IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ටිකට් ඉල්ලුවාම ටිකට් පොතම දීලා

පෞද්ගලික මගී බස් රථයකට ගොඩවූ කාන්තාවකට එහි කොන්දොස්තර විසින් ටිකට් පතක් වෙනුවට ටිකට් පොතක්ම දුන් බව කියන පුවතක් පසුගියදා මෙරට ප්‍රධාන පළාතක නගර දෙකක්  අතර ධාවනය කෙරෙන බස් රථයකින් අසන්නට ලැබුණි.
දැනට ධාවනය කෙරෙන  පෞද්ගලික මගී බස්රථවලින් ටිකට්පත් නිකුත් කරනු ලබන්නේ බොහෝවිට දුරගමන් යන මගීන්ට පමණි. දුර ගමන් සේවා බස් රථවලින්  වුවද හදිසියේ කෙටිදුරක් යාමට මගියකු ගොඩවූ විට ටිකට් පතක් නිකුත් නොකරම කොන්දොස්තරවරයා විසින් මගියාගෙන් අදාළ ගමන් ගාස්තුව පමණක් එකතු කරනු ලබයි.


මෙහිදී නගරාන්තර කෙටිදුර ගමන් සේවා පවත්වාගෙන යන පෞද්ගලික මගී බස් රථවල එය බොහෝ විට සිදු නොකරන අතර එහිදී ඇතැම් කොන්දොස්තරවරු බස් රථය තුළ එහාට මෙහාට ඇවිදිමින් විටෙක කෑසගමින්ද මගීන්ගෙන් මුදල් එකතු කිරීම පමණක් සිදුකරන අතර එය ඔවුන්ට පහසුවක් හා කාර්යක්ෂමතාවක් මෙන්ම කාලයක සිට සිදුකරගෙන එන නිසා එය ඔවුන්ට හුරුවක්ද වී තිබීම විශේෂත්වයකි.
මෙවන් පසුබිමක් තුළ රාජ්‍ය යාන්ත්‍රණය හරහා පසුගියදා නියාමන වැඩසටහනක් වශයෙන්දෝ අදාළ පළාතේ පෞද්ගලික මගී බස් රථවල ගමන් ගන්නා මගීන්ට අනිවාර්යයෙන් ටිකට්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර ඇත.
ඒ අනුව අදාළ බස් රථයේ කොන්දොස්තරද තමන් එතෙක් ටිකට්පත් නොදී මගීන්ගෙන් මුදල් පමණක් එකතුකර ගැනීමේ හුරුපුරුදු පහසු ක්‍රියාවලින් මිදී අලු‍ත් වැඩසටහනට අනුව නුහුරු වැඩක් කිරීමට යාමේදී සිදුවී ඇතැයි කියන අමතකවීමක් ටිකට්පතක් වෙනුවට අදාළ කාන්තාවට ටිකට්පොතම දීමට හේතුවී ඇති බවත් මෙහිදී අනාවරණය විය.
එම ටිකට්පොත පොතක් මෙන් විශාල එකක් නොවන බවත් ටිකට්පතක පළලට හා දිගට සකස්කර ඇති එහි ටිකට්පත්වල නගර දෙක අතර නැවතුම්පොළවලට අදාළ ගාස්තු මුද්‍රණය කර ඇති බවත් කොන්දොස්තරට කිරීමට ඇත්තේ ටිකට්පතක් මගියකුට නිකුත් කරන විට ගමනාන්තයට අදාළ ගාස්තුව පමණක් ඇති කොටුව පෑන් ඉරකින් කපා මගියාට ලබාදීම බවත් කියති.
අදාළ කාන්තාව එහිදී කොන්දොස්තරට කතා කර ටිකට් පොත ආපසු ලබාදී ඇති බවත් එය සිනහවකින් පිළිගත් කොන්දොස්තර තැන සිය රාජකාරිය කරගෙන ගිය බවත් වැඩිදුරටත් අනාවරණය විය.

 



අදහස් (0)

ටිකට් ඉල්ලුවාම ටිකට් පොතම දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 681 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site