අම්පාර නගරයේ සිට තරමක් ඈතින් ඇති උපනගරයක පිහිටි රාජ්‍ය බැංකුවක් අසල බස් මගී ආවරණයක් ඇත. උදෑසන 9-00 ට පමණ එහි වාඩි වී සිටි රූමත් තරුණ කාන්තාවක හඬමින් සිටින අයුරු එතැනින් ගමන් කළ යතුරුපැදියේ සිටි තරුණයකු දැක ඇති අතර ඔහු බැංකුවට ගොස් නැවත ඇය සිටි තැනට ආවේ ඇය කෙරෙහි සහකම්පනයක් ඇතිවී මෙනි.
උපකාරයක් කිරීමේ අදහසින් ප්‍රශ්න කිරීමේදී මෙම කාන්තාව යාබද කොලණියක පදිංචිකාරියක බව ඔහුට පැවසුවාය.
“ඇයි මොකක්ද ප්‍රශ්නේ ?” කියමින් ඔහු ඇය සමඟ තව දුරටත් කතාවට වැටී ඇත. කඳුළු පිරි දෑසින් පසු වූ ඇය කට හඬ අවදිකරමින් “බලන්නකෝ මගේ මනුස්සයා හැමදාම මට ගහනවා. අද උදේත් ගැහුවා. මම ගෙදරින් පැනලා ආවේ තවත් නම් ගුටි කන්න බැරි නිසා මම කොළඹ යන්න හිතාගෙන ආවා” යැයි ඇය පැවසුවාය. ඒ සඳහා හැකි නම් තමන්ට රුපියල් තුන් දහසක් දෙන ලෙස ඇය ඉල්ලා සිටි අතර එය ඊසි කෑෂ් ක්‍රමයට ඔහුට ආපසු ලබාදෙන බවද ඇය පැවසුවාය. ඒ අනුව ඇය ඔහුගේ ජංගම දුරකතන අංකයද ලබාගත්තාය. ඇයගේ ඉල්ලීම ඉටු කිරීමට එකඟ වූ තරුණයා ඇය තම යතුරුපැදියේ නංවාගෙන අම්පාර නගරයට පැමිණ ඇත. ඉන් පසුව ඇයට මුහුණ සෝදා ගැනීමට අවශ්‍ය බව පැවසූ බැවින් එයට සුදුසු ස්ථානයක් බලාගෙන එනතුරු ඇය ප්‍රසිද්ධ ක්‍රීඩාංගණයක් අසල නතර කර ගිය තරුණයා ඇය සිටි තැනට ඔහු නැවත පැමිණ බලන විට මායාවක් මෙන් ඇය මැකී ගොස් සිටියාය.
බොහෝ වෙලාවක් ඇය එනතුරු මග බලා ගෙන සිටි තරුණයා එදින සවස කොළඹ බලා යන නගරාන්තර බස් සියල්ල අම්පාර බස් නැවතුමෙන් පිටව යනතුරු සෝදිසියෙන් බලා සිටියත් ඇය දක්නට ලැබී නැත. රාත්‍රි කාලයේ මෙම තරුණයා ආපසු ගොස් ඇත්තේ ඇය පිළිබඳ මැවූ සිහින සියල්ල සුන්වීමෙන් බව පසුවදා මිතුරෙකුට පවසා ඇත. එවිට මිතුරා ඔහුගෙන් ඇයගේ ශරීර ලක්ෂණ සහ හැඩ රුව ගැන විමසා මෙසේ පවසා ඇත. “ඕක ගණන් ගන්න එපා. ඔය ගෑනි කීප දෙනකුම අන්දලා සල්ලි කඩාගෙන තියෙනවා. අද උදේ මම දැක්කා ළමයි දෙන්නත් දාගෙන මෝටර් සයිකලේකින් ඉස්කෝලෙට ගියා” යැයි මිතුරා පවසා ඇත.
හිඟුරානේ නවරත්න සමරතුංග
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මායාවකට තරුණයා ඇන්දිලා