IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පුතා ගන්න ගිය පියාට ඩබල් බෝනස් වැදිලා


කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



මහ රෑ පෞද්ගලික පංතිය නිමවී එන දරුවා සිය නිවසට රැගෙන ඒමට නගරයට ගිය පියකුට ඩබල් බෝනස් එකක් ලැබුණු කතාවක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
ඔවුහු අම්බලන්ගොඩ නගරයට කිට්ටු ගමක වැසියෝය. මේ පිරිමි දරුවා ලබන වසරේ උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටී. උසස් පෙළ උසස් ලෙස සමත්වීමට යයි සිතා මේ දරුවා ගාල්ලේ පැවති පෞද්ගලික උපකාර පංති යන්නේය.
එය පැවතියේ සතියට දවසකි. පස්වරු පහට පටන් ගන්නා පංතිය නිමාවනුයේ රෑ නවයටය. ඔහු ගාල්ලේ සිට බස් රථයෙන් අම්බලන්ගොඩට එනවිට රෑ දහයත් එකොළහත් අතර කාලයක් ගතවේ. එසේ අම්බලන්ගොඩට එන දරුවා සිය නිවසට කැඳවාගෙන ඒමට මේ පියා යන්නේ යතුරු පැදියෙනි.
එදා රෑ ද මේ පියා අම්බලන්ගොඩ නගරයට සිය යතුරු පැදියෙන් ගියේ පෞද්ගලික උපකාර පංති නිමවී එන පුතා නිවසට කැඳවාගෙන ඒමටය. ඔහු පියස්සක් එළියට ගසා වසා තිබු වෙළෙඳ සලක් ඉදිරිපිට සිය යතුරු පැදිය නතර කළේය. ඒ එම අවස්ථාවේදී වැටෙමින් තිබූ සිරි පොද වැස්සෙන් යතුරු පැදිය තෙමීම වළක්වා ගනු පිණිසය.


ඔහු පාරේ අනෙක් පැත්තේ ඇති ගාල්ලේ සිට කොළඹ දෙසට යන දුර ගමන් සේවා බස් නවත්වන ස්ථානයේ කඩ පිලක ඇති පඩියක වාඩි වී සිටියේය. ඒ පෞද්ගලික උපකාර පංති නිමවී බස් රථයෙන් එන පුතු බස් රථයෙන් බසින විටම තමා පෙනීමට සැලැස්වීම ඔහුගේ අරමුණ විය.
ගතවූවේ ටික වේලාවකි. යතුරු පැදි තුනකින් පැමිණි තරුණයෝ පස් දෙනෙක් ඔහු ඉදිරිපිට යතුරු පැදි නතර කළහ. හා මාමා කොහොම ද කාලයකින් නේ දැක්කේ කියමින් මේ තරුණයෝ දන්නා අය මෙන් ඔහු සමග කතා වැටුණෝය. මාමා කාලාද ඉන්නේ යයි එක් තරුණයෙක් ඇසුවේය. ඔහු සාමාන්‍යයෙන් එදින රාත්‍රී ආහාර වේල ගනුයේ පුතා නිවසට ඇරලා මිසක් අතර මග වේලාවක නොවේ. ඒ නිසාම ඒ අවස්ථාවේ කුස ගින්නේ සිටි ඔහුට කෑම කෑවේ නැහැයි පැවසුවා නොව කටින් පැන්නේය.
අනේ මාමේ මොකුත් හිතන්න එපා අපි පඩි දවසට රෑට හොඳට කාලා අපි කන තැනින්ම හොඳ කෑම එකක් අරගෙන ඇවිල්ලා කාටහරි දෙනවා, මේ කෑම එක මාමා ගන්න යයි කියමින් එක තරුණයකු ඔහුට කෑම පැකැට්ටුවක් සහිත බෑගයක් දික් කළේය. නගරේ කෑම කඩේ නම ඇසූ සැණින් කටට කෙළ ආ ඔහු එම කෑම පැකැට්ටුව ගත්තේ කොල්ලන්ට ස්තූති කරමිනි.
තමා යාචකයකු යයි සිතා මේ කොල්ලන් දුන් උණු උණු කෑම පැකැට්ටුවේ සුවඳට බෑගය තුළ ඇති කෑම පැකැට්ටුව බැලීමට ඔහුගේ සිතට ආවේ නිරායාසයෙනි. එහි පොඩි ලියුම් කවරයක් තිබිණේය. එය විවෘත කළ බැලූ ඔහුගේ දෙඇස් උඩ ගියේලු‍. දෙයියනේ රුපියල් පන්දහසේ කොළයකි. එය පරිස්සමට සාක්කුවට දා ගත් ඔහු දරුවා එන තෙක් නොයිවසිල්ලෙන් බලා සිටියේ තමා පුතා වෙනුවෙන් අද ඉස්තරම්ම කෑම එකක් නගරයේ නමක් ගත් කෑම පැකැට්ටුවක් මිලදී ගත් බව පැවසීමටය. ලබන මාසයේත් තමාට ඩබල් බෝනස් දුන් මේ කොල්ලන් මෙලෙස පැමිණෙනු ඇතැයි ඔහු දැන් බලාපොරොත්තුවෙන් සිටින්නේලු‍.



අදහස් (1)

පුතා ගන්න ගිය පියාට ඩබල් බෝනස් වැදිලා

fairoos Thursday, 06 November 2025 11:54 AM

ඉතාම වැරදි... සල්ලි තියන අයත් මොනාහරි නිකන් ලැබුණාම පොකට් එක දාගනන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 175 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site