කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
පියාට නිදා ගැනීමට පැදුරක් දුන්නා යැයි නැන්දම්මාට දොස් පවසා ඇති ලේලියකගේ කට වැහෙන්න උත්තර දී ඇතැයි කියන අපූරු කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ගම්මානයක තිදරු පියෙකු ඉකුත් දා අසනීප තත්ත්වයක් උත්සන්න වීමෙන් මිය ගොස් තිබුණි. මෙම තිදරු පියාගේ වැඩිමල් පිරිමි දරුවා මීට වසර 8 කට පමණ ඉහතදී ගෙනා යෝජනාවකට මහනුවර හතරලියද්ද ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකුගේ දියණියක කැන්දාගෙන පැමිණ තිබුණි. මෙම නිවසේ මනාල යුවළ සමග මනාලයාගේ මව්පියෝ ද පදිංචිව සිටිති.
ඉකුත් දා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මනාලයාගේ පියා මිය ගියේය. පසුව මරණය සම්බන්ධයෙන් මනාලිය විදුහල්පති පියාට ද දැනුම් දුන්නේය. පසුව විදුහල්පතිවරයා සිය බිරිඳ බාල අවිවාහක පිරිමි දරුවා සමග පසු දා කාර් රථයෙන් අවමංගල්‍ය නිවසට පෙරවරුවේ පැමිණියේය.
මිය ගිය තිදරු පියාගේ අවසන් කටයුතු එදින සවස 6 ට කෑගල්ලේ දී සිදු කෙරිණ. මිය ගිය ඥාතියාගේ අවසන් කටයුතු අවසන් වනතුරු රැඳී සිට ඇති විදුහල්පතිවරයා බිරිඳ හා බාල පිරිමි දරුවා නිවසට යාමට නොහැකිව රෑ බෝ වී තිබුණි. “තාත්තේ දැන් ගෙදර යන්න එපා හොඳටම රෑ වෙලා තියෙන දෙයක් කාලා බිලා හෙට උදේ ගෙදර යන්න” යැයි දියණිය මව්පියන් හමුවේ පැවසුවාය. මව ද ඊට කැමැත්ත ප්‍රකාශ කර එදින දියණියගේ නිවසේ නතර විය.
පසුව විදුහල්පතිවරයා අසල්වැසියන් කිහිප දෙනෙකු සමග එකතු වී අසල්වැසි නිවසක ගමේ නිෂ්පාදනය කරන මත්පැන් වීදුරුවක් දෙකක් පානය කර පාන්දර 1 පමණ නිවසට පැමිණ තිබුණි. ඒ වන විට නිවසේ කිහිප දෙනකු හැර සෙසු පිරිස තැන් තැන්වල නින්දට වැටී තිබුණි. විදුහල්පතිවරයාගේ බිරිඳ ද බාල සහෝදරයා ද ඒ වන විට දියණියගේ කාමරයේ නින්දට වැටී තිබුණි. පිළියෙළ කර තිබුණු කෑම කා ඇති විදුහල්පතිවරයා ද මුල්ලක දමා තිබුණු පැදුරු කඩමල්ලක් ගෙන සාලයේ දමාගෙන නින්දට වැටුණි.
අලුයම විදුහල්පතිවරයාගේ දියණිය නැගිට සිය පියා සිටින්නේ කොහෙ දැයි සොයා බැලීය. පැදුරු කඩමල්ලක් බිම දාගෙන සිය පියා නිදාගෙන සිටින අයුරු දැක ඇති දියණිය කුස්සියේ තේ සාදමින් සිටි නැන්දම්මා අසලට දිව ගියේය. “අම්මේ ඇයි අපේ තාත්තාට පැදුරු කඩමල්ලක් දුන්නේ නිදා ගන්න. තාත්තා ලොකු ඉස්කෝලයක ප්‍රින්සිපල්වරයෙක්. ඇඳක් හොයලා බලලා දෙන්න තිබුණා. මේසන් වැඩ කරන අය ඇඳන් උඩ බුදි” ලේලිය හුස්ම නොගෙන කියාගෙන කියාගෙන ගියාය.
“මම පැදුරක් දුන්නේ නෑ දුවේ. පල්ලෙහා මාමාගේ ගෙදර ගිහිල්ලා කසිප්පු බීලා ඇවිල්ලා තියෙනවා. කසිප්පු බීපු එක උඹට ලැජ්ජා නැද්ද. කීයට ගෙදර ආවා ද කියලා මම දන්නේ නෑ. උඹ මට බනින්න එපා. උඹේ අම්මාට තාත්තාට මම එන්න කිව්වේ නෑ. උඹ ඒ අයට එන්න කිව්වා නම් කන්න බොන්න දීලා නිදා ගන්න තැනක් දීම උඹේ වැඩක් මට දොස් කියන්න එපා” යැයි මහ හයියෙන් නැන්දම්මා පැවසුවාය. පසුව ලේලිය කට වහගෙන කුස්සියෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.
2025 නොවැම්බර් මස 04
84
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2023
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පියාගේ සායම හේදී ලේලිගේ කට වැහිලා