IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


පච ඇද බා වට්ස් ඇප් සාදෙට පොලු‍ තියලා


පෝද්දල සරත් ආනන්ද ගමගේ



පෞද්ගලික ආයතනයක සේවය කර විශ්‍රාම ලබාසිටි පිරිසක් වට්ස්-ඇප් මාර්ගයෙන් නැවත එකතුවී ප්‍රිය සම්භාෂණයක් පවත්වා ඇති අතර එහි දෙවැනි සාදය බාරගත් පුද්ගලයා සාදය පැවැත්වෙන දින නිවසේ දොර ජනෙල්ද වසා නිවසින් බැහැරවී සිටීම නිසා සාදයට සහභාගි වූවන් හිස් අතින්ම ආපසු හැරීගිය පුවතක් ගැන මැංගුස්වලට ප්‍රසිද්ධ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
මෙහි පළමු සුහද හමුව දකුණු පළාතේ වෙරළාසන්න අවන්හලකදී පවත්වා ඇති අතර ඒ සඳහා ඔවුන් සේවය කළ ආයතනයෙන්ද උපරිම දායකත්වය ලැබී ඇත. සාදයට අවශ්‍ය මධුපාන හා කටගැස්මද ආයතනයෙන් සපයා දෙමින් එහි හිමිකරු හා ඔහුගේ බිරියද එයට සහභාගිවී ඇත.
මෙම සාදය පැවැත්වෙන අතරතුර එයට සහභාගිවී සිටි අයෙකු, මීළඟ සාදය තමා සංවිධානය කරන බවත් ඒ වෙනුවෙන් හෝටල් සඳහා මුදල් ගෙවීම අනවශ්‍ය බවත්, අක්කරයක් පමණ වූ තම ගෙවත්ත ඒ සඳහා යොදාගත හැකි බවත් පවසා ඇත. සාදය යන අතරතුර අවස්ථා කීපයකදීම ඔහු සාදය සංවිධානය කරන ආකාරයත්, ඒ සඳහා ලබාදෙන මස් මාලු‍ ගැනත් පුරසාරම් දොඩා ඇත.


සාදය අවසානයේ පැවැත්වූ ස්තුති කතා වාරයේදීද මීළඟ හමුව පැවැත්වෙන්නේ තම නිවසේ බව ඔහු මිතුරන්ගේ අත්පොළසන් හඬ මධ්‍යයේ ප්‍රකාශ කර ඇත. එහිදී ඒ සඳහා දිනයක්ද යෝජනාවී ඇත.
එම දිනය ආසන්නයේදී මිතුරන් කීප දෙනෙකුම සාදයේ කටයුතු පිළිබඳව ඔහුගෙන් විමසා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ තමා දිවා ආහාරය හා කටගැස්ම සූදානම් කරන බවය. පැමිණෙන පිරිස අනුව සම්මාදම්කර අවශ්‍ය මධුපාන එදිනට ලබාගනිමු යැයි ද ඔහු යෝජනා කර ඇත. සියල්ල හොඳින් සංවිධානය වෙමින් පවතින බැවින් එදිනට අනිවාර්යයෙන්ම සහභාගී වන්නැයි ඔහු ඇරයුම් කර ඇත.
සාදය පවත්වන දින මිතුරන් කණ්ඩායම් වශයෙන් ඔහුගේ නිවසට පැමිණි අතර ඔවුන්ට දැකගැනීමට ලැබී ඇත්තේ ගේට්ටුව හා දොර ජනෙල්ද වසා ඇති නිවසකි. අක්කරයක් පමණවූ ගෙවත්තක් ගැන මිතුරා ප්‍රකාශකර තිබුණද එහි තිබී ඇත්තේ පර්චස් 20 ක් පමණවූ ගෙවත්තකි.
මිතුරන් කීප දෙනෙකුම දුරකතනය හරහා ඔහු ඇමතීමට උත්සාහ කළද එය විසන්ධිවී තිබුණි. පසුව ඔවුන් අසල්වැසි නිවෙස්වලින්ද විමසීම් කළද ඔහු ගියතැනක් ගැන ඒ කිසිවෙකුද දැනසිට නැත.
දැඩි අපහසුතාවයට පත්වූ මිතුරන් පිරිස එම ස්ථානයෙන් පිටත්ව නගරයට පැමිණ සම්මාදම්කර ‘‘ලාවට”‍ සප්පායම්වී යහළුවාගේ මවුපියන්ටද පිං දෙමින් ගම්බිම් බලා පිටත්ව ගිය බව ආරංචියි.

 



අදහස් (0)

පච ඇද බා වට්ස් ඇප් සාදෙට පොලු‍ තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 54 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 347 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site