IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ජොලියට බඩු උස්සා රෙදි ගලෝගෙන


හසලක සුනිල් ඒකනායක



විනෝදාංශයට ගමේ වෙළඳසල්වලින් බඩු මුට්ටු සොරකම් කර ගන්නා කාන්තාවකට එම නරක පුරුද්ද අතහැර දැමීමට ගමේ කඩේක මුදලාලි හාමිනේ කෙනකුට හැකිවීම ඇයට කළ යහපතක් බව ගම්වාසීහු පවසති.
හැටපස් හැවිරිදි වියේ පසුවෙන මනා රූ සපුවකින් යුත් ඇය ධනවත් කාන්තාවකි. සැමියාගේ වියෝවෙන් පසු ඔහුගේ විශ‍්‍රාම වැටුපද ඇයට හිමිවිය. ගෙවත්තේ වගාවෙන්ද ඇයට යම් මුදලක් මාසිකව ලැබේ. වැඩි වියට පත් විවාහක දු දරුවෝද යම් යම් ආයතනවල රැකියා කරති. නගරයට හෝ ගමේ කඩයට යන විට ඇය ඉතා හොඳට හැඳ පැලැද ගෙන යන හෙයින් ඇය මෝස්තරකාරියක යැයිද ගම්වාසීහු පවසති.


ඇයගේ එක් විනෝදාංශයක් වන්නේ බඩු මුට්ටුවක් මිලදි ගන්නට ගොඩවෙන කඩයෙන් ඉතා සුක්ෂම අයුරින් මුදලාලිගේ ඇස වසා යමක් සොරකම් කරගෙන ගමන් බෑගයට දමා ගැනීමයි. පෙරළා නිවස බලා යන ගමනේදි යම් දිළිඳු අයකු හෝ කුඩා ළමයෙකු මහ මගදි හමු වුවහොත් ගමන් මල්ලේ තිබෙන බොහෝ දේ ඔවුනට ලබා දීමට තරම් ඇය පරිත්‍යාගශීලි ද වන්නීය. ඒ නිසා ගැමියෝද ඇයට දැඩි සේ ආදරය කරති.
මෙදින ඇය නගරයට ආසන්න ප‍්‍රදේශයක ගමේ කඩයකට ගොඩ වුයේ නිවසට අවශ්‍ය කළමනා කීපයක් රැගෙන යෑමටය. ඒ වෙන විට කඩේ කිහිපදෙනෙකු සිටි අතර මුදලාලි නොසිටි නිසා ඔහුගේ බිරිඳ ඒ අයට බඩු දීම හා මුදල් ගැනීම සිදුකරනු ලැබීය. කඩයට ගොඩ වු ඇය දුටු මුදලාලි හාමිනේ පාරිභෝකයින්ට බඩු දෙන ගමන් ඇය ගැන සෙවිල්ලෙන් සිටියේ ඇයගේ පහත් ක්‍රියාව ගැන තම සැමියා සහ ගම්වාසීන් දැනුම්දී තිබු හෙයිනි.
බඩු කීපයක් මිලදි ගත් ඇය ඒ බව මුදලාලි හාමිනේට පවසා තම බඩුවල ගාන කීයදැයි විමසා තිබේ. 
ඇය හොරෙන් ලබාගත් ද්‍රව්‍ය හා ඇය පැවසු බඩු වල මිල ගණන් හදා මෙපමණ මුදලක් ගෙවිය යුතු යැයි පවසා ඇත. තමන් ගත් බඩුවලට එපමණ මුදලක් නොවන බවත් නැවත නිවැරැදිව ගණන් හදන ලෙසත් ඇය එවිට පවසා තිබේ. 
එහිදි මුදලාලි හාමිනේ පැවසුවේ ‘‘ඔයා අහවල් අහවල් දේ අරගෙන මල්ලට දා ගන්නවා මම දැක්කා. වෙන කඩවලට ගිහිල්ලා කරන සෙල්ලම් මාත් එක්ක කරන්න බැහැ. ඔයා කඩයට ගොඩවෙන අවස්ථාවේ ඉඳලා මම ඔයා ගැන සෝදිසියෙන් හිටියේ. මම ඔයාගේ මල්ලේ තියෙන බඩු ටික අරගෙන පෙන්නන්නද? නෝනා නම්බු පිටින් ගත්තු බඩුවල සල්ලි දිලා යන්න. අයේ කවදාකවත් මෙහෙම ජරා විදිහට හොරකම් කරන්න එපා. ඔයාගේ දරුවන්ටත් මිය ගිය මහත්තයාටත් ගෑනු සංහතියටත් මේක මහා අවනම්බුවක්. මින් පස්සේ සල්ලි දිලා බඩු අරගෙන යන්න. අනෙක ඔයාට ඕන තරම් සල්ලි තියෙනවානේ.” යැයි ඒ වෙන විට කඩයේ සිටි පිරිස ඉදිරියේ මුදලාලි හාමිනේ පැවසුවෙන් අදාළ මුදල ගෙවා ඇය වහා පිටව ගියේ කඩේ සිටි අයගේ සිනා හඬ මධ්‍යයේය.” 
ඔයා නියම පාඩමක් ඉගැන්නුවේ ආයේ නම් කවදාවත් ඔහොම කැත වැඩ කරන්නේ නැතිවෙයි.” කඩේ සිටි කාන්තාවෝ පැවසුහ. සිද්ධියන් පසු දින කිපයක් කඩයට, නගරයට නොගිය ඇය එතැන් පටන් වෙළඳ සල්වලට ගොඩවී විනෝදාංශයට කරනු ලැබු සොරකමටද තිත තබා ඇති බව ගම්වාසීහු පවසති.



අදහස් (0)

ජොලියට බඩු උස්සා රෙදි ගලෝගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 317 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 419 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 395 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site