හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්
බිරිඳගේ සිහිනය සැබෑ කරන්න ගිය සැමියාට මතක හිටින පාඩමක් ඉගෙන ගන්නට සිදුවීමේ පුවතක් මහනුවර ප්‍රදේශයට නුදුරින් පිහිටි ගම්මානයකින් වාර්තා වෙයි. එම සිද්ධිය සැකෙවින් මෙසේය.
මොවුන් මැදි වියේ පසුවන යුවළක් වන අතර දරුවන් දෙදෙනකුගේ මවුපියන්ය. එක් දියණියක විවාහ වී වෙනත් ප්‍රදේශයක පදිංචි වී සිටින අතර පුතා තවමත් අධ්‍යාපනය ලබයි. නිවසේ ආර්ථික අගහිඟකම්ද විශාල වශයෙන් තිබිණ.
බොහෝ අවස්ථාවල නිවසේ මෙම යුවළ පමණක් රැඳී සිටින අතර එලෙස සිටින එක් අවස්ථාවක බිරිඳ සැමියාට අමුතු කතාවක් කීවාය.
“මේ මට මේ ටික දවසක ඉඳල හීනෙන් ආච්චි කියල කෙනෙක් ඇවිත් කියනවා දුවේ උඹලා ඔච්චර දුක් විඳින්නේ ඇයි මගේ රත්තරන් බඩු අපේ මහ ගෙදර පෙට්ටියක් ඇතුළේ තියෙනවා ගිහින් අරන් වරෙන් කියල කියනවා“ කියලා.
බිරිඳගේ මේ කතාව ඇසූ සැමියා ඇයට කීවේ ඇයි ඔහේට පිස්සුවක්වත් හැදී ගෙන එනවාදැයි අසමින් සමච්චල් කරමිනි. එදින ඒ කතාව එතැනින් අවසන් වුවද බිරිඳ සිය සැමියා හා තනි වන සෑම දිනකම මේ කතාව කියන්නට පටන් ගත්තාය. ඇගේ හිතේ මේ රන් භාණ්ඩ මැවී පෙනෙමින් තිබිණ.
‘ අනේ ඔයා පොඩ්ඩක් හිතන්නකෝ ආච්චි කියන මේ රන් භාණ්ඩ අපට හම්බ වුණොත් මොනවා නම් අපට කරන්න පුළුවන්ද?
සැමියා බිරිඳට දිගින් දිගටම මේ විකාර කතාව නවත්වන ලෙස කීවත් බිරිඳ එයට එකඟ වූයේ නැත. ඇය කියන්නේ වරින් වර ආච්චි කියන කෙනෙක් ඇවිත් මේ පණිවිඩය කියන බැවින් මේකේ ඇත්තක් ඇති බවයි. බිරිඳගේ කන්දොස්කිරියාව ඉවසන්න බැරිම තැන ඔය ආච්චි කවුද එයාගේ මහ ගෙදර තියෙන්නේ කොහෙද කියා ප්‍රශ්න කළේය.
“ඒක තමයි ඒයි මටත් තියෙන ප්‍රශ්නේ. මොකද මගේ ආච්චි නම් මම හොඳට අඳුනනවා. මෙයා අපේ ආච්චි නෙවෙයි. මේ ආච්චි ටිකක් උසයි. කොණ්ඩය සුදුම සුදු පාටයි. ඇස් හරිම ලස්සනයි. ගැඹුරු පැහැදිලි හඬන් කතා කළා යැයි කීවාය.
අපේ ආච්චිට නම් ඔය වගේ ලක්ෂණ තිබුණා. සැමියා කීවේය. ඔහු විවාහ වන අවස්ථාවේ ඔහුගේ ආච්චි ජීවතුන් අතර සිටියේ නැති නිසා බිරිඳ ඇයව දැක තිබුණේ නැත.
