පවිත්‍රා දේශානි
අසල්වැසි නිවසේ මළ ගෙදර පැමිණ තමා හොල්මන්වලට බය නෑ යි පුරාජේරූ ගසා ගමේම ලැජ්ජාවට පත් වූ මහත්මයකු පිළිබඳ පුවතක් රඹුක්කන ප්‍රදේශයට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වෙයි.
සිදුවීමට මුහුණදුන් අප කතානායකයා ගමේ ප්‍රසිද්ධ සුළු ව්‍යාපාරිකයෙකි. ඔහු පුරාජේරුවට උපන් හපනෙකු යැයි ගමේ කා අතරත් නොරහසකි. විවාහකයකු වන ඔහු දෙදරු පියෙකි. සිදුවීම නම් මෙසේය.
ගමේ අසල්වැසි නිවසක මළ ගෙයක් සිදුව ඇත. මියගිය පුද්ගලයා අප කතා නායකයාගේ ඥාතියෙකි. සිදුවීම සිදු වූ දිනයේ දවල් යාමයේ සිට සියල්ලෝම මළගේ වැඩ කටයුතුවලට උදව් කිරීම පිණිස පැමිණ ඇත. ගෙවල් අස්පස් කරන කටයුතු හා උයන පිහන කටයුතු නිමකර බවලත් උදවිය සවස් යාමයේ නිවෙස්වලට පිටත් වී ඇත.
රෑ යාමය වන විට ගමේ පිරිමි පාර්ශ්වය මළ ගෙදර කටයුතුවලට උදව් කිරීමට පැමිණ ඇත. මේ පිරිස අතර අප කතානායකයාත් සිට ඇත. දවසට නියමිත වූ වැඩකටයුතු අවසන් වූ පසු පිරිස එක් වී කතාවට වැටී ඇත. එහිදී කතාවේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ හොල්මන් සම්බන්ධ සිදුවීම්ය.
මේ අතරතුර හොල්මන්වලට බය පිරිස හා බය නැති පිරිස කියා කතාව උච්ඡස්ථානයට පැමිණ ඇත. අප කතානායක තුමා හොල්මන්වලට බය නැති බවත් ඕනෑම අවස්ථාවක ගමේ සොහොනට වුව ද තනියම යා හැකි බව ප්‍රකාශ කර ඇත. ඉන්පසු අනෙක් පිරිමින් එසේ නම් දැන් තනියම සොහොනට ගොස් පැයක් පමණ එහි තනියම කාලය ගතකොට නැවත මළ ගෙදරට පැමිණෙන්න යැයි අභියෝගයක් භාර දී ඇත.
අභියෝගය භාරගත් ඔහු තනියම සොහොනට ගොස් කණුවකට හේත්තු වී යම් කාලයක් ගත කර නැවත පැමිණෙන්නට සූදානම් වී ඇත. නමුත් ඔහුගේ පිටුපසින් කවුරුන් හෝ අල්ලා ඉන්නා වගක් දැනී ඇත. ඉන්පසු පසුපස නොබලා දිවීමට ගත් උත්සාහයත් ව්‍යර්ථ වී ඇත. මේ අතරතුර මළ ගෙදර රැඳි සිටි පිරිසත් මොහු සෙවීමට සොහොන් භූමියට පිටත් වී ඇත. අතරමඟදී තමන් ඇඳ සිටි ෂර්ටයත් ඉරාගෙන උපරීමේට බය වී දිවගෙන පැමිණෙන මොහුව මළ ගෙදර රැඳි සිටි පිරිසට හමු වී ඇත.
බය වී ඔහු කියන දෙයක්වත් හරි හැටි නොතේරුණු පිරිස නැවතත් ඔහුව යථා තත්වයට පත් කිරීමට කළ හැකි සියල්ල කර නිවසට ඇරලවා ඇත. පසු දින නැවත සොහොනට ගිය පිරිසට දුටු දෙයින් සියල්ල වැටහීය. කණුවට හේත්තු ව සිට ඇති ඔහු ඇඳ සිටි ෂර්ටය කණුවේ ඇණයක පැටලී ඇත. තමන්ව පිටුපසින් කවුරුන් හෝ අල්ලා සිටිනවා යැයි ඔහු වටහා ගෙන බය වී නැවත පසුපස නොබලා දිව ඇත. සිද්ධිය පසුදින පිරිස මොහුට විස්තර කළ පසු ඔහු ලජ්ජාවට පත්ව ඇත. ඇතැම් දිනෙක ගම්වාසීන් මෙම සිද්ධිය මතක් කළ විට කෝප වුවද කල්යන විට ඔහුත් එක් වී පිරිස සමඟ සිනහ වන බවයි ආරංචිය.
2025 දෙසැම්බර් මස 04
503
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
473
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කයිය ගසා සොහොනට ගිහින් පණ එපා කියා දුවලා