මසකට වතාවක් ගමට පැමිණ මහ හයියෙන් ගමටම ඇහෙන්න ගීත ප්‍රචාරණය කරන නිසා ගමේ ඈයොන්ගෙන් හොඳ ගුටි පූජාවක් කෑ පුද්ගලයකු පිළිබඳ පුවතක් වලපනේට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි.
සිදුවීම නම් මෙසේය. ඔහු වයස 30 ඉක්ම වූ තරුණ වියත් මැදි වියත් අතර සිටින්නෙකි. රැකියාව වශයෙන් කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක රියදුරකු වශයෙන් සේවය කර ඇත. ඔහු විවාහකයකු නොවන අතර තම මහලු මව සමඟ වාසය කර ඇත. මසකට වතාවක් රැකියාවේ නිවාඩුවට පැමිණෙන මොහුට ගම්වාසීන්ට කරදරකාරී පුරුද්දක් තිබී ඇත. එනම් ඔහු නිවාඩුව සිටිනතාක් කල් මහ හයියෙන් රෑ යාමය වන තුරුම ගීත ප්‍රචාරණය කිරීමයි. කාලයක සිට ගම්වාසීන්ට මෙය ඉතාම කරදරකාරී අත්දැකීමක් වී ඇත.
ගමේ දරුවන්ට පාඩම් කරන්න හෝ අනෙකුත් ගම්වාසීන්ට නිදහසේ තමන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම් කර ගැනීමට මෙම පුද්ගලයාගේ මෙම ක්‍රියාව නිසා ඕනෑ තරම් බාධා සිදුව ඇත. මුලින්ම අප කථානායකයාගේ මෙම ක්‍රියාවට විරුද්ධව ඔහු හමුව ගොස් ගම්වාසීන් සුහදව දැනුවත් කොට ඇත. නමුත් ඔහු ඒ කිසිවක් කනකට ගෙන නැත. ඉන් පසු ඔහුගේ මවගෙන් මේ ක්‍රියාව නවත්තන්නට ඇයගේ පුත්‍රයාට උපදෙස් දෙන මෙන් ගම්වාසීන් ඉල්ලීම් කර ඇත. ඔහු එම අවස්ථාවෙත් මෙම කරුණ කනකට ගෙන නැත.
කෙතරම් දැනුවත් කළත් මොහු කනකට නොගත් නිසා ගම්වාසීන් එක්ව පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඇත. පොලිසියේ මහත්වරුන් ඔහුට එම ක්‍රියාව නැවැත්වීමට උපදෙස් දී ඇත. නමුත් ඔහු නම් එය කනකට ගෙන නැත. කාලයක සිට අප කතා නායකයාට විරුද්ධව පැමිණිලි එකෙන් දෙකෙන් පටන් ගෙන පැමිණිලි 80 ක් දක්වා වී ඇත. කොතරම් නම් විවිධ පාර්ශව ඔහුව දැනුවත් කළද ඔහු ඔහුගේ ක්‍රියාව නොනවත්වා කරගෙන ගොස් ඇත. අවසානයේ ඉවසා එලක් නැති බව සිතු ගම්වාසීන් එක්ව ඔහුට හොඳ ගුටි පූජාවක් ලබා දී ඇත. කාහටවත් යටත් නොවී තමන්ම නිවැරදි යැයි සිතු ඔහුට අවසානයේ හොඳ දඬුවමක් ලැබී ඇත. දැන් ඔහු තමන්ට පමණක් ඇසෙන ආකාරයෙන් ගීත-ප්‍රචාරණය කර ගන්නා බවත් ඔහු නිවාඩුවට ගමට ආවත් ඉන්නවාද? නැද්ද? කියා සොය ගැනීමට නොහැකි බවයි ගම්වාසීන් පවසන්නේ.
පවිත්‍රා දේශානී
2025 දෙසැම්බර් මස 04
503
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
473
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජොලි කරන්න ගිහින් අම්බානට ගුටි කාලා