IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අරක්කු බොන්න රොටීතැටියත් උකස් තියන්න හදලා


වියලු‍ව වාර්තාකරු



නිවසේ ඉවුම් පිහුම් කටයුතු සඳහා තිබූ රොටි තැටියක් ඇතුළු ඇලු‍මිනියම් වළං කිහිපයක් උකසට තබා මත්පැන් පානය කිරීමට මුදල් සොයා ගන්නට තැත් කළ පුද්ගලයකු පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු තදින් මතට ඇබ්බැහි වූවෙකි. හම්බ කරන මුදලින් වැඩි කොටසක් වැය කළේ පවුලේ සුඛ විහරණය සඳහා නොව ඔහුගේ මත්පැන් වේල වෙනුවෙනි. කුලී වැඩක් හෝ නොලැබීම හේතුවෙන් මත්පැන් ටිකක් පානය කිරීමට ක්‍රමයක් නැතිව ඔහු දින ගණනාවක්ම ගත කළේ දැඩි අපහසුතාවයකිනි. මත්පැන් ටිකක් බොන්නට කීයක් හෝ හොයා ගන්නට මාන බැලු‍වත් බිරිඳගෙන් ද යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි. එක්වරම ඔහුගේ ටිකිරි මොළයට ආවේ කදිම අදහසකි.
ඕනෑම දෙයක් උකසට තබා මුදල් ලබාදෙන ගමේ උකස්කරුවා ඔහුට මතක් වූයේ මේ අතර වාරයේය. ඒ වනවිට නිවසේ තිබූ බොහෝ දේ ඔහු උකස් කර තිබීම නිසා මෙදින උකසට තබන්නට හරි යමක් ද නොතිබිනි. අවසානයේ ඔහුට අසු වූයේ නිවසේ මුළුතැන්ගෙයි තිබූ රොටි තැටිය හා බත් උයන ඇලු‍මිනියම් වළඳක් ඇතුළු භාණ්ඩ කිහිපයකි.


 සියල්ල පොහොර උරයක දමාගත් ඔහු නැවතුනේ උකස්කරුවාගේ නිවසේය.
හිත හොඳ පුද්ගලයකු වූ උකස්කරුවා යකෝ ඔය තියෙන්නේ දරුවන්ට උයලා කන්න දෙන වළන් ටික නේද යැයි පවසමින් එම භාණ්ඩ රැගෙන මුදල් ලබාදීම පසෙකට තබා ඔහුගේ අසල්වැසි නිවසකට දුරකතන ඇමතුමක් දී පවසා ඇත්තේ පෙර කී පුද්ගලයා නිවසේ තිබූ රොටී තැටියක් ඇතුළු භාණ්ඩ කීපයක් රැගෙන තමන් හමුවට පැමිණ මුදල් ඉල්ලන බව බිරිඳට පවසන ලෙසය.
අවසානයේ බලාපොරොත්තු සුන් කරගත් හෙතෙම උකස්කරුට ද බැණ වදිමින් සිය නිවස බලා පැමිණියේ රැගෙන ගිය රොටී තැටිය ඇතුළු භාණ්ඩ කිහිපය ද ආපසු රැගෙන එමිනි.



අදහස් (3)

අරක්කු බොන්න රොටීතැටියත් උකස් තියන්න හදලා

Pradeep Kumara Tuesday, 28 October 2025 05:38 PM

මත්වීමට ඇති ලොල්බව පවුලකට සමාජයකට කළ විනාශයක්.

:       0       5

මදුශා චාමලි Tuesday, 28 October 2025 06:41 PM

අපේ ගෙදරත් ඔය වගේ කකුල් දෙකේ බූරුවෙක් ඉන්නවා. ඌත් ඔය වගෙ ගේදොර බඩු සහ නිවස උකස් කර අශ්ව්‍යන් හා බල්ලන් ඔට්ටුවට තබා රේස් බයි යනවා. දවසේ හම්බකරන මුදල් සියල්ල ඒ සදහා පූජා කරා දරුවන් 4 දෙනා බඩගීන්නේ තබයි .ලංකාවේ තවත් මෙවැනි බූරුවන් සිටිද?

:       0       6

Pradeep KumaraTuesday, 28 October 2025 09:35 PM

ඛේදනීයයි

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site