IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


බංකුවේ ලැගලා පටි රෝල් වෙලා


හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්



නිවසට අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිල දී ගැනිම සඳහා සුපිරි වෙළෙඳ සලකට සිය සේවකයකු සමඟ ගිය ව්‍යාපාරිකයකු යාචකයෙකු යැයි සිතා එක් පුද්ගලයකු විසින් බත් පාර්සලයක් සහ රුපියල් 50 ක මුදලක් ලබා දීමේ පුවතක් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට මෙම සිද්ධිය සැකෙවින් මෙසේය.
මහනුවර නගරයට නුදුරින් පිහිටි සුපිරි වෙළඳ මධ්‍යස්ථානයකට ව්‍යාපාරිකයකු ගියේ සිය සේවකයකුද සමඟ මෝටර් රථයෙනි. ඔහු නිවසේ හැඳ සිටි සාමාන්‍ය ඇඳුමකින් මෙම ගමන ගිය නිසා ඒ අවස්ථාවේ ඔහුගේ පෙනුමෙන් ව්‍යාපාරිකයකු ලෙස සිතිය නොහැක. මෙම ව්‍යාපාරිකයා සිය සේවකයාට අවශ්‍ය භාණ්ඩ මිල දී ගෙන එන ලෙස දන්වා ඔහු වෙළෙඳ මධ්‍යස්ථානයට පිටත වාහන නවත්වන ස්ථානයේ ඇති බංකුවක වාඩි වී සිටියේය. එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයෙකු පැමිණියේ අතේ මල්ලක්ද රැගෙනය. 


එම මල්ලේ තිබුණේ යාචකයින් සඳහා ලබා දීමට නිවසින් ගෙනා බත් පාර්සල් කිහිපයකි. සුපිරි වෙළෙඳ සල අසල බංකුවක අහිංසක ලෙස වාඩි වී සිටින මෙම ව්‍යාපාරිකයා ද යාචකයකු බව සිතා ඔහුටද බත් පාර්සලයක් සහ රුපියල් 50 ක මුදලක්ද ලබා දී කිසිවක් කතා නොකර එම පුද්ගලයා එතැනින් නික්ම ගොස් ඇත. 
මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා දැනුවත් කිරීමට හෝ වේලාවක් නොමැති වූ ව්‍යාපාරිකයා තමා යාචකයකුගේ තත්වයට පත් වීම ගැන දැඩි කනස්සල්ලක් ඇති කර ගෙන ඇති අතර සුපිරි වෙළෙඳ සල තුළ භාණ්ඩ මිල දී ගන්නා තම සේවකයා නැවත පැමිණීමට පෙර මෙම බත් පාර්සලයට කුමක් හෝ කළ යුතු බව සිතූ ඔහු වහාම මාර්ගය දෙස ටික දුරක් ගමන් කර මාර්ගයේ හමු වූ සැබෑ යාචකයකුට එම බත් පාර්සලය සහ ඔහු ලබා දුන් රුපියල් 50 ක මුදලද ලබා දී ඉක්මනින් ඔහු සිටි තැනට පැමිණියේය. 
ඒ වන විටත් ඔහුගේ සේවකයා භාණ්ඩ මිල දී ගෙන පිටත පැමිණ ව්‍යාපාරිකයා සොයමින් සිටියේය. සිදු වූ කිසිවක් සේවකයාට නොකීමට පරිස්සම් වූ ව්‍යාපාරිකයා සිය මෝටර් රථයෙන් සේවකයාද රැගෙන එම ස්ථානයෙන් නික්ම යාමට පියවර ගත්තේය.

 



අදහස් (2)

බංකුවේ ලැගලා පටි රෝල් වෙලා

Pradeep Kumara Wednesday, 20 August 2025 10:02 PM

සේවකයාටවත් නොකියූ ඒ කතාව ඔබ දැන ගත්තේ කෙසේද? මට හිතෙන්නේ ඒ ව්‍යාපාරිකයා ඔබ වෙන්න ඇති කියලා.

:       0       2

pakeer Thursday, 21 August 2025 02:36 PM

බොහෝ විට ඕනෑම මනුස්සයකු වැරහැලි වගේ කඩමාලු ඇඳුම් ඇඳගෙන පාරේ ගියොත් ඔහු හිඟන්නෙක්ද? කෝටිපතියෙක්ද කියලා කියන්න බෑ. මේ භෞතික ලෝකයේ, මනුස්සයාගේ තරාතිරම මනින්නේ, අඳින ඇඳුමෙන් සහ පදින වාහනයෙන්...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 503 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 473 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site