බඩුත් ඇදගෙන පාටියකුත් දමා ස්ථාන මාරුවී ගිය ලොක්කා වෙනුවට ආ අලුත් ලොක්කා දුටුවිට පුදුම වූ සේවක පිරිසක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
පරණ ලොක්කා කාලයක්ම මේ කාර්යාලයේ සේවය කළේය. ස්ථාන මාරුවීම් ලැබීමේ කාලයද ආසන්න වෙමින් තිබිණ. ඒ අනුව ඔහුට ස්ථාන මාරුවීමක් ලැබුණේය. ඒ තමන් වාසය කරන දිසාවේමය. ඒ කාර්යාලයේද ලොක්කා හැටියටය. ඔහු රාජකාරි කළ කාර්යාලයට පත් කෙරුණේ කිලෝමීටර් දෙසීයකටත් වඩා දුර අයකුය.
ස්ථාන මාරු වූ මේ ලොක්කා යළි මේ ස්ථානයේම තියාගැනීමට ඇතැම් නගරවාසීන්ට මහත් වුවමනාවක් තිබිණ. එහෙයින් ඔවුහු මේ වෙනුවෙන් උද්ඝෝෂණ කිරීමටද සූදානමින් සිටියහ. තමන් දන්න දන්නා ලොකු ලොකු තැන්වලට මේ සම්බන්ධයෙන් දැනුම් දුන් බව ඔවුහු කීහ. ඒ වාචිකවය. ලිඛිතව දැනුම් දුන් අයත් සිටියහ. ඒත් වැඩේ කෙරෙන පාටක් නම් නොතිබුණේය. ලොක්කාට යන්නම වෙන තැනට වැඩ යෙදී තිබුණේය.
ලොක්කාගේ ස්ථාන මාරුව වෙනුවෙන් ඔහු යටතේ සේවය කළ පොඩ්ඩෝ ටික සමුගැනීමේ පාටියක් සංවිධානය කළහ. එය පැවතියේ අදාළ ප්‍රදේශයේ ලොකු හෝටලයකය. සමුගැනීමේ පාටිය ජයටම කෙරීගෙන ගියේය. අරවා මේවා සියල්ලම අඩුවක් නොවීය. සමුගැනීමේ පාටිය අවසානයේදී ඔහුට සමරු තිළිණද ප්රදානය කෙරිණ.
මේ වනවිට ලොක්කා සිය නිල නිවසේ බඩු බාහිරාදිය ද අස්කර ගෙන තිබුණේය. මේ ආයතනයේ අය බලා සිටියේ අලුත් ලොක්කා එන තෙක්ය. සමහර සේවකයන් සිටියේ ඇඟිලි ගැන ගැනය. ඒ පරණ ලොක්කාගෙන් කැපුණු අයය. ඒ අය සුළු පිරිසකි. බහුතරයක් කැමති වූවේ පරණ ලොක්කාම තවත් වසර කිහිපයක්ම සිය ආයතනයේ ලොක්කාව සිටිනු දැකීමටය.
ගතවූයේ දින දෙක තුනකි. දෙයියනේ මේ ආයතනයට අලුතින් පත් කළ ලොක්කා නාවේය. ඇවිත් තිබුණේ අලුත් ලොක්කා ලෙස පරණ ලොක්කාමලු.
2025 දෙසැම්බර් මස 18
681
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අකුලන් ගිය ලොක්කා අලුත් ලොක්කා වෙලා