මසුරුකමට ගිහින් අතට තට්ටු වෙලා
නිතරම අනුන්ගේ පහනේ එළියෙන් තමාගේ වැඩ කටයුතු කරගන්නා පුද්ගලයකුට මුහුණපෑමට සිදු වූ අපූරු පුවතක් මාතර දිසාවෙන් වාර්තා වෙයි.
තමා සතුව යතුරුපැදියක් හා ත්රිරෝද රථයක් තිබුණ ද ඔහු තම ගමන් පහසුව සලසාගනු ලැබුවේ වෙනත් පුද්ගලයන් මාර්ගයෙනි. ඔහුගේ මසුරුකම කොතෙක් දැයි කිවහොත්, බස් රථයකවත් ගමන් නොකර පයින් ගමන් කරන වාර ගණන ද අනන්තය. අතරමගදී හමුවන කාගේ හෝ යතුරුපැදියක යාමට ඔහු භාවිත කළ උපක්රමය වූයේ, ගමනක් යාමේදී තම හෙල්මටය රැගෙන යාමය.