කාන්තාවක සමග බල්ලෙකු ද මගී බස් රථයකට ගොඩවීම නිසා එහි ඇතිවීමට ගිය අලකලංචියක් වළක්වා ගැනීමට අදාළ කාන්තාවට සිය ගමන පසෙකලා බල්ලා ද සමග බස් රථයෙන් බැසීමට සිදු වූ පුවතක් පසුගියදා වයඹ පළාතේ ප්‍රධාන නගරයකට කිලෝ මීටර් තිස්පහක් පමණ දුරකින් පිහිටි ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වීය.
එම වාර්තාවට අනුව අදාළ කාන්තාව සිය නිවසේ ඇති දැඩිකරන මෙම බල්ලා ඇය පසුපසින් පැමිණ ඇයටත් හොරෙන් මෙසේ බස්රථයට ගොඩවී ඇති බවත් මෙහිදී අනාවරණය විය.
බස් රථය අදාළ ප්‍රදේශය හරහා ප්‍රධාන නගරයට ධාවනය වන එකක් විය. කිසියම් අවශ්‍යතාවයකට එම නගරයට යාම සඳහා අදාළ කාන්තාව ඊට ගොඩවීමට සිය නිවසට තරමක් දුරින් පිහිටි මහා මාර්ගයේ නැවතුමක් වෙත පයින්ම පැමිණි සිටියාය. මේ අතර ඇගේ නිවසේ ඇතිදැඩි කරන බල්ලා ද ඇය පසුපසින්ම පැමිණ එම ස්ථානයේ රැඳී සිට ඇති අතර එය තම ගමන් බිමන්වල දී සිදුවන සුපුරුදු ක්‍රියාවක් බවත් එසේ වුවද මීට පෙර තමන් අපහසුතාවයට පත්වන මෙවැන්නක් සිදුවී නැති බවත් ඇය සිය අසල්වැසි කාන්තාවකට පසුව කියා තිබුණාය.
දම්වැලක් දමා බැඳ නොහදන බව කියන මෙම බල්ලා ඇගේ ස්වාමි දියණිය නිවසින් පිටව පයින් ගමනක් යන සෑම අවස්ථාවකදීම ඇය පසුපසින් යාම පුරුද්දක් වශයෙන් සිදුකරන සතකු බව පැවසෙන අතර එසේ වුවද අතර මගදී උගේ වරිගයෙන් ඇතිවන රැවුන් ගෙරවුම් අඩ දබර හමුවේ ඒවාට නොපැටලී පසුබා මෙම සතා ආපසු සිය නිවෙසට පැමිණෙන බවත් එවැනි කරදරයක් නොවේ නම් සිය ස්වාමියා සමග ගමනාන්තයටම ගොස් ආපසු නිවෙසට පැමිණෙන බවත් කියති.
කෙසේ වෙතත් මෙදින බස් රථය නැවතුමේ නැවත් වූ පසු ඊට අදාළ කාන්තාව පසුපස දොරටුවෙන් ගොඩවනවාත් සමගම ඇය පසුපසින් බල්ලා ද ඊට ගොඩවී ඇත. ඇය ඒ අසලම අසුනක අසුන්ගත් විගස බල්ලා ද එම අසුන යටට රිංගා ඇත. මේ අවස්ථාවේ දී දුටු දෙයින් කලබලයටත් මහත් අපහසුතාවයටත් පත් වී ඇති කාන්තාව වහාම කොන්දොස්තරවරයා මාර්ගයෙන් රියැදුරාව දැනුම්වත්කර කඩිනමින් බස් රථය නවත්වා ගැනීමට කටයුතුකර ඇත.
බල්ලාගේ හැටි හොඳින් දන්නා ඇය එහිදී ඌට උගේ නම කියා අඬ ගසමින්ම බස් රථයෙන් බැස ඇති අතර ඒ අනුව බල්ලා ද ක්ෂණිකව ඇගේ විධානයට අවනත වී ඇය පසුපසින්ම බස් රථයෙන් බැස ඇති බවත් කියයි.
‘‘මොනව කරන්න ද ඒ වෙලාවේ ලැජ්ජාවේ බෑ. කොහේ යන්න ද දෙන්නත් එක්කම ආපහු ගෙදර ආවා‘‘ යැයි ද ඇය අසල්වැසි සිය මිතුරියට පවසා තිබුණි.
කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි
2025 දෙසැම්බර් මස 04
503
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
473
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හාම් පුතාත් එක්ක බල්ලාත් බසයේ ගිහින්
ගුණරත්න Monday, 25 August 2025 12:12 PM
ගණන් ගන්න දෙයක් නොවෙයි. ඒ සතා ස්වාමි දියණියට ගොඩාක් ආදරය සහ ලැදියාව නිසයි ඔහොම එන්නේ. ධනවත් රටවල මිනිස්සු තමන්ගේ සුරතල් සතුන් රැගෙන පොදු ප්‍රවාහනයේ යෙදෙනවා... ඒ ගැන කවුරුවත් වද වෙන්නේ නැහැ.