කඹුරුපිටිය විශේෂ කේ. අජිත්.
නිවසෙහි ඇති දැඩි කළ සුනඛයින් මහ මගට ගෙනවිත් පාප කර්මයක් කරගත් පුද්ගලයකු හට තවත් එවැනි දේ නොකිරීමට පාඩමක් කියාදුන් පුවතකි.
දකුණේ ප්‍රධානතම නගරයක් ආසන්නයේම විහාරස්ථානයකි. පසුගිය දිනක උදෑසන කුඩා හිමිනමක විහාරාධිපති හිමියන්ට පවසා සිටියේ විහාරස්ථානයට ඇතුළුවන ගේට්ටුව අසලට බලු පැටවුන් සහ බැල්ලක ගෙනවිත් දමා ඇති බවයි.
එසැනින් එතනට පැමිණ බලන විටත් ගෙනවිත් දමා සිටි එක් බලු පැටවකු මියගොස් තිබුණි. මෙයින් දැඩි කම්පාවට පත් ඒ හිමියන් අනෙක් පැටවුන්ගේ ආරක්ෂාව සලසා, ආහාර ලබා දීමට කටයුතු කළේ බොහෝ කලකිරීමෙනි.
මෙලෙස දිගින් දිගටම මිනිසුන් කරන මෙම සත්ව හිංසනය නැවත්වීමටත් එම පුද්ගලයන් සොයා එහි ආදීනව වටහා දී කරුණු අවබෝධ කර දීමට උන් වහන්සේ අදිටන්කර ගත්හ.
ඒ සඳහා පන්සල ඉදිරිපිට නිවසෙහි තිබූ කැමරා පද්ධතිය නිරීක්ෂණය කෙරිණි. එහිදී දැකගත හැකි වූයේ උදෑසන 4 ට පමණ නවීන පන්නයේ ජීප් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම සතුන් ගෙනත් දමන ලද අයුරුයි.
එම වාහනයේ හැඩය පාට මෙන්ම අංකය තමන්ට හුරු පුරුදු බවත් එහි පැමිණි පුද්ගලයාද තමන් දැක ඇති කෙනකු බව වටහාගත් නා හිමියෝ මේ පිළිබඳ සෙවීමේදී තම පන්සලේම දායක මහතකු බව හඳුනාගෙන ඔහු ගෙන්වීමට කටයුතු කළහ. “මෙහෙට එන්න මහත්මයා” කියමින් විහාර මන්දිරයට එක්කරගෙන ගිය ඔහුට පව් කිරීමේ ආදිනව පිළිබඳව දහම් පද දේශනා කළ අතර ඒවාට අදාළ සිතුවම්ද පෙන්වමින් කරුණු අවබෝධ කර දෙන ලදී.
ඉතා හැඟුම්බරව මේ ධර්ම දේශනාව අසා සිටි ඔහු එය අවසන්වීමටත් පෙර නා හිමියන්ගේ දෙපා නමස්කාර කර කඳුළු සලමින් පවසා සිටියේ කරුණු අවබෝධ කර දුන්නාට පින් සිදුවන බවත් මින් මත්තට මාගෙන් කිසිදු පව්කාර වැඩක් සිදුනොවන බවය.
එසේ කියා වාහනයෙහි දොර විවෘත කර තමා ගෙන එන ලද සුනඛයින් වාහනයට දමා ගෙන කඳුළු පිරි දෙනෙතින් යුතුව යන්නට පිටත් වන විට පැමිණ සිටි පිරිස “දෙයියෝ සාක්කි මේ වගේ අයත් මෙහෙම දේවල් කරනවද” කියමින් නිකටේ අත තබා ගත්තාලු.
2025 දෙසැම්බර් මස 04
503
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
473
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දායකයාට රෙදි ගැලවෙන පාඩමක්
Pradeep Kumara Thursday, 21 August 2025 10:05 PM
කරන තරමක් ඔවැනි දේවල් කරන්නේ ඔය වගේ අයම තමයි.
chinthana Saturday, 23 August 2025 11:27 AM
ඔය මිනිහා ඔය සතුන් වෙන කොහේට හරි ගිහින් දායි... ගෙදර ගෙියන එකක් නෑ.