IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


අකුරු දෙකේ පිහිටෙන් පොලිසියෙන් බේරිලා


පෝද්දල සරත් ආනන්ද ගමගේ 



මාර්ගයේ ධාවනය කළ යුතු වේග සීමාව ඉක්මවා මෝටර් රථයක් පදවමින් සිටියදී පොලිසිය විසින් නතර කළ පුද්ගලයකු තම නමේ මුලකුරු දෙකේ අනුහසින් දඩ නොකා බේරී ගිය පුවතක් ගැන දකුණු පළාතේ සංචාරක පුරවරයකින් පසුගියදා අසන්නට ලැබුණි.
හෙතෙම සංචාරක හෝටලයක් පවත්වා ගෙන යන සමාජශීලී තැනැත්තෙකි. සැමදෙනා සමගම සුහදව කතාබහ කරන නිතරම සිනා මුහුණින් සිටින පුද්ගලයෙකි. බොහෝ මිතුරන් ඇසුරු කරන ඔහු පසුගිය දිනක වෙනත් ප්‍රදේශයක අත්‍යවශ්‍ය රාජකාරියකට ගොස් එන අතරතුර මුහුණ දුන් අත්දැකීමක් පසුදා මිතුරන්ට පවසා ඇත. ඔහු පවසා ඇති ආකාරයට සිද්ධිය මෙසේ ය.


තම ව්‍යාපාරික ස්ථානයේ අවශ්‍යතාවයක් සඳහා පෙරදා ඔහුට කළුතර ප්‍රදේශයට යාමට සිදුවී ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම්වලට වැඩි කාලයක් ගතවෙන නිසා ඔහු ගමන් කර ඇත්තේ පැරණි ගාලු‍ මාර්ගය ඔස්සේය. ගිය කාරිය කඩිනමින් ඉටුකරගෙන පැමිණීමේ බලාපොරොත්තුවෙන් ගියද ඒ සඳහා වැඩි කාලයක් ගත වී ඇත. දියණිය පාසලෙන් ගැනීමේ කාරියත් පැවරී තිබෙන නිසා ඔහු මෝටර් රථය ධාවනය කරගෙන පැමිණ ඇත්තේ ධාවනය කළ  යුතු වේග සීමාව ඉක්මවාය. අතරමගදී වේග මාපකයක් අතින් ගත් පොලිස් නිලධාරියකු විසින් ඔහු නතර කර ඇත. එහි සටහන් වේග සීමාව පෙන්වාදී ,“ මොකෝ මේ කලබලේ. කොහේද යන්නේ ? යැයි විමසමින් රියදුරු බලපත්‍රය හා රථයේ අදාළ ලියකියවිලිද රැගෙන රථයෙන් බැස එන ලෙස නියෝග කළේය . නිලධාරියා ලියකියවිලි අතට ගනිමින් ”‍ තමාගේ නම මොකද්ද?  යයි විමසීය.
මද සිනහා පෑ ව්‍යාපාරිකයා ‘‘මම එස්.පී. නිශාන්ත”‍ යැයි තමාගේ නම කීවේය. එකවරම සීරුවෙන් සිටි පොලිස් නිලධාරියා ‘‘සොරිසර්, මම ළඟදී මාරුවෙලා මෙහාට ආවෙ”‍ යැයි පවසමින් සැලියුට් එකක්ද ගසා ගරු සරු ඇතිව ඔහුට යන්න ඉඩදී ඇත.
ඔහු සිද්ධිය මිතුරන්ට පවසා, ‘‘මම බොරුවක් නෙවෙයි නෙ බං කිව්වෙ. මගේ නම සමරවීර පතිරණලාගේ නිශාන්ත”‍යැයි කියමින් සිනාසී ඇත. කතාව අසා සිටි ඔහුගේ මිතුරකු මේ සිද්ධිය නම් ගම් වෙනස් කර “ෆේස්බුක්”‍සමාජ ජාලා මාධ්‍යයටද එක්කර ඇති නිසා රටපුරා සැලකිය යුතු පිරිසක් මේ කතාව දන්නා බවද පැවසේ.



අදහස් (0)

අකුරු දෙකේ පිහිටෙන් පොලිසියෙන් බේරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 684 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1728 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site