කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
බුලත් විට කෑමට කාලයක සිට අසල්වැසි නිවසක බුලත් කොටුවකින් රාත්‍රි බුලත් කොළ කඩමින් සිටිය දී නිවැසියන්ට අතේ මාට්ටු වී ඇතැයි කියන උපාසක අම්මා කෙනෙකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තාවෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක වයෝවෘද්ධ කාන්තාවක් තනිවම නිවසේ පදිංචිව සිටියි. ඇගේ සැමියා කලකට ඉහතදී මියගොස් ඇති අතර දරුවෝ විවාහ වී වෙන වෙනම පදිංචිව සිටිති. මහ ගෙදර නිවසේ තනිවම පදිංචිව සිටින වයෝවෘද්ධ කාන්තාවට දරුවන් අඩු පාඩුවක් සිදු කරන්නේ නැත.
සෑම පුර පසළොස්වක පෝයකටම ගමේ විහාරස්ථානයේ අෂ්ඨාංග උපෝෂත ශීලය සමාදන් වෙන මෙම වයෝවෘද්ධ කාන්තාවට ගමේ සෙසු උපාසක උපාසිකාවන් හැඳින් වූයේ ප්‍රධාන උපාසක අම්මා යනුවෙන්ය. මන්ද බණ දහම් වලින් පරිපූර්ණ හා ඇයට සෙසු උපාසක උපාසිකාවන්ට බණ දහම් කියා දීමට ඇති හැකියාව නිසාය.
මෙම උපාසක අම්මා දවසකට බුලත් විට හත අටක් කෑමට පුරුදු වී සිටින්නීය. බුලත් විටකට අවශ්‍ය පහේ ජාති අසල්වැසි වෙළඳසලෙන් හා අසල්වැසි නිවෙස් වලින් බුලත් පුවක් ඉල්ලා හදා ගන්නේය. අසල්වැසියන් ද උපාසක අම්මාට අනුකම්පා කර ඉල්ලන දෙයක් දීමට පසුබට වී නොමැත.
අසල්වැසි නිවසක අලුත හදා ඇති බුලත් දඬු කිහිපයකට ගෙහිමියා මෑතක දී මැස්සක් ගසා තිබේ. මැස්සේ තාම බුලත් දඬු කිහිපය විසිරී විහිදී ද ගොස් නොමැත.
බුලත් මැස්සේ විසිරී විහිදී නොගිය තිබුණු බුලත් දඬුවල අලුත පීදී තිබුණු කොළ දවස් කිහිපයක සිට එක දෙක කඩා ඇති බව ගෙහිමියාට දැනුණි.
අලුත බුලත් කොටුවේ බුලත් කොළ දවසකට දෙක තුන කඩන්නේ කවුරුන් දැයි ගෙහිමියා බිරිඳගෙන් ද විමසීය. තමන් නොදන්නා බව ඇය පවසා තිබුණි. දහවල් කාලයට නොව රාත්‍රි කාලයට බුලත් කොළ කඩන බව වටහා ගත් ගෙහිමියා ඉකුත් දිනක බුලත් කොටුව ආසන්නයේ විදුලි පන්දමකුත් අතැතිව හොරා අල්ලා ගැනීමේ අදහසින් රැඳී සිටියේය.
රාත්‍රි 9 ට පමණ විදුලි පන්දමක් අතැතිව බුලත් කොටුව ආසන්නයට යමෙක් පැමිණෙන අයුරු දැක ඇති සැඟව සිටි ගෙහිමියා නිශ්ශබ්දව වෙන දේ පිළිබඳ බලා සිටියේය.
උපාසක අම්මා විදුලි පන්දම බුලත් කොටුවට දෙසට එල්ල කර බුලත් කොළයක් කඩා ගැනීමට සැරසුණු අවස්ථාවේ දී ගෙහිමියා කෑ ගැසීය. උපාසක අම්මා ගල් විය. පසුව ගෙහිමියා බිරිඳ ගෙන්වා උපාසක අම්මා නිවස ඇතුළතට රැගෙන ගියේය.
අලුත කොටුවෙන් බුලත් කොළ කඩන්නේ කවුරුන් දැයි කියා අල්ලා ගන්න තමයි මම හිටියේ. මම තව එක කොළයක් කඩලා නෑ. මගෙන් බුලත් ඉල්ලුවා නම් දුවගේ නිවසේ ඕනෑ තරම් තියෙනවා ගෙනත් දෙනවා. උපාසක අම්මා නිශ්ශබ්දව ගල් ගිල්ලා සේ බිම බලාගෙන සිට තිබේ.
පසුව ගෙහිමියාගේ බිරිඳ මැදිහත් වී උපාසක අම්මාට කරුණු කාරණා පැහැදිලි කර දී ආපසු නිවසට ඇරලවා ඇති බව වාර්තා වෙයි.
2025 දෙසැම්බර් මස 04
503
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
473
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බුලත් කොටුවට පැන්න උපාසක අම්මාගේ රෙදි ගැලවිලා
ගුණරත්න Monday, 25 August 2025 12:07 PM
වයසක මිනිස්සු මතක ශක්තිය අඩු නිසා සමහර දේවල් ඔවුන්ට තේරුම් ගන්න අමාරුයි. බුලත් වැලක් වවා දීලා ඒ මනුස්සයා සතුටෙන් තියන්න. අපි කවුරුවත් සදාකාලේටම ජීවත් වෙන මිනිස්සු නොවෙයි...