පෝද්දල සරත් ආනන්ද ගමගේ
තාත්තලා තම දරුවන් බස් එකට කෝච්චියට ගෙනත් ඇරලනවා අපි දැක තිබුණ ද හොඳට අතපය ඇති ඇස් පේන කන් ඇහෙන නිරෝගී තාත්තා කෙනකු දරුවන් විසින් දිනපතා කෝච්චියට ගෙනැත් ඇරලන සිද්ධියක් ගැන දකුණු පළාතේ සංචාරක පුරවරයකින් පසුගියදා අසන්නට ලැබුණි.
වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.
මේ වැඩිහිