මෙය මැණික් පුරයේ සිදුවූ මැණික් කතාවකි. ඔහු හද්දා කපටියෙකි. කළොත් කරන්නේම කපටි වැඩය. ඇතැම් කපටිකම් මෝඩ කපටි කම්ය.
දිනක් ඔහු දිය නාමින් සිටින විට ගං පතුළේ දිලිසෙන ගලක් දුටුවේය. ඔහු එය අතට ගෙන බැලුවේය. මේක දිය තරිප්පුවක් ඔහුට කියැවිණි.
දිය තරිප්පු යනු මැණික් කුලයට අයත් ගල් වර්ගයකි. සුදු පැහැතිය නමුත් ඒවා වටින්නේ නැත. පෙනුමෙන් අලංකාරය.
මේක පාට කරලා විකුණන්න පුළුවනි. ඔහු තනිවම කල්පනා කළේය. ඒ අනුව නගරයට ගොස් වෙළඳ සලකින් පාට නොමැකෙන පෑනක් මිලදී ගෙන හෙමින් සීරුවේ ගල පාට කළේය.
දැන් ගල තද නිල් මැණිකකි. ඔහු කෙළින්ම නගරයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට ගියේය. මුදලාලි පොඩි ගල් කෑල්ලක් ගෙනාවා ඔහු කීවේය.
ආ...... කෝ බලමු මුදලාලි කීවේය. ඔහු ගල ඒ අත මේ අත පෙරළා බැලුවේය. මුදලාලිට ගල ගැන සැකය. යමුකෝ කාමරයට ටෝච් එක ගහල බලන්න ඕනි. ඒ අනුව දෙදෙනාම කාමරයට ගියහ.
මුදලාලි හෙමින් සීරුවේ කාමරයේ දොර වැසුවේය. ඉන්පසු ටෝච් එක ගසා නැවත ගල පරීක්ෂා කළේය. මේ පාට කරපු ගලක්.
මුදලාලිට යකා නැග්ගේය. කපටි රජාගේ කනට දෙතුන් පාරකින් සංග්‍රහ කරන්න අමතක නොකළේය.
අනේ මුදලාලි ගහන්න එපා මම ඇත්තටම කියන්නම් මේක පාට කරපු ගලක්තමයි.
කෙසේ වෙතත් මුදලාලි තව දෙතුන් පාරක් හොඳවයින් දෙක තුනක් දී ඔහු පිටත් කර හැරියේ මින් පසු මෙවැනි නොහොබිනා කපටි වැඩ නොකරන ලෙසට අවවාද කරමිනි.
ඔහු මැණික් මුදලාලිගේ නිවසින් පිට වූයේ දෙවියන් සිහිකරමින්ය.
බලංගොඩ
වයි.ඒ.එස්.වීරසිංහ
2025 දෙසැම්බර් මස 04
503
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
473
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැනිකට අන්දවන්න ගිහින් කනේ පාරක්