බලංගොඩ වයි.ඒ.එස්.වීරවංශ
මැණික් වලට ප්‍රසිද්ධ දිස්ත්‍රික්කයේ වලවේ ගඟ අසබඩ සිදුවු මැණික් කතාවකි.
ඔහු ගොවිතැන් කටයුතුවලට අමතරව පතල් රැකියාව ද කරන්නේය. පතල් රැකියාවට වඩාත් පහසු වුයේ ඔහුගේ නිවස ඉදිරි පිටින් වලවේ ගඟ ගලා යෑමයි.
දිනක් පතල් වැඩ කරමින් සිටින විට ඔහුට බරින් වැඩි ලා නිල් පාට ගලක් හමුවිය.
මේකට නම් ලොකු ගණනක් ගන්න පුළුවන් වේවි ඔහු තනිවම සිතුවේය.
මේ ගැන කිසිවකුටත් නොකියා නගරයේ ලොකු මැණික් ව්‍යාපාරිකයකුට ගල පෙන්නුවේය.
මේක ඒ තරම් වටින්නේ නැහැ මාමේ. ලෙන්ගතු නැදෑ කමක් මවා පාමින් මැණික් ව්‍යාපාරිකයා කීවේය.
මාමා ඉතින් දන්න කියන මනුස්සයානෙ මෙන්න මේ සල්ලි ටික තියා ගන්න හොඳ මැණිකක් හම්බ වුණොත් අරගෙන එන්න මැණික් ව්‍යාපාරිකයා කීවේය.
ඔහුද එම මුදල් ඉනේ ගසාගෙන නගරයට ගියේය.
ඒ තැබෑරුමකට ගොඩවී හීනියට අඩියක් ගැසීමේ බලාපොරොත්තු වෙනි. තෑබැරුමේ දී ඔහුට මිතුරකු මුණගැසිණි .
තමන් මැණික් ගලක් අසවල් ව්‍යාපාරිකයාට විකුණු බව මිතුරාට කීවේය.
‘‘දෙයියෝ සාක්කි ” ඔය මුදලාලි පට්ට කපටියා උඹ ගිහින් ඔය සල්ලි ආපසු දීලා මැණික් ගල ඉල්ලගෙන වරෙන් මම දන්න හොඳ මුදලාලි කෙනෙක් ඉන්නවා ගල එයාට පෙන්නමු මිතුරා කීවේය.
ඒ අනුව ඔහු මුදලාලිගේ ගෙදරට දුවගෙන ගියේය. ඔහු එනු දුටු මැණික් ව්‍යාපාරිකයා වහාම මැණික් ගල දොරට තැබුවේය. ව්‍යාපාරිකයා ද කපටි රජෙකි.
මුදලාලි මේ සල්ලි අරගෙන මට මැණික් ගල ආපසු දෙන්න ඔහු කීවේය.
මාමා කවුරු හරි රවටලා ඔය ගල ඒ තරම් වටින්නේ නැහැ දොර හුළගට වදින නිසා මම ගල දොරට තිබ්බා. මට සල්ලිත් එපා මාමා ගලත් අරගෙන යන්න ව්‍යාපාරිකයා කීවේය.
ඒකනෙ මුදලාලි අරු මාව රැවැට්ටුවා කමක් නැහැ මුදලාලි හොඳ ගලක් හම්බ වුනොත් මම අරගෙන එන්නම්. කියමින් ඔහු මැණික් ව්‍යාපාරිකයාගේ නිවසින් පිටවිය.
2025 දෙසැම්බර් මස 04
317
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
419
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
395
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැණික කන්ඩෙම් කර අන්දවලා