බිරියත් එයට පොහොර දමමින් ඇත්ත ඇත්ත ඔය ගොල්ලන්ගේ ආච්චි වෙන්න ඇති තමා. ඒ ආච්චි එයාගේ රත්තරන් ටික ඔයාට දෙන්න තියා ගෙන ඉන්න ඇති. ඔයා බඳින්න කලින් එයා නැති වුණානේ ඒකයි මේ හීනෙන් ඒවා දෙන්න හදන්නේ. ඇය සිය කතාව සාධාරණිකරණය කළාය.
සැමියාටද දැන් දැන් ඇගේ කතාව ගැන සුළු වශයෙන් පැහැදිමක් ඇති වෙමින් තිබිණ. ආච්චි තමන්ට අසිමිතව ආදරය කළ බවත් ඇය සතු සියලු දේ තමන්ට දෙන බව පැවසූ අයුරුත් සැමියාට මතක් විය.
ඒත් ආච්චිගේ මහ ගෙදර දැන් ඉන්නේ ඔහුගේ මවගේ සහොදරියකගේ දරුවන් සහ ඔවුන් විවාහ වී සිටින පිරිසයි. ඔවුන් සමඟ මෙම පවුල එතරම් ඇයි හොඳැයියක්ද නැත. වසර ගණනාවකින් ඒ පැත්තේ ගිහින්ද නැත. මේ හදිස්සියේ එහේ යන්නේ කොහොම දැයි ද ගැටලුවක් මතු විය. නමුත් බිරිඳ ඒ සියල්ල අමතක කර කෙසේ හෝ යමු යැයි කීවාය. සැමියා එයට එකඟ නොවී ඔයා ඉන්න මම ගිහින් බලන්නම් යැයි කියා ඔහු තම ඥාතින් සොයා ගියේය.
ඔහු යන විටත් නිවස ඉදිරිපිට හඳුනා ගත හැකි කෙනකු නොසිටියේය. මිදුලේ සෙල්ලම් කරමින් සිටි දරුවකු සිය අම්මාට කතා කළේ කවුදෝ ඇවිත් කියලයි. නිවසට ගිය ඔහු සිය ඥාති සොහොයුරිය පිළිගත් අතර ආගිය තොරතුරු කතා කළේය. කතා බහ ඉවර වී තේද පානය කිරීමෙන් පසුව සැමියා නිවස පුරා ඇවිදිමින් පැරණි පෙට්ටිය සොයන්නට විය. ඔහු පසු පස ඥාති සොහොයුරියද ඇවිද ගියාය. මොකක්ද අයියේ හොයන්නේ ඇය ඇසුවාය. නංගි ආච්චි පාවිච්චි කරපු පෙට්ටියක් තිබුණා නේද? කෝ ඒක. ඒ ඇයි ඇය ඇසුවාය. ඒකේ මගේ බඩු වගයක් තිබුණා. යැයි කීය.
මෙහේ එහෙම පෙට්ටියක් තිබුණේ නෑනේ. ඥාති සොහොයුරිය කොතෙක් කිව්වත් නොඇසූ ඔහු නිවස පුරා ඇවිදිමින් පෙට්ටිය සොයන්නට විය. තම දරුවන්ගේ කාමරවලද ඇවිදිමින් බඩු ඇද ඇද යනු දුටු ඥාති සොහොයුරිය සිය දරුවන්ටද මේ බව දැන්වූවාය.
මේ අවස්ථාවේ නිවසින් පිට සිටි දරුවන් දෙදෙනා නිවසට පැමිණ තමන් දැක නැති මොහු නිවසේ බඩු ඇද දමමින් නටන නාඩගම දැක මිදුලේ තිබූ කිතුල් පොල්ලක් ගෙන ඔහු දිගට හරහට පහර දී ඇති අතර පොලිසියට බාර දීමටද උත්සාහ කර තිබේ. කර කියා ගත හැකි දෙයක් නොවූ ඔහු හැරී නොබලා දුවන්නට පටන් ගත්තේය. බිරිඳගේ හීනය හැබෑ කරන්න ගිය ඔහුට සිදු වූයේ බිරිඳ ලවාම තැල්මට පත්තු බඳින්නටය.
2025 දෙසැම්බර් මස 04
503
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
473
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හීනේ හැබෑ කරන්න ගිහින් පත්තු බදින්න වෙලා