IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


අනංගයාට මතක හිටින තෑග්ගක්

රූමත් තරුණ ගැමි කාන්තාවකගෙන් මතක හිටින තෑග්ගක් ඉල්ලු අනංග තරුණයකුට ජීවිතේ අමතක නොවන පාඩමක් සමඟ අමතක නොවන තෑග්ගක් දුන් කාන්තාවක පිළිබඳ පුවතක් හසලක පොලිස් වසමේ එක් ගම්මානයකින් වාර්තා විය.
මහියංගන පොලිස් වසමේ පදිංචි තිස්හය හැවිරිදි තිදරු පියකු වන මොහු අනංගයකු බව ඔහුගේ හිත මිතුරන් මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරුන් ද හොඳ හැටි දන්නා කරුණකි. මොහු මෙම කාන්තාවගේ සැමියාගේ මිතුරෙකු වන හෙයින් ඔවුනොවුන් ද මිතුරන්ය. ඇයගේ සැමියා ද එක්තරා ආයතනයක සේවය කරන්නෙකි.
මෙදින මහියංගන සති පොළට ගිය ඇයට අහම්බෙන් මේ අනංග මිතුරා ද හමුවිය. එහිදී ආගිය තොරතුරු කතා කරමින් සිටින අතරේ ඔහු ඇගේ අඟ පසඟ දෙස හොරැහින් බලන අයුරු ඇය මැනවින් අවබෝධ කර ගත්තාය. 
මේ අතරේ ඔහු යෝජනා කළේ තමන්ට ඇය සමඟ තනිවම කතා කළ යුතුව ඇති බවත් ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසත්ය. එහිදී ඇය පැවසුවේ එහෙම විශේෂත්වයක් ඇයි ද කියා විමසු විට ඔහු පවසා ඇත්තේ එය හමු වූ පසු පවසන්නම් කියාය. “හා බලමුකෝ” ඇගේ පිළිතුර විය.


