IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


උදවු නොකලාට රිටන් එක ඇවිත්

මිනිස්කම ගිලිහි ගිය අයකු අසරණ වූ අවස්ථාවේදි  පිහිට විය හැකි අය අහක බැලූ පුවතක් මාතලේ ඉසව්වෙන් අසන්නට ලැබුණි.
ඔහු ගුරුවරයෙකි. මාතලේ ඉසව්වේ පාසලක සේවය කරන  අයෙකි.
දිනක් ඔහු හදිසියේ කුරුණෑගලට පැමිණියේය. ඒ වෙනත්  අවශ්‍යතාවක් සඳහාය.
ඔහු එම කාරිය කරගෙන ආපසු යාමට බස් රථයක් එන තුරා කුරුණෑගල - දඹුල්ල පාරේ අතරමඟ රැඳී සිටියේය.
බොහෝ වේලාවක් ගතවිය. බස් රථයක් නැත. ඒ අතරවාරයේ කාර් එකක් ආවේය.
එය ඔහු අසල නතර කෙරුණි.


‘‘මහත්තයා මාතලේට යන්නේ කොහෙන්ද?”‍
‘‘ඔයාලා ඉබ්බාගමුවට යන්න නගරය පසුකර ටික දුරක් යනවිට තල්ගොඩපිටිය  හන්දිය හමුවෙනවා.
එතැනින් හැරෙන්න. ඒ පාර මාතලේට තමයි. මමත් යන්නේ මාතලේට. පාර දන්නේ නැතිනම් මට පාර පෙන්වන්න පුළුවන්. කාර් එකේ ඉඩත් තියෙන නිසා මමත් එන්නද”‍ මග කියා දුන් අය ඇසුවේය.
‘‘බෑ බෑ. මේකේ යන්න බෑ. පාර කිව්වාට  බොහොම ස්තූතියි”‍. ඔවුහු නික්ම ගියහ. පසුව මාතලේට යන ලංගම බසයක නැගී ඔහු  සවස් යාමයේ ගෙදර ගියේය. තම නිවස ඉදිරිපිට ආපදාවකට ලක් වූ කාර් එකකි.
‘‘අනේ අපේ කාර් එකේ රෝදයක් මාරු කරන්න වෙනවා. ජැක් එකක් හොයලා දෙන්න.’’ එහි සිටි පිරිස අතරේ සිටි අයෙක් එතැනදී  ඉල්ලීමක් කළේය.
“අර බසයෙන් බැහැපු මහත්තයලා ගෙදර නම් ජැක් එකක් තියෙනවා. ඉල්ලා ගන්න. එයා දෙයි.”‍ ඒ අවට සිටි  කතක් කීවාය.
අසරණතාවයට පත් වාහනයේ රියැදුරු ඒ බසයෙන් බැසගත් මහතාට කතා කළේය.
”‍සර්, ගෙදර ජැක් එකක් තියෙනවා කියලා දැන ගන්න ලැබුණා. අපිට පොඩ්ඩකට දෙනවාදැ” යි රථයේ ආපදාව පෙන්නා ඇසුවේය.
“ජැක් එකක් තියෙනවා. ඒක මං කාටවත් දෙන්නේ නෑ. අපේ වාහනවලට මිස අන් අයගේ වාහන හදන්න නෙමෙයි එව්වා තියෙන්නේ” කියා ඔහුත්  කිසිදු අනුකම්පාවක් නැතිවම ගේට්ටුව වසාගෙනම ගෙට ගියේය.
‘‘ඒයි, ඒ බං අර උඹ දාගෙන එන්න බෑ කියපු මහත්තයා නේද? ඒ ගියේ. උදව් නොකලාට උඹලාට මෙව්වා හොඳ පාඩම්”‍ යනුවෙන්  පැවසූ රියැදුරා ඇතුළු පිරිසට ජැක් එක පෙනි පෙනී කාර් එක හදා ගන්න බැරිව බොහෝ වේලාවක් එතැන තපින්නට සිදුවුණේ මිනිස්කම හමුවේ නොමිනිස්කම් ඉස්මතු කළ නිසාලු‍.    

මොරගොල්ලාගම  සිසිර කැලේගම



අදහස් (0)

උදවු නොකලාට රිටන් එක ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 84 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2023 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site