කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
පත්තෑයාට අභය දානය දීමට යෙදූ උපක්‍රමයෙන් දින ගණනාවක්ම වේදනාවෙන් කල් ගෙවන්න වූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
හොඳ උපාසකයෙකි. හතර පෝයටම සිල් ගනියි. කාටවත් කරදරයක් හිරිහැරයක් නැති කෙනෙකි. එදා නිවසට ආවේ ලොකු පත්තෑයෙකි. දරුවන් සතා මරන්න හැදුවත් ඔහුට සත්ව කරුණාව මතු වූවේය. එනිසා පත්තෑයා අල්ලා කැලයට දැමීමට ඔහු අපූරු උපක්‍රමයක් කල්පනා කළේය. ඔහුට අදහසක් පහළ විය.
ඒ එක්කම ඔහු සිය නිවසේ ආයුධ පෙට්ටියේ තිබූ කටර් අඬුවක් ගෙන ආවේය. පත්තෑයා සිටි තැනට ගියේ ය. තමා අත තිබූ කටර් අඬුවෙන් පත්තෑයාගේ එක් පැත්තකින් අල්ලා ඉහළට ඔසවාගෙන ආවේ කැලෑවට දැමීමට ය. ඒ සමගම ඔහුට බුදු අම්මෝ කියවිණ. අත තිබූ කටර් අඬුවද තද වී ගියේ ඉබේටම ය. චප්ප වූ පත්තෑයා මැරී බිමට වැටුණේ ය.
ඔහුගේ අත වේදනාව දිදී බලා ඉන්දෙද්දීම ඉදිමී අවේය. වේදනාව ඉවසුම් නොදුන්නේ ය. වහාම ඔහු දිවගියේ ගමේ විෂ වෙද මහතා වෙතය. ඒ ගිය ගමන් වෙද මහතා සිදුවූ දෙය ඔහුගෙන් ඇසුවේ ය. ඔහු කටර් අඩුවෙන් අල්ලා තිබුණේ පැත්තෑයාගේ පස්ස පැත්තෙනි. කටර් අඬුවට තදවී වේදනාව විඳි පත්තෑයා දිග ඇඳී අනෙක් පැත්තේ ඇති දළවලින් ඔහුට දෂ්ට කර ඇති බව විෂ වෙද මහතා කී විට ඔහුට තමා කළ අනුවනකම මතකයට ආවාලු.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සත්ව කරුණාව ආපස්සට කැරකිලා