කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ
අවමංගල්‍යයක් මංගල උත්සවයක ස්වරූපයෙන් පැවැත්වීමට ගොස් සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව පුවතක් මහනුවරට ආසන්න වූ ප්‍රදේශයකින් පසුගිය දා වාර්තා විය.
මෙම සිදුවීමට අනුව මියගිය පුද්ගලයා ව්‍යාපාරිකයෙකි. ඔහු ප්‍රදේශයේ සමාජ සහ ආගමික කටයුතුවලට ඉහළ දායකත්වය ලබාදුන් පුද්ගලයෙක් විය.
හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මෙම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු එදිනම මියගියේ ප්‍රදේශයේ කාගේත් නෙතට කඳුළක් එක් කරමිනි.
සවස්වන විට ඔහුගේ අවමංගල්‍ය කටයුතු සඳහා නිවස සූදානම් කළ අතර යාබද නිවසක පැමිණෙන්නන් සඳහා ආහාර ලබාදීමට තීරණය කර තිබිණි.
ඒ අනුව මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු පසු දිනයේ දී සිදු කීරීමට තීරණය කර තිබූ බැවින් පැමිණෙන පුද්ගලයන් සඳහා දිවා ආහාරය ලබාදීමට කටයුතු ද ලහිලහියේ සූදනම් කෙරිණි.
පසුදින උදෑසන සිට ආහාර ලබාදීම සඳහා මරණාධාර සමිති නිලධාරීන් ඇතුළු පිරිස් කඩි මුඩියේ කටයූතු කළ අතර මධ්‍යහ්නය එළඹීමත් සමග ආහාර ලබාදීම ආරම්භ කෙරිණි.
මෙහිදී අවමංගල්‍ය සඳහා පැමිණෙන පිරිස කෙමෙන් කෙමෙන් වැඩිවන බව දුටු නිවැසියකු බත් සමඟ ලබා දෙන වෑංජන ප්‍රමාණය අඩු වෙතැයි සිතා ඔහු යෝජනාවක් කළේය. ඒ වෑංජන බෙදා දීම සඳහා හැඳී අතැති පිරිසක් යෙදවීමට කටයුතු කිරීමටයි. ඔහු එම යෝජනාව ගෙන එන ලද්දේ ඔහු හෝටලයක වැඩ කිරීමෙන් ලද අත්දැකීමකට අනුව බව පැවසූවේ උජාරුවෙනි.
කෙසේ නමුත් මෙම වැඩපිළිවෙළ කරගෙන යාම ආරම්භකර පැය භාගයක පමණ යන විට ආහාර ලබාගැනීමට පැමිණි පිරිස අතර වෑංජන ආහාර බෙදීම සම්බන්ධයෙන් පිරිස් අතර කසු කුසුවක් ඇති වූ අයුරු දක්නට ලැබිණි.
මේ අතර මෙසේ ආහාර බෙදීම සම්බන්ධයෙන් මධු විතින් සප්පායම් වී පැමිණ පුද්ගලයෙක් තැන තැන යමක් පවසමින් ගමන් කළේය. ඒ ඇසිල්ලෙන් ඔහු විසින් කාටත් ඇසෙන ලෙස මැරුණ මනුස්සයා මොනවත් අරගෙන ගියේ නෑ. කන බොන අයට ඇති තරම් බෙදා ගන්නා දෙන්න. ඒක මරුණ මනුස්සයටත් පිනක්. මේක හෝටලේක මගුලක් නෙවෙයි’ යැයි පවසුවේ කාටත් ඇසෙන ලෙස ය.
එය ඇසු වෑංජන බෙදූ පිරිස හැඳිද අතැතිව හීන් සීරුවේ මාරු වී ගියේ කාටත් නොපෙනන අයුරිනි.
2025 නොවැම්බර් මස 17
123
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
975
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2580
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මළ ගෙදර කෑම බෙදන්න ගිහින් අනාගෙන