IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


මිස් කොල් මිස් වෙලා මායියාගෙන් ගුටි නොකා බේරිලා

ඉංග්‍රීසි භාෂාව නිවරැදි ලෙස හසුරුවා ගත නොහැකි වූ බිරිඳක සිය සැමියාගේ ජංගම දුරකතනයේ සටහන්ව තිබූ මිස් කෝල් යන්න ‘‘මිස්ගේ’’  කෝල්  එකක් ලෙස වැරදියට  වටහා ගැනීම නිසා නිවස තුළ ජංජාලයක් ඇති වීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා  ගම්මානයකින් වාර්තා වෙයි.
එය කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා සුන්දර වූ නමුත් දුෂ්කර ප්‍රදේශයක පිහිටි ගම්මානයකි. මෙහි පදිංචි මැදි වියේ පුද්ගලයකු සිය පවුල නඩත්තු කිරීම සඳහා  කුලී වැඩ කළද ගමේ සියලු‍ පොදු කටයුතුවලට සියල්ලට කලින් දායක වෙයි. මේ නිසාම ගමේ රාජකාරි කරන සියලු‍ රාජ්‍ය නිලධාරීන් ගමේ පොදු කටයුතුවලදී උදව්වට එක් කර ගන්නේ මොහුය .


මෙසේ සිටියදී මෙම ගමට මෑතකදී තරුණ වියේ කාන්තාවක රාජකාරියක් සඳහා පත්ව ආවේය. ඉතා ප්‍රියමනාප පෙනුමකින් යුත් ඇය සියල්ලන්ටම නිතර සිනාමුසුව කතා කර ඔවුන්ගේ සිත් දිනා ගත්තාය. ඒ නිසාම ගමේ සියලු‍ දෙනා ඇය මිස් යනුවෙන්  ගෞරවාන්විතව ඇමතූහ. ඇයගේ ගමේ රාජකාරි  සඳහා ද පෙර කී පුද්ගලයා සියල්ලන්ටම මුලින් ඉදිරිපත්ව සහාය ලබා දුන්නේය.  මිස්ගේ ගමේ ඕනම රාජකාරියක් සඳහා  ඔහු සහාය ලබා දෙන්නේ තමන්ගේ වැඩද පාඩු කර ගනිමිනි. ඔහු ඒ සියල්ල සිදු කරනුයේ ගමේ දියුණුව අපේක්ෂාවෙනි.
ඔහුගේ බිරිඳ එතරම් මෙයට කැමැති වූයේ නැත. සැමියාට ඇති  අසීමිත ආදරය නිසා ඇය සිය සැමියා  වෙනත් කාන්තාවක සමඟ කතා කරනවාට පවා අකමැති වූවාය. එතරම් අධ්‍යාපනයක්ද ලබා නොතිබූ ඇය ඒ නිසාම සිය සැමියාට නිතර දොස් කියන්නට වූවාය. එසේ වුවද ඒ සෑම අවස්ථාවකම ඔහු සිය බිරිඳට මිස්ගේ හොඳ ගති ගැන කියමින් මිස්  එහෙමයි. මිස් මෙහෙමයි කිය කියා මිස් ගැනම කියන්නට විය. බිරිඳට මෙය හිසරදයක් වූවා පමණක් නොව ඇය  තම සැමියා මිස් ගැන ඕනවට වඩා හිතන බවද සිතුවාය.
මෙසේ කාලය ගත වෙද්දී සිය සැමියාගේ දුරකතනය නාද විය. ඒ අවස්ථාවේ බිරිඳ ඒ අසලට එන අතරතුරදී එක් වරම ජංගම දුරකතනයේ නාදවීම නැවැතිණ. මේ ගැන සැක සිතූ බිරිඳ එක් වරම සැමියාගෙන්  ජංගම දුරකතනය උදුරා ගෙන බලාගෙන ගියාය. ඉංග්‍රීසි භාෂාව ගැන ඒතරම් දැනුමක් නොතිබූ ඇය ජංගම දුරකතනයේ  ඉංග්‍රීසියෙන් සටහන්ව තිබූ  ‘‘මිස්’’ කෝල් යන්න මිස් ගේ කෝල් එකක් ලෙස වරදවා වටහා ගැනීම නිසා සැමියාට එදින පුරාම බිරිඳගේ දෝස්මුරයට මුහුණ දෙන්නට විය. පසුව දීර්ඝ වේලාවකට පසුව අසල්වැසි ඥාතියකු පැමිණ සිදුව ඇති දේ ඇයට පැහැදිලි කර දී එලෙස ලැබී තිබූ දුරකතන අංකයද පෙන්වා දීමෙන් පසුව සිද්ධිය සමතයකට පත් විය.

හාරිස්පත්තුවේ මොහොමඩ්  ආසික්



අදහස් (0)

මිස් කොල් මිස් වෙලා මායියාගෙන් ගුටි නොකා බේරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 317 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 419 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 395 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site