IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පෙම්වතියයි සිතා කළුවරේ ආච්චිගේ අත ගාලා

පෙරහර බලන්න ගිය පෙම්වතකුට සිදුවූ අපූරු අකරතැබ්බයක් පිළිබඳව පුවතක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ.                        
ඔහු ගමේම තරුණියක හා පෙමින් බැඳුණේය. ඒ මේ ඊයේ පෙරේදාය. කාටත් හොර රහසේය. මේ ප්‍රේම සම්බන්ධය දන්නේ කිහිපදෙනකු පමණි. තරුණයාගේ කිට්ටුම සමීපතමයන් පමණි.
දුරකථන කෙටි පණිවිඩ කිහිපයක් පමණක් හුවමාරු වුණත් දෙන්නා එකට හමුවී කතා කර ඇති අවස්ථා නොමැති තරම්ය. ඒ නිසා දෙන්නාම සිටියේ එකට හමුවන දිනයක් එන තුරු ඇඟිලි ගැණ ගැණ ය.                       
අම්බලන්ගොඩ නගරයේ පැවැත්වෙන රෑ පෙරහරක් ගැන දෙන්නටම ආරංචිය එන්නේ ඔය අතරය. දෙන්නාම රෑ පෙරහර නරඹන්න කතා කර ගත්තේ එස්.එම්.එස්. පණිවිඩ හරහාය. ඒ අනුව දෙන්නා රෑ පෙරහර නරඹන්න ගියෝය.


තරුණයා මිතුරන් පිරිසක් සමග ගිය අතර තරුණිය ගියේ ජීවිතයේ සැඳෑ සමය ගත කරන ආච්චි අම්මා සමගය. කතා කරගත් පරිදි දෙන්නාම එකම තැනකය. පෙරහර එන තෙක් ඔවුහු බලා සිටියෝය.                          
පෙරහර එමින් තිබේ. සියල්ලන්ගේම දෑස් පෙරහර වෙතය. ඒ අල්ලපනල්ලේ ඒ අවසරයෙන් තරුණයා තරුණියගේ කිට්ටුවටම ආවේය. එතනට පැමිණි තරුණයා තරුණියගේ අතක් අල්ලා ගත්තේය. ඒ සමගම ඔහුගේ දෑස් ද අනෙක් අය වගේම පෙරහර වෙතය. එක් අතක් පමණක් තරුණිය අත වෙතය. සියල්ලම කළුවරේය.                          
ඔහුගේ එක් මිතුරෙකු ඔහුගේ කනට කොඳුරා යමක් කීවේය. ඔහු කලබල වූවේය. ඔහු තරුණියගේ අත අල්ලා සිටි අත ඉක්මනින්ම ඉවතට ගත්තේය. ඔහු තරුණියගේ යයි සිතා එතෙක් වෙලා අල්ලා සිට ඇත්තේ තරුණියගේ ආච්චිගේ අත ය.
සිදුවී ඇත්තේ සිය මිනිපිරිගේ කිට්ටුවට  තරුණයන් පිරිස දුටු ආච්චි අම්මා ඇය සිටි පැත්ත මාරු කර තිබීමය.
මෙය නොදැක්ක තරුණයා කලබලේ තරුණියගේ යයි සිතා අල්ලා ඇත්තේ ආච්චි අම්මාගේ අතය. ආච්චි අම්මා සිතා ඇත්තේ සිය අත අල්ලා ඇත්තේ සිය මිනිපිරිය කියා ය.
රෑ පෙරහර නරඹද්දී සිය මිතුරාට වූ අකරතැබ්බය අනෙක් මිතුරන් ගමම දැනුම්වත් කරේ ගමේම අය සිනහ සයුරේ ගිල්වමින් ලු‍.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

 



අදහස් (0)

පෙම්වතියයි සිතා කළුවරේ ආච්චිගේ අත ගාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 86 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2024 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site