පෝද්දල සරත් ආනන්ද ගමගේ
වැස්සට කඩා වැටුණු නිවස පිටුපස පස් කන්ද ඉවත්කර ගැනීමට කම්කරුවන් යෙදෙව්වොත් විශාල මුදලක් හා කාලයක් ගතවන බැවින් මිතුරන්ගේ ඉල්ලීමට අනුව ශ්‍රමදානයකින් එය ඉවත්කර ගැනීමට ගිය පුද්ගලයකුට සිදුවූ අලකලංචියක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් නොබෝදා අසන්නට ලැබුණි.
හෙතෙම සංචාරක හෝටලයක රැකියාවක කරන්නෙකි. වැඩට යන්නේ එන්නේ දුම්රියේය. බිරිඳ ගුරුවරියකි. දරු දෙදෙනා හා බිරිඳගේ මවද සමග නිවසේ සාමාජිකයන් පහකි. ඔවුහු වසර ගණනාවක් තිස්සේ මහන්සි වී සාදාගත් ඔවුන්ගේම නිවසක පදිංචි වී සිටිති.
පසුගිය දිනක ඇදහැළුනු වර්ෂාවත් සමග මේ නිවසේ පිටුපස පස් කණ්ඩිය නාය ගියේය. ඉන් නිවසට හානියක් නම් නොවීය. බැකෝ යන්ත්‍රයකට එම ස්ථානයට ගමන් කිරීමට අපහසු නිසා පස්කන්ද ඉවත් කිරීම ගැටලුවක් විය. කම්කරුවන් යෙදෙව්වොත් විශාල මුදලක් හා දින ගණනාවක් යන බැවින් පස් කන්ද ඉවත් කිරීම ඔවුන්ට මහත්ම හිසරදයක් විය.
පසුදා ඔහු තමාගේ ගැටලුව දුම්රියේ මිතුරන්ට පැවසීය. නිවාඩු දිනක මිතුරන්ගේ ශ්‍රමදානයකින් පස් කන්ද ඉවත් කර දීමට මිතුරෝ බාර ගත්හ. ඒ සඳහා උදේට සහ දහවලට කෑම පමණක් ප්‍රමාණවත් බවත් වෙනත් කිසිදු මුදලක් වැය නොවන බවත් මිතුරෝ පෙන්වා දුන්හ.
කතිකා කරගත් පරිදි සති අන්තයේ දිනක මිතුරෝ පස් දෙනෙක් මෙම නිවසට පැමිණ පස් කන්ද ඉවත් කිරීම ආරම්භ කළහ. උදෑසන තේ විවේකය සඳහා වැඩ නතරකරන විට ඔවුන් සැලකිය යුතු පස් ප්‍රමාණයක් ද ඉවත්කර තිබුණි.
දහවල් වනවිට මේ කණ්ඩායමේ තවත් මිතුරෙකු පැමිණියේ සිය මෝටර් රථයෙනි. ඒ නිකන්ම නොවේ. වෙහෙස මහන්සිය නිවෙනවා යැයි කියන බෝතල දෙකක් හා තම්බපු මස් පාර්සලයකුත් රැගෙනය.
දැන් වැඩේ නැගලාම යනවාය. පස් ඇදීමට වඩා වැඩි කාලයක් මස් සැපීමට වෙන්විය. ඒ බඩු අවසන් වන විට කලින් පැමිණි මිතුරෙක් සිය ගමන් මල්ලෙන් තවත් බෝතලයක් එළියට ඇද ගත්තේය. බෝතලය හිස් කරමින් මස් කමින් පස් පටවා ගත් වීල්බැරෝ අරන් යන්නෝ වත්ත පුරාම දුවනවාය. සමහරු ඒවා අතර මගදී පෙරළා ගනිති. එකෙක් විල් බැරෝවක් එක්කම ඇද වැටුණේ ගෙවත්තේ තිබුණු ජල කරාමයක් උඩය. දැන් මිදුල එකම මඩ ගොහොරුවකි. ඒ මතින් වීල්බැරෝ ගමන් කිරීමටද නොහැකි විය.
බිරිඳගේ සහ නැන්දම්මාගේ දෝෂාරෝපණය මැද අපේ කතානායකයා යහළුවන්ගෙන් වැඩේ නතර කරන ලෙස ඉල්ලා සිටියේය. තව දුරටත් වැඩ කිරීමට සුදුසු තත්වයක නොසිටි මිතුරු කැලද අත පය සෝදාගෙන ඇඳුම් මාරු කරගෙන බත් කටවල් දෙක තුනක්ද ගිලදමා මිතුරාගෙන් සමුගෙන පිටව ගොස් ඇත.
පස් කන්ද තවමත් ගේ පිටිපස්සේලු. ඔහු මිතුරන්ට කියා ඇත්තේ උඹලාගේ පස් කන්ද ඉවත් කිරීමේ ශ්‍රමදානය නිසා බිරිඳගේ හා නැන්දම්මාගේ දොස් කන්දකටද තමාට යටවෙන්නට සිදුවී ඇත කියාය.
2025 නොවැම්බර් මස 21
180
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
247
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1124
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පස් කන්දට දොස් කන්දක් අහලා