IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


කළු‍පොල් මාලු‍වට පොල් හොයලා


පවිත්‍රා දේශානි 



කළු‍පොල් මාළු පිසින්න කළුපොල් ගෙඩියක් සොයන්න ගම වටේ ගිය තරුණයකු පිළිබඳ පුවතක් නාවලපිටියට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි.
සිද්ධිය සැකෙවින් මෙසේය. 
සිදුවීමට සම්බන්ධ තරුණයා උසස් පෙළ හැදැරීම මඟින් නතර කොට සිටිනා ගැටවරයෙකි. කුඩා කල සිටම ඔහුගේ නිවහන වන්නේ ගමේ පන්සලයි. ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් යටතේ දැනුම් තේරුම් ඇති වයසේ සිටම හැදී වැඩෙයි.
පන්සලේ පොඩි හාමුදුරුවන් දෙදෙනාත් මෙම තරුණයාත් එක වයසේ පසුවන්නෝය. එක වයසේ හෙයින් ගජ මිතුරන්ය. දවසක් දා මොවුන් තිදෙනාට කළුපොල් මාලු‍ සාදා කෑමේ ආසාවක් හටගෙන ඇත. තම ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් අවසර ගත් තිදෙනා ඊට අවශ්‍ය කොස්ඇට පන්සලේ වරකා ගසෙන් සපයා ගෙන ඇත.


දැන් ඇත්තේ කළුපොල් මාලුව පිසීමේ අවස්ථාවයි. ඔවුන්ට කළුපොල් මාලු‍වට අවශ්‍ය කරන කළුපොල් ගෙඩියක් වුවමනා වී ඇත. මේ පිළිබඳව පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් විමසූ අවස්ථාවේ සිද්ධිය තේරුම් ගත් උන්වහන්සේ දහම් පාසලේ ප්‍රධාන ආචාර්යවරියගේ නම පවසා ඇයගේ නිවසේ නම් කළු පොල් ඇතැයි පවසා ඇත.
ඉන්පසු කළුපොල් ගෙඩියක් රැගෙන එන්නට තරුණයා ප්‍රධාන ආචාර්යවරියගේ නිවසට පිටත් වී ඇත. ඇයගේ නිවසට පැමිණ  සිද්ධිය විස්තර කෙරූ තරුණයාට සිද්ධිය වැටහුණු ප්‍රධාන ආචාර්යවරිය  කළුපොල් මාලු‍ පිසිනා සැටි කියාදී එයට වෙනම කළුපොල් කියා පොල් වර්ගයක් නොමැති බවත් පහදා දී ඇයගේ නිවසේ පොල් ගසින් කැඩූ නැවුම් පොල් ගෙඩියක්ද දී නැවත පන්සලට පිටත් කර ඇත. එදා සිට ඔහු දකිනා ගම්වැසියකූ මල්ලි කළුපොල් ගෙඩියක් ගන්න නැතෙයි කියා ඇසීමට අමතක නොකරයි.

 



අදහස් (1)

කළු‍පොල් මාලු‍වට පොල් හොයලා

chinthana Monday, 01 September 2025 12:38 PM

මුසාවක්ද කියන්නේ... ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 503 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 473 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site