IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


හොරේ අහුවෙනවාට හිතවතාත් දමා පැනගිහින්


කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න



සිය සැමියාට හොර රහසේ තම හිතවතා සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී පදික මාරුවක දී පුද්ගලයකු ගැටීමෙන් හිතවතා දමා බස් රථයක නැගී පලා ගිය කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ලෙන් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
තරුණ දෙදරු මවකි. සැමියා පෙදරේරුවෙකි. මෙම කාන්තාව මාස කිහිපයකට ඉහත දී සිය සැමියාට දරුවන් දෙදෙනාට හොර රහසේ අල්ලපු ගමේ දරුවන් දෙදෙනකු සිටින හිතවතකු සමග හිතවත්කමක් ඇති කරගෙන තිබේ. 
හිතවතා මෙම කාන්තාවට මිතුරකුගේ නිවසට ගිහින් එමු යැයි අවස්ථා ගණනාවක දී යෝජනා කර සිටිය ද සැමියාට ඇති බිය නිසා කාන්තාව හිතවතා කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි.
හිතවතාගෙන් බේරීමට බැරිම තැන කාන්තාව දරු දෙදෙනා පාසල් ද සැමියා රැකියාවට ද ඉකුත් දා නිවසින් පිටත්ව ගිය අවස්ථාවේ දී පැය දෙකකට එන්නම් යැයි හිතවතාට පවසා ඔහු සමග යතුරු පැදියෙන් මිතුරාගේ නිවසට පිටත් වූවාය.
කාන්තාව හිතවතාගේ යතුරු පැදියේ පිටුපස අසුනේ තුරුලේ දැවැටී ගමන් කරමින් සිටිය දී යතුරු පැදිය පදික මාරුවක ගමන් කරමින් සිටි වයෝවෘද්ධ පුද්ගලයකුගේ ගැටී මාර්ගයේ පෙරළී ඇත.
යතුරු පැදිය පෙරළීමෙන් පසුව දෙදෙනාගේම සිරීම් තුවාල සිදුව තිබුණි. පදික මාරුවේ ගමන් කරමින් සිටි වයෝවෘද්ධ පුද්ගලයා ද තුවාල ලබා මාර්ගයේ වැටුණි. වටපිට බැලු‍ කාන්තාව ක්ෂණිකව නැගිට අතපය පිස දමාගෙන සිරීම් තුවාල සහිතව සිටිය දී යතුරු පැදියේ ගිය හිතවතා ද දමා බස් රථයක නැගී ගියාය.


යතුරු පැදිකරු පදික මංතීරුවේ ගමන් කරමින් සිටි වයෝවෘද්ධ පුද්ගලයා රෝහල් ගත කිරීමට කටයුතු කළේය. මෙම අනතුර අසල සවිකර තිබුණු සී.සී.ටී.වී. කැමරාවක පටි ගත වී තිබුණි. පසුව පොලිසිය පැමිණ අනතුර පිළිබඳ පරීක්ෂණයක් පවත්වා යතුරු පැදිය හා පැදිකරු අත්අඩංගුවට ගැණින. 
යතුරු පැදියේ පිටුපස කාන්තාවක ගමන් කරලා තියෙනවා කෝ කාන්තාව යැයි පැදිකරු ගෙන් පොලිසිය විමසීය. කවුරුත් තමා සමග ගමන් කළේ නැතැයි පැදිකරු පොලිසිය හමුවේ පැවසීය. 
‘‘නෑ කියන්නේ කොහොමද? මේ බලන්න සී.සී.ටී.වී. දර්ශන තියෙනවා යැයි අනතුර වූ අවස්ථාව දුරකතනයෙන් පැදිකරුට පෙන් විය. 
එයා ගැන ලියන්න එපා සර්. එයා මගේ හිතවතියක්. මාත් එක්ක එන්න බෑ කියද්දී මම බලෙන් එක්කර ගෙන ආවේ. ලිව්වොත් මගේ පවුල් ජීවිතයත් එයාගේ පවුල් ජීවිතයත් කඩා කප්පල් වෙයි. අනතුර වුණාට පස්සේ මටත් නොකියා එයා බස් එකක නැගලා යනවා. මම දැක්කා යැයි යතුරු පැදිකරු පොලිසිය හමුවේ තැති ගැම්මකින් ප්‍රකාශ කර තිබුණි.



අදහස් (0)

හොරේ අහුවෙනවාට හිතවතාත් දමා පැනගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 503 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 473 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site