ළමයින්ගේ කට වහන්න ගිහින් ටීචර්ගේ කට වැහිලා
මේ පුවත වාර්තා වෙන්නේ කඳුකර ප්රදේශයේ ප්රාථමික දරුවන් ඉගෙන ගන්නා කුඩා පාසලකින්ය. මේ පාසලේ ඉගෙන ගන්නා සියලුම දරුවන්ට ආහාර වේලක් ලබා දෙන අතර එය ලබා දෙන්නේ උදේ වරුවේය.
උදෑසන මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව විදුහල්පතිතුමාගේ කතාව අසා සිටින දරුවෝ ඉවර වෙන්නේ කීයට දැයි ඇඟිලි ගනිමින් සිටිති. ඒ ඉගෙනීමේ කටයුතු සඳහා සූදානම් වීමටම නොවේ. දිනපතා වෙනස් කරමින් ලබා දෙන උදෑසන ආහාර වේල රස විඳීම සඳහාය. උදෑසන රැස්වීම අවසන් වීමත් සමග දිවයන්නේ අත සේදීම සඳහා වන අතර පෝ