නට ලැබුණි. කතාව සැකෙවින් මෙසේය. 25 June 2025
පුතාගේ ආදර්ශයෙන් දත කට පූට්ටු වෙලා ධනය, නිලය, බලය, කොතෙක් තිබුණත් ඒ ඇසුරේ හැදෙන වැඩෙන දරුවන් ආදර්ශයට ගන්නේ ඒ මව්පිය ඇසුරය. මේ එවන් කතාවකි. එය ඇසෙන්නේද මෙරට සිව් වැනි රාජධානි පුරවරයට අයත් ගැමි පෙදෙසකින් ය. සිද්ධිය සැකෙවින් මෙසේය. 24 June 2025
හෙප්පුවෙන් ගංජා මතුවී මගුලත් කැඩිලා මනාලිය බැලීමට ගිය මනාලයාට පිරිනැමුණු බුලත් හෙප්පුවෙන් ගංජා මතුවීම නිසා මගුල නැවතුණ පුවතක් බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය, 23 June 2025
සූර්වී පොල් හොරුන්ගේ ගැටේට අහුවෙලා පොල් වත්තක් මුරකරන්නට ගොස් තම ගිනි අවිය සහ විදුලි පන්දම අහිමි කරගත් අයෙකු ගැන කථාවක් දෙනියාය බටාදුර ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. කථාව මෙසේය. 21 June 2025
මිත්තණිය වැහී ලොක්කාගේ පළු ඇරලා එක්තරා පොලිස් ස්ථානයක සේවය කරන පොලිස් කොස්තාපල්වරියකට මිය ගිය ඇගේ මිත්තණිය ආරූඪ වීම හේතුවෙන් පොලිස් ස්ථානාධිපතිවරයා බිය වී හදිසියේ රෝගාතුර වී නිවාඩු ලබා සිටින බව එම පොලිසියේ සේවය කරන සෙසු පොලිස් නිලධාරිහු කියා සිටිති. 20 June 2025
නාන්න ගිහින් ඇදගෙන නාලා අනුන්ගේ නිවෙසකට හොරෙන් දිය නාන්නට රිංගූ කතක වතුර පිටින්ම එළියට ඇද දැමූ පුවතකි මේ. සිද්ධිය ඇසෙන්නේ වයඹ පුරවරයෙනි. එය සැකෙවින් මෙසේය. 19 June 2025
ඉඳිආප්පෙටත් මීටරය නැගලා උපන් දින උත්සවයක් වෙනුවෙන් දහවල් ආහාර අනුභවය සඳහා ඇණවුම් කළ ඉදි ආප්පවල ගාස්තුවට අමතරව ඉඳිආප්පයක් සඳහා රුපියල් එකයි පනහ බැගින් ප්‍රවාහන කුලියක් අයකර ගත් පුවතක් සත්කෝරළයට අයත් ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. 18 June 2025
සිසිල් පැන් දන්සලේ ඇල්වතුර දීලා පෝයට දෙන්න සිසිල් පැන් දන්සලකට මුදල් එකතු කර ඇල් වතුර දන්සලක් දුන් පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. ඔහු ඒ ගමේ කුලී වැඩ කර ජීවත් වන පුද්ගලයෙකි. විවාහක දරුවන් සිටින ඔහු උපන් ගෙයි මෝඩයකු වුවද කපටියෙකි. අධික ලෙස මත්පැන් පානය කරන ඔහු මත්පැන් බොන්නේ ඔහුගේ මුදලින් නොව කවුරුන් හෝ අන්දාගෙනය. 17 June 2025
පුරුද්දෙන් අලි අමාරුවක වැටිලා තෙදින පුහුණුවක් සඳහා ගොස් අවසන් දින රෑ ඇඟ රත්කර ගැනීමට තැබෑරුමකට රිංගා තමාගේ පුරුද්දක් නිසා අලි අමාරුවක වැටුණු අයෙකු පිළිබඳ කතාවක් අසන්නට ලැබේ. මේ තෙදින පුහුණුව පැවතියේ කොළොම්පුරේ ශාලාවකය. වැඩසටහන සංවිධානය කොට තිබුණේ රාජ්‍ය නොවන සංවිධානයකිනි. මේ කතානායකයාද ද ඒ සඳහා ගොස් සිටියේය. වැඩසටහනේ අවසන් දින රාත්රියේදී කට්ටියම ඇඟ රත්කර ගැනීමට කතා කර ගත්තෝය. ඒ අනුව කට්ටියක් නගරයේ තැබෑරුමකට රිංගූහ. 16 June 2025
ආණ්ඩුවේ හැම සල්ලියක්ම යන්නෙ වැරදි ගිණුම්වලට මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම් වලට යැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය... 13 June 2026