සතියේ දිනක් වූ මෙදින දරුවන් පාසල් ගිය පසු දහවල් 10ට පමණ සිය නිවසේ මුළුතැන් ගෙයි කිසියම් වැඩක නිරතවී සිටින විට දී නිවසේ මිදුල දෙසින් වාහනයක හෝන් හඬක් ඇසි වහා දිව විත් බලන විට පෙර දිනක සති පොළේදී හමු වූ සැමියාගේ අනංග මිතුරා බවට දැක තිබේ. “ආ අයියේ ”යැයි ඇය කියනවාත් සමඟම යතුරු පදියෙන් බැස අනාරාධිතවම නිවසට ගොඩ වූ ඔහු ශාලයේ තිබු පුටුවක් මත වාඩි විය.
 “ ඔන්න මම ආවා. නිදහසේ ඔයාත් එක්ක කතා කරන්නත් එක්ක හිතාගෙන. හැබැයි අද මට ඔයාගෙන් මතක හිටින තෑග්ගක් ඕනේ. දෙන්න පුළුවන් නේද?“ යැයි ඔහු ඇයගෙන් විමසා තිබේ. “ආ ඕක මොකක්ද? අයියට නොදෙන තෑගි අපි ළඟ තියෙනවද? ඔහොම පොඩ්ඩක් ඉන්න කෝ. මම බොන්න මොනවා හරි හදාගෙන එන්නම්. අයියට මහන්සිත් ඇතිනේ”   “නෑ නෑ දැන්ම මොනවත් බොන්න ඕනේ නැහැ. පස්සේ බොන්න බැරියැ.”  ඔහු එසේ පැවසුවත් එයට පිළිතුරක් නොදි ඇය නිවස තුළට ගොස් විනාඩි කීපයකින් බන්දේසියක තබාගෙන ඔහුට පානය කිරීම සඳහා දෙහි යුෂ සහිත වීදුරුවක් පිළිගන්වනු ලැබීය.
“ස්තුතියි නගාට” යැයි කියමින් එම දෙහි යුෂ සහිත වීදුරුව අතට ගෙන පරීක්ෂා කිරීමේදී එහි පවතින අමුතු සුවඳත් වර්ණයත් වෙන දෙහි යුෂ පානයන්වල නොදුටු හෙයින් “ නංගි මේ මොන පානයක්ද” යැයි විමසා ඇත.
“ඕකට කියන්නේ අමතක නොවන ආගන්තුක පානය කියලයි. මේක අයියටමයි විශේෂයෙන් මම හැදුවේ. මම ඔය දෙහි පානය හදන්න ඉගෙන ගත්තේ රූපවාහිනියේ වැඩ සටහනකින්. බොන්න අයියා ඕක හරිම රසයි. ගෙදර ගිහිල්ලා නෝනටත් කියලා එකක් හදාගෙන බොන්න.”
දෙහි යුෂ පානය උගුරක් දෙකක් බිව්වත් එහි පවතින අධික ලුනු රසයත් සැර ගම්මිරිස් ගතියත් ඔහුට දැඩි අප්පිරියවාක් මෙන්ම වේදනා ගෙන දෙන්නක් විය. “හරි සැරයිනේ නංගි මේ දෙහි යුෂ එක” කියා පානය කර ඉතිරි වූ කොටස මේසය මත වූ බන්දේසියේ තබා “අනේ නංගි මේක බිව්වට පස්සේ කට දැවිල්ලක් එනවා. අධික ලුණු රසයට මගේ තොල් දෙකත් පිච්චිලා ගියා වගෙයි. මට වතුර ටිකක් දෙන්නකො කට සෝදා ගන්න.” මොහුට යම් වෙනසක් සිදුවෙන බව ඉවෙන් මෙන් දැනුණි. එන පොට හොඳ නෑ වහාම මෙතනින් නොගියොත් වෙන්නේ මහ විනාශයක්, ඔහුටම කියාගෙන අසුනෙන් නැගිට ආපසු යෑම සඳහා මිදුලට බැස තිබේ. 
මෙසේ ඔහු පිටව යාමට සූදානම් වෙන විට ඇය “ආ අයියා නිකම්ම යන්න එපා. ඔයාට මගෙන් මතක හිටින තව තෑග්ගකුත් තියෙනවා. ඒකත් අරගෙනම යන්න.” යැයි කියමින් ඇය කඩි මුඩියේ නිවස තුළට දුව ගොස් රතුපාට රිබන් පටියක් සහිත කුඩා පාර්සලයක් රැගෙන විත් ඔහු අත තබා අයියා පරිස්සමෙන් යන්න. අයියාට ආයෙත් මතක හිටින තෑගි ඕන වුණොත් මෙහේ අපේ මහත්තයා ඉන්න වේලාවක එන්න. එතකොට එයාගෙනුත් මම තෑගි ඉල්ලලා දෙන්නම්.” යැයි කියනවාත් සමඟම ඔහු ඇය රැගෙන ආ වතුර විදුරුව ද එක හුස්මට හිස්කර තෑග්ග ද මල්ලක රැගෙන යතුරු පැදියේ නැගි වහා පිටව ගියේය. 
එදින සවස දුරකතන ඇමතුමක් ගෙන සැමියාට ඇය පවසා ඇත්තේ පෙර දිනක සති පොළේ දී හමුවූ මිතුරාගේ කතා බහත් අහඹු ලෙස නිවසට පැමිණි පසු මිතුරාගේ යෝජනාවත් ඔහුගේ දෙහි යුෂ පානයට වැඩිපුර දියලුණු සහ අධික ලෙස ගම්මිරිස් එක්කර පානයට දුන් බවත් තෑගි වශයෙන් ගෙවත්තේ මිය ගොස් සිටි ගොළුබෙල්ලන් දෙතුන් දෙනෙකු පාර්සල් කර දුන් බවත්ය.
 එය අනංගයකු වූ ඔහුට මතක හිටින පාඩමක් වේවි යැයි සිතා තමන් එසේ කළේ මොහුගෙන් තවත් කාන්තාවකට වෙන්නට තිබු අවාසනාවන්ත කතාවකට තිත තැබීමට බවත්ය. මෙය පසු දින ගමේ පාසල් පරිශ්‍රයේ මෙන්ම කඩ පිලේ ද කතා බහට ලක් වූ මාතෘකාවක් වී තිබිණි. 

හසලක සුනිල් ඒකනායක



අදහස් (0)

අනංගයාට මතක හිටින තෑග්ගක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 503 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 473 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site