IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


දුවගේ දරුවන් බලාගන්න ආ කතක එක්ක සීයා පැන ගිහින්

දියණියගේ දරුවා බලාගැනීම සඳහා නිවසට පැමිණ සිටි වැඩිහිටි දරුවන් තිදෙනෙකුගේ මවක වූ ඥාති කාන්තාවක හා පෙමින් බැඳුණු හැටපස් හැවිරිදි පියකු ඈ හා පවුල් කෑමට වෙනත් ප්‍රදේශයකට පලාගිය පුවතක් ගැන දකුණු පළාතේ නගරයකින් පසුගිය දා වාර්තා විය.
වැඩි පඩි ගෙවන රජයේ දෙපාර්තමේන්තුවක රැකියාව කරමින් සිට දැනට වසර පහකට පමණ පෙර විශ්‍රාම ලැබූ මෙම වැඩිහිටියාගේ බිරිඳ බොහෝ මෑතක මියගොස් තිබේ. ඔහු ත්‍රිරෝද රථයකට ද හිමිකම් කියන්නෙකි. ගුරුවරියක වන දියණිය හා ආරක්ෂක අංශයේ රැකියාවක නියුතු බෑණනුවන් හා තම නිවසේ වාසය කර ඇත. මීට මාස හයකට පමණ පෙර දියණියට කුළුඳුල් දරුවා ලැබී ඇති අතර තාත්තා ළඟ දරුවා තබා රැකියාවට යාමට නොහැකි නිසා පිළියමක් ලෙස ඒ සඳහා සුදුසු වැඩිහිටි කාන්තාවක දියණිය හා බෑණා විසින් සොයා ඇත.
එහිදී ඔවුන්ට වැඩිහිටි දරුවන් ද තිදෙනකු සිටින ස්වාමියා අහිමි ඥාති කාන්තාවක හමුවී තිබේ. උදේ සහ දිවා ආහාර සමග රුපියල් 35,000ක පඩියක්ද ලබා දී තිබේ. උදේ පැමිණ සවස ගෙදර යන පොරොන්දුව මත ඇය රැකියාව කර ඇත.


පසුගිය දිනක උදෑසනම මේ තාත්තා තේ එකවත් නොබී ත්‍රිරෝද රථයෙන්  නිවසින් පිටවී ගොස් ඇත්තේ ‘‘මට ලේ එකක් චෙක් කරගන්න තියෙනවා’’ යැයි කියමිනි. දියණිය පාසල් යාමට  සූදානම් වී දරුවා බලාගන්නා කාන්තාව පැමිණෙන තෙක්  බලාසිට ඇගේ ප්‍රමාදය නිසා දුරකථනයට ඇමතුමක් ලබාගෙන ඇති අතර එයද විසන්ධිවී තිබී ඇත. කෙටි නිවාඩුවක් හෝ දමා රැකියාවට යන චේතනාවෙන් තාත්තා දැන්ම එන්නේ දැයි බැලීමට ඔහුට ඇමතුවද ඔහුගේ දුරකතනයද විසන්ධි වී තිබී ඇත. ඉන්පසු වැඩිහිටි කාන්තාවගේ දියණියට ඇමතුමක් ගෙන විමසීමේදී ඇය පවසා ඇත්තේ ‘‘අම්මා උදේම ආවා’’ යැයි කියාය.
ඉන්පසු ඈ සිදුවී ඇති අලකලන්චිය ගැන සිය ස්වාමියාට දන්වා ඇත. ඔහු සිද්ධිය අසා ‘‘ගින්දරයි පුළුනුයි ළං කළේ අපි තමයි. මම ඉක්මනින් එන්නම්’’ යැයි පවසා කලින් නිවසට පැමිණ ඇත.
සිදුවූ සිදුවීම් පෙළගස්වා බැලීමේදී මේ දෙදෙනාම තම තමන්ගේ  ඇඳුම් පවා ගෙන ගොස් ඇති බැවින් කොහේ හෝ එකට ඇති බව තහවුරු වී ඇත. සිදුවිය හැකි අවමානය නිසා සිද්ධිය පොලීසියට දැනුම්දීමට පාර්ශව දෙකම එකඟවී නැත. පසුව බෑණාගේ සම්බන්ධතා හරහා සොයා බැලීමේ දී මොවුන් දෙදෙනා ආසන්න ගමක නිවසක් කුලියට ගෙන සතුටින් සිටින බව දැනගන්නට ලැබී ඇත.
දරුවා දිවා සුරකුම් මධ්‍යස්ථානයකට යොමුකර මූලික ගැටලුව විසඳාගෙන ඇතත් හිතවතුන් හා ඥාතීන් තාත්තා පිළිබඳව විමසීමේ දී මොවුන් දෙපළ තවමත් දැඩි අසීරුතාවයට පත්වන බවද වාර්තා වේ.  

පෝද්දල සරත් ආනන්ද ගමගේ



අදහස් (2)

දුවගේ දරුවන් බලාගන්න ආ කතක එක්ක සීයා පැන ගිහින්

ගුණරත්න Monday, 25 August 2025 12:08 PM

පැනලා යන්නේ මොකටද? දෙන්නාම වැඩිහිටි, වැන්දඹු සහ වයස සමාන යුවලක්, ඉතින් විවාහ වෙලා සන්තෝසෙන් ඉන්නයි තියෙන්නේ...

:       1       10

pakeer Tuesday, 26 August 2025 02:06 PM

මේවා ඉතා සාමාන්‍ය දේවල් ලංකාවේ එවුන් තාමත් ඉන්නේ වහල් මානසික මට්ටම් වල නිදහස් නෑ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 503 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 473 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site