IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


කුනුකොල්ලයට ගන්න ගිහින් අතින් තට්ටු වෙලා


කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ



නිවසක පැවැති උත්සවයක් සඳහා අඩු මිලට කුකුළු මස් මිල දී ගැනීමට ගොස් කාලය, ශ්‍රමය, මුදල් වැඩියෙන් වියදම් කිරීමට සිදු වූ පුවතක් මහනුවරට දුර බැහැර ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය.
නිවසේ පැවති උත්සවයක් සඳහා පැමිණෙන පුද්ගලයන් සිය දෙනකු පමණ පිරිසක් සඳහා කුකුළු මස් සහිත ආහාර වේලක් ලබාදීමට මෙම නිවසේ හිමිකරු තීරණය කර තිබිණි.
ඒ අනුව මහනුවර නගරයට කිලෝමීටර් හතළිහක පමණ දුර ප්‍රදේශයක, නිවස පිහිටි මෙම පුද්ගලයා රැකියාව සිදු කළේ මහනුවර නගරයේ පිහිටි ආයතනයකය.
ඒ හේතුවෙන් ගම්මානයේ පිහිටි කුකුළු මස් කඩයෙන් මස් මිල දී ගැනීම පසෙකලා මහනුවර නගරයෙන් අඩු මිලට කුකුළු මස් මිලදී ගැනීමට හැකි යයි පවසා මස් තොගය නුවරින් රැගෙන එන බව බිරිඳට පවසා ඇත.
 ඒ අනුව උත්සවය පැවැත්වෙන දිනයේ උදේ රැයින්ම මහනුවර බලා පිටත්ව ගොස් ඇත්තේ උත්සවයට අවැසි තවත් දේ රැගෙන ඒමට තම ත්‍රිරෝද රියෙන්ය.
එසේ මහනුවරට පැමිණි මෙම පුද්ගලයා මහනුවර නගරයේ කුකුළු මස් විකිණිමට ඇති කඩ කිහිපයකින් මස් සඳහා පවතින මිල විමසා අඩුම මිල සහිත අලෙවි සැලකින් මිලදී ගෙන නැවත දහවල් කාලයේ නිවස කරා පැමිණියේ උත්සවයේ සංවිධාන කටයුතු අවසන් කිරීමේ අරමුණිනි.


නිවසට පැමිණි ඔහු තමන් විසින් ගෙන එන ලද බඩු බාහිරාදිය පැමිණි සිටි අයගේද සහායෙන් නිවසේ මුලු‍තැන්ගෙය වෙත ගොස් බිරිඳ වෙත භාරදීමට පියවර ගත්තේය.
අවසානයේ දී රථයේ තිබූ කුකුළු මස් තොගය නිවෙස් හිමියා විසින්ම රැගෙන ගොස් උත්සවයේ ඉවුම් පිහුම් කටයුතු සඳහා පැමිණ සිටි ප්‍රධාන කෝකියා ඇතුළු පිරිස වෙත ලබා දුන්නේ හොඳ කුකුළු මස් ටිකක් ලැබුණා අඩුවට, දැන්ම හදලා ගමු, කටගැස්මටත් මේවම තමයි ගන්න තියෙන්නේ‘ යැයි කියමිනි.
ඒ අතර නිවෙස් හිමියා ගමන් වෙහෙස නිවා ගැනීමට තේ කෝප්පයක් බීමට සැරසෙන අවස්ථාවේදී, ඔහුගේ බිරිඳ වහා දුවගෙනවිත්, සුළු මොහොතකට පෙර ගෙන එන ලද කුකුළු මස් තොගය නරක්වී අැති බව කෝකියා කියන බව පවසා ඇත.
මෙය ඇසු නිවෙස් හිමියා හිසේ අත තබාගෙන මුළුතැන්ගෙය වෙත දිව යන වන විටත් මුළුතැන් ගෙය දෙසින් එන කුකුළු මස්වල කුණු ගඳ දැනෙන්නට විය.
ඒ වන විටත් මේ සිද්ධිය නිවසට පැමිණි සියල්ලන්ටම ආරංචිවී තිබූ බැවින්, රැස් වී තැනින් තැන සාකච්ඡා වන බව දක්නට ලැබිණි.
මෙය දුටු නිවෙස් හිමියා වහා කමිසයක් ඇඟලාගෙන මුළුතැන්ගෙය තුළ තිබූ කුකුළු මස් තොගයද නාසය වසාගෙන මල්ලකට අසුරා ගත්තේ ‘මදෑ ලා‍බෙට කුකුළු මස් කන්න හිටියා යැයි’ තමාටම කියා ගනිමිනි.
ඉන්පසු හනි හනිකට මහනුවර බලා පිටත් වූයේ කුකුළු මස් කඩය වැසීමට පෙර කුකුළු මස් තොගය මාරුකරගෙන උත්සව කටයුතු සඳහා රෑ බෝවන්නට පෙර යළි නිවස කරා පැමිණීමේ අටියෙනි.



අදහස් (2)

කුනුකොල්ලයට ගන්න ගිහින් අතින් තට්ටු වෙලා

himal Thursday, 14 August 2025 09:29 AM

ඒ මනුස්සයා එක පාර භාණ්ඩ කීපයක් ගන්න ගියා කියලා පුවතේම තියෙනවා. මස් කඩේ නරක් වෙච්ච මස් විකුණපු එක පැත්තක තියලා ඇයි මේ පාරිභෝගිකයාට හොඳ වැඩේ කියන තත්ත්වයෙන් ලියන්නේ? ඒ මනුස්සයා කරපු වරද මොකක්ද?

:       0       12

ගුණරත්න Thursday, 14 August 2025 06:01 PM

සියදෙනෙකුට ප්‍රමාණවත් කුකුල්මස් කියන්නේ සෑහෙන වියදමක් යන වැඩක් නේ. ඉතින් කවුරු වුණත් ගන්නේ මිල අඩු තැනකින් තමයි...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 503 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 473 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site