කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ගෙවත්තේ පවත්වාගෙන ගිය ඖෂධ උද්‍යානයේ සිටුවීමට මිතුරා දුන් අපූරු බෙහෙත් පැළයකින් අමාරුවේ නොවැටී යාන්තමින් බේරුණු අයකු පිළිබඳ පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
පරිසර හිතකාමියකු බැවින් ඔහු සතා සිවුපාවාට මෙන්ම ගහ කොළට ද ආදරය කළේය. ඔහුට විශ්‍රාමික දිවිය එය උද්දීපනය කර ගැනීමට බෙහෙවින්ම උපකාරයක් වූවේය. මේ නිසාම ඔහු අපේ රටට ආවේනිකවූ එහෙත් දැනට වඳවීයාමේ දැඩි තර්ජනයට ලක්වී ඇති බෙහෙත් පැළෑටි සොය සොයා සිය ගෙවත්තේ සිටුවීමට ඔහු උනන්දු විය.
සිය ගෙවත්ත මේ කාර්ය සඳහා ඕනෑවටත් වඩා ඉඩකඩ තිබිණ. ඔහු ඒ සඳහාම වෙනමම බිම් කඩක් වෙන්කර ගෙන එය ඖෂධ උද්‍යානය ලෙස නම් කිරීමටද පියවර ගත්තේය.
දැන් ඔහුගේ විශ්‍රාම දිවිය ගෙවෙන්නේ මේ ඖෂධ උයනේය. සිය නිවසට එන එන අයට තමාගේ ඖෂධ උයන පෙන්ව පෙන්වා ඔහු ලබන සතුට සැනසීම මෙතෙකැයි කියා වචනයෙන් විස්තර කිරීමට වචනද නොමැති තරම්ය. ඒ තරමටම දිනෙන් දින මේ ඖෂධ උයන වර්ධනය වෙමින් පැවතියේය. එහි බෙහෙත් පැළෑටි වර්ග රැසකි. ඒවා පිළිවෙළටය. ඒ නිසාම මේ උයන බෙහෙත් පැළෑටිවලින් අලංකාරයවී තිබිණි.
ආරක්ෂක අංශයේ සේවය කළ මිතුරෙකු ඔහුව බලන්න නිවසට එන්නේ මේ අතරවාරයේදීය. සිය නිවසට එන අනෙක් අයට මෙන්ම මේ මිතුරාටද ඔහු සිය ඖෂධ උයන පෙන්වීමට රැගෙන යනුයේ එහි පම්පෝරියද ගසමිනි.
මිතුරා ඔහුගේ ඖෂධ උයනේ ඇති බෙහෙත් පැළෑටි එකින් එක බලමින් ගියේය. එහිදී ඔහු තමාට දැක පුරුදු එක් පැළයක් ළඟ නතරවූවේ ඉබේටමය. ඔහු මේ පැළය පිළිබඳව මදක් කල්පනා කළේය.
දෙයියනේ මේ තණමල්විල ප්‍රදේශයේ රාජකාරී කිරීමේදී අත් අඩංගුවට ගෙන ගිනි තියා විනාශ කරන කංසා පැළයක් බව ඔහුගේ චිත්ත සන්තානයට ආවේය. මෙය සිය මිතුරාට කී පසු ඔහු ඔලුවේ අත ගසා ගත්තේ එම කංසා පැළය උදුරා දමමිනි.
කවුරුන් හෝ ඔහු නොමග යවා ඇත්තටම වඳවීයාමේ දැඩි තර්ජනයට ලක්ව තිබෙන බෙහෙත් පැළෑටියක්වූ කංසා පැළයක් ලබා දී ඇති බව දෙමිතුරන්ට අවබෝධ විය. දැන් සැදෑ සමයේ සිටින ඔහුට මේ අපූරු බෙහෙත් පැළෑටිය දුන් තැනැත්තා සිහියට එන්නේම නැතිලු.
2025 දෙසැම්බර් මස 18
681
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපූරු බෙහෙත් පැළයෙන් අමාරුවේ නොවැටී බේරිලා
ගුණරත්න Friday, 14 November 2025 03:53 PM
අපරාදේ, මස් උයනකොට කොළ ටිකක් දාන්න තිබ්බා.