IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඩ්‍රෝනයෙන්‍් මඟු‍ල් ගෙදර වැඩ පෙන්වන්න ගිහින් නූලෙන් බේරිලා


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



විවාහ මංගල උත්සව පෙරහරේ සමීපතම දර්ශන ඩ්‍රෝනා කැමරාවකින් ගැනීමට ගිය කැමරා ශිල්පියා මෙන්ම මනාලිය ද අලි අමාරුවක වැටුණු පුවතක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
යෝජිත විවාහයකි. මනමාලයා දළ කාරයෙකි. මනමාලිය ද ඊට නොදෙවෙනිය. ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල උත්සවය ඉහළින්ම සැමරීමට දෙපාර්ශ්වයට කිසිදු බාධාවක් නොවීය. ඒ සඳහා විසි කිරීමට ඇති තරම් මොනරුන් සිටියහ. ඒ අනුව විසිකළ මොනරුන් නිසා විවාහ මංගල උත්සවය ජයටම තිබුණේය.
විවාහ උත්සවය පැවතියේ නගරයේ නම් දරා තිබු තරු ගැනිය හැකි හෝටලයකය. හෝටලයට මනාළ යුවළ ඇතුළු පිරිස පෙරහරින් කැඳවාගෙන යමින් සිටියේය. ඒ මඟු‍ල් බෙර මධ්‍යයේය.
 මේ විවාහ මංගල උත්සව පෙරහර හෝටලයේ සිට මීටර් තුන් හාරසියයක් දුර සිට එන්නකි. එහි දර්ශන ඡායාරූපගත කිරීමට සහ වීඩියෝ කිරීමට ඡායාරූප ශිල්පීන් රොත්තකි. ඔවුහු එහේට මෙහේට දුව පනිමින් වැඩ පෙන්වති. ඒ අස්සේ ඩ්‍රෝනා කැමරා ශිල්පියෙකි. හැම දෙනාගේම දෙඇස් අහසේය. මනමාලිය ද ඒ අතරය.


මේ සමගම තරුණ ඩ්‍රෝනා කැමරා ශිල්පියාට දරා ගන්න බැරි සතුටකි. විවාහ මංගල උත්සවයේ රූමත් තරුණියන්ගේ දෙඇස් ඔහු වෙත යොමුව තිබීම එයට හේතුවක් වී නොතිබුණාම නොවේ. ඔය අතරතුර ඩ්‍රෝන කැමරා ශිල්පියා එක පාරටම තම කැමරාව මනාලියගේ පැත්තෙන් බිමට පහත් කළේය. ඒ මනාළ යුවළගේ සමීපතම දර්ශන ලබා ගැනීමටත් තමන්ගේ වැඩකිඩ පෙන්වීමටත්ය.
ඩ්‍රෝන කැමරාව තමන්ගේ පැත්තෙන් බිමට පාත්වෙනු දුටු මනමාලියට උඩ බැලු‍ණේ ඉබේටමය. ඒ සමගම එහි තට්ටක් ඇයගේ මුහුණේ එක් කම්මුලක් සිප ගත්තේ අම්මෝ යැයි හඬක් එක්කමය. මනාලියගේ සුදු මුහුණ චුට්ටක් ඉදිමී රත් පැහැ වූයේ ක්ෂණයකිනි.
නාහෙට නාහන ඥාතීහු කිහිප දෙනෙක් ඩ්‍රෝන කැමරා ශිල්පියාට නෙළන්න සූදානම් වූහ. අවස්ථාව හොඳ නැති නිසා තවත් කිහිප දෙනකුගේ මහත් පරිශ්‍රමයෙන් එය වැළකී ගියත් මනාලිය චුට්ටක් ඉදිමී රතු පැහැගැන්වී තිබුණු කම්මුල විවාහ මංගල උත්සවයේ ඡායාරූපවලට ප්‍රශ්නයක් වී නොතිබුණා නෙමෙයි ලු‍.



අදහස් (0)

ඩ්‍රෝනයෙන්‍් මඟු‍ල් ගෙදර වැඩ පෙන්වන්න ගිහින් නූලෙන් බේරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 544 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site