පෝද්දල සරත් ආනන්ද ගමගේ
ලාබාල තරුණයකු සමඟ ලැගුම් හලකට රිංගූ දෙදරු මවක ඥාතීන් විසින් ගෙදර ගෙනැවිත් අවවාද කොට, සෙත් ශාන්තියක්ද කිරීමෙන් අනතුරුව ඇය පෙම් කළ තරුණයා සමගම පැනගිය පුවතක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
මෙම ගමේ නිවසක දැරියක වැඩිවිය පැමිණීමේ ප්‍රීතිය නිමිත්තෙන් මංගල උත්සවයක් සංවිධානය කෙරුණි. දැරියගේ මවුපියන් අතමිට සරුවූවෝ බැවින්ද එකම දියණිය බැවින්ද කොටහළු මගුල මහත් ඉහළින් පැවැත්වීමට තීරණය විය. ඒ සඳහා සම්පූර්ණ කොන්ත්‍රාත්තුවම පළාතේ ප්‍රකට කේටරින් සමාගමකට පවරා තිබුණි.
නියමිත දිනයේ වත්ත පුරා මඩු ඉදිකර සැරසිලි දමා පාට පාට විදුලි බුබුළු වලින් ගස් වැල්ද හැඩකර අලංකාරවත් කර තිබුණි. කේටරින් සමාගමෙන්ම උයා පිහා ගෙනෙන ලද රසවත් බොජුන් නිවසේ මුලුතැන් ගෙයි තැන්පත් කර තිබුණි. එම කේටරින් සමාගමේ තරුණයෝ සිව් දෙනෙක් කෑම බීම සැපයීමට කැපවී සිටියහ.
නිවසේ ඇත්තන් මුලුතැන් ගෙයි වැඩ අධීක්ෂණය සඳහා තම හොඳම හිතවතිය වන අසල්වැසි නිවසක දෙදරු මවක වන කාන්තාවක පත්කර තිබුණි. මංගල සාදය අතරතුර කේටරින් සමාගමේ තරුණයකු හා මේ කුස්සිය බාරගත් කාන්තාව අතර ඇයි හොඳයිකමක් ඇතිවී තිබේ. මේ ඇයි හොඳයිය මංගල සාදය අවසන්වන විට ආදර අන්දරයක් බවට පත්වී තිබේ.
පසුව මෙය බොහෝ දුර දිග ගොස් ඇති අතර යුවළ අවස්ථා කීපයකදීම පෙම් සුව විඳීමට ලැගුම්හල් වලටද රිංගා ඇත. මේ පලහිලව්ව ගැන කනින් කොනින් ඉව වැටී තිබුණු සැමියා ඇතුළු ඥාතීන් ඇය පිළිබඳව සෙවිල්ලෙන් සිට ඇති අතර එක් දිනකදී මොවුන් දෙදෙනා අල්ලා ගැනීමට ඔවුහු සමත්ව සිටියහ.
එහිදී තරුණයාටද අතින් පයින් සංග්‍රහයක්ද ලබාදී අර කාන්තාව නිවසට කැඳවාගෙන ආවේය. දරු දෙදෙනා ගැන සිතා ඔය පව් සිතුවිලිවලින් මිදෙන ලෙස ඥාතීන් ඇයට අවවාද කර විවාහය කඩාකප්පල් කර නොගෙන සැමියා සමග සතුටින් සිටින ලෙස ඉල්ලා ඇත.
පසුව ඔවුහු ඇයට අපල කාලයක් උදාවී ඇතැයි කියමින් සෙත් ශාන්තියක් කිරීමටද කටයුතු කළහ. ඒ සඳහා ප්‍රදේශයේ ජනප්‍රිය කට්ටඩියෙකු කැඳවා ශාන්තිකර්මයක් කර අපල දුරුවීම සඳහා දෙහි කැපීමක්ද සිදු කළේය.
සියලු කටයුතු හොඳින් සිදුවනු ඇතැයි විශ්වාසයෙන් පැමිණි ඥාති හිතවතුන් සෙත් ශාන්තියෙන් අනතුරුව එම නිවසින් පිටව යන්නට සූදානම් වූ අතර මේ අවස්ථාවේ ඔවුන්ට දැනගන්නට ලැබී ඇත්තේ අර කාන්තාව නිවසින් අතුරුදන්ව ඇති බවයි.
තව දුරටත් ඒ පිළිබඳව සොයා බැලීමේදී හෙළිවූයේ ඇගේ ඇඳුම් පැලඳුම් හා කනකරාභරණද නිවසේ නැති බවයි. ශාන්ති කර්මය නිමාවෙනවාත් සමගම ඇය පාන්දරම අර තරුණයා සමග පැනගොස් ඇති බව කාට කාටත් තේරුම් ගොස් ඇත්තේ ඉන් අනතුරුවයි.
මේ වනවිට සිද්ධිය ප්‍රදේශය පුරාම පැතිර ගොස් ඇති අතර කතාව ඇසූ බොහෝ දෙනා ශාන්ති කර්මය නියමෙට වැඩකර ඇතැයි පවසන බවද කියැවේ.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෙත් ශාන්තිය වැරදී දෙදරු මව පෙම්වතාත් එක්ක පැන ගිහින්
Pradeep Kumara Tuesday, 04 November 2025 12:12 PM
කලබල නොවී ඉන්න. තව සතියකින් නැත්නම් උපරිම දෙකකින් ඔය කාන්තාව නැවත එනවා, එන්න සිදුවෙනවා. මොකද ඔය කොල්ලා කීයටවත් ඔය ගෑණු මනුස්සයාව කසාද බැදලා තියා ගන්නේ නෑ. එයාගේ ඕනෑ එපාකම් ඉටුකර ගත්තාම එලවනවා.
ගුණරත්න Tuesday, 04 November 2025 02:49 PM
රටේ මිනිස්සුත් මේ ගෑණු මනුස්සයා වගේ තමයි. කයිවාරු පප්පලා වගේ කතා වලට රැවැටිලා ඡන්දය දීලා දැන් අමාරුවේ වැටිලා ඉන්නවා.
namal kumaraTuesday, 11 November 2025 06:15 PM
ඔයාලා වගේ හරක් දැන් අඩුයි ...