IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සුරතලා පැන්නුවාම දීගෙත් එපාවෙලා


කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



භාර්යාව විසින් තම සුරතල් සත්වයා නිවසින් පිටමන් කළේ යයි උරණවී නිවසින් පිටමන්වී ගිය අයකු පිළිබඳ අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
හේ සත්ව අවිහිංසාවාදියෙකි. මේ නිසාම ඔහු සතුන්ට දැක්වූවේ ලොකු කරුණාවකි. ඇතැම් අවිචාරවත් මිනිසුන් අකාරුණිකව මහ මග දමායන බලු‍ හා පූස් පැටව් ඔහු නිවසට ගෙනවිත් සිය වියදමෙන් කන්න බොන්න දී ලොකු මහත්කර පිටත් කර හරින්නේ අඩු තරමෙන් කාගේවත් ස්තූතියක් ද බලාපොරොත්තු නොවීමෙනි. මෙය ඔහුගේ ඇති සත්ව කරුණාවේ ඇති විශේෂත්වයකි.
එමෙන්ම නිවෙස්වලට බලෙන් රිංගා නිවැසියන්ට විපත් ගෙන දිය හැකි නයි, පොළගුන් වැනි විෂගෝර සර්පයින් අල්ලා වනයට මුදා හැරීමට ද ඔහු රුසියෙකි. 
ප්‍රශ්නයකට තිබුණේ ඔහුගේ මේ සමාජ සේවයට භාර්යාවගේ ඇති දැඩි අකමැත්තය. ඇය ඔහු කරන මේ අමිල සමාජ සේවාව පහත් කොට සැලකුවාය. එය මදිකමක් ලෙස දැක්කාය. මේ නිසාම මේ දෙන්නා අතර අඬදබර ඇති නොවුණාම නොවේ. ඒ අවස්ථාවලදී ඔහු විහිළුවක් කොට ඇයගේ ඇසුරෙන් මිදී යන්නේ භුමිතෙල් ගෑ ගැරඬියෙකු ලෙසය. මේ නිසාම දෙන්නාගේ අඬහැරය ගුටි කෙළියක් දක්වා වර්ධනය නොවීය.
කාලය මෙසේ ගෙවී යද්දී ඔහුට දෙඇස් නොපෙ​ෙනන කුඩා සත්වයකු මහ මගදී හමුවී නිවසට රැගෙන ආවේය. ඔහු මේ සත්වයා ගෙන ආවේ ඌ සුවපත් කොට ලොකු මහත් කර වනයට මුදා හැරීමේ අවංක චේතනාවෙන්ය. ඒකායන අරමුණ ඇතිවය.
ඉතාම කෙටි කාලයකින් මේ සතා ඔහු සමග ලොකු බැඳීමක් ඇති කර ගත්තේය. එයට හේතුව වන්නට ඇත්තේ දෑසම නොපෙ​ෙනන තමාගේ එකම ගැලවුම් කාරයා ඔහුවීම එම සතාට තේරුම්යාම නිසා වෙන්නට ඇතිය. කෙසේවෙතත් මේ සත්වයා ඔහු තමාගේ කලිසම් සාක්කුවේ දමාගෙන යාහැකි තරමටම හීලෑවුවේය.
ඌට කැව්වේ පෙව්වේ අතට අරගෙනය. ඔවුන් දෙදෙනාගේ බැඳීම කෙසේද යත් කීවොත් ඔහු වැඩට යන සෑම තැනකම මේ සතා අරගෙන යන්නේය. එම අවස්ථාවලදී ඌ ලැගුම් ගෙන සිටියේ ඔහුගේ කුඩා ගමන් මල්ලේය. මේ සතා එම ගමන් මල්ලේ සිටින නිසා ඔහු තමාගේ මුදල් ද දමා තිබුණේ එම ගමන් මල්ලේය. එහි තිබූ මුදල් සියල්ලම මේ සතා ආරක්ෂා කර දුන්නේ සිය ස්වාමියාට කරන ගෞරවයක් වශයෙනි. භාර්යාව සිටියේ ඔහුගේ මේ සුරතල් සත්වයා සමග බද්ධ වෛරයකිනි. මූ කැලේට දාන්නේ කොයිමොහොතේ දෝයි කල් යල් බල බලාය.
එම සතා දැමූ ගමන් මල්ල තමා තිබූ තැනමය. සත්වයා එහි ඇතැයි සිතූ ඔහු ගමන් මල්ල අතට ගත්තේය. දෙයියනේ එම ගමන් මල්ල ඇර දමාය. එහි සිටි තමාගේ සුරතල් සත්වයාද නොවීය. ඔහුට ලොකු වේදනාවක් ආවේය. ඒ සම්බන්ධයෙන් ඔහු භාර්යාවට කෑගැසුවේය. ඇයත් නිකම්ම සිටියේ නැත. සත්වයා ගමන් මල්ලෙන් යන්නට ඇතැයි ඇය කීවාය.


ඔහු එය නොපිළිගත්තේ ගමන් මල්ලේ තිබූ රුපියල් දසදහසද අතුරුදන්වී තිබීමත් සමගය. ඔහු එය ඇයට ගෙන හැර පෑවේය. ඇයට කටඋත්තර නැතිවිය. දෙන්නා දෙමහල්ලන් දැන් ලොකු රණ්ඩුවකය. තමා මෙතෙක් ආදරයෙන් හා ආශාවෙන් ඇති කළ පිඹුරු පැටියා භාර්යාව විසින් නිවසින් පිටමන් කළේ යයි උරණවූ ඔහු තමාගේ සබ්බ සකල මනාවම පොදි ගසාගෙන නිවසින් පිටමන්වී ගියේය. දැන් ඔහු තනිවම කුලී කාමරයක ජීවත්වන්නේය. සුරතල් පිඹුරු පැටියා මතක් වන මතක් වන හැම පාරටම ඔහුගේ දෙනෙතින් කඩා හැලෙනුයේ කඳුළු කැටය.



අදහස් (1)

සුරතලා පැන්නුවාම දීගෙත් එපාවෙලා

chamaka sathsara Monday, 27 October 2025 10:05 AM

බොරුව වුණත් ලස්සනට ගොතලා තියෙනවා.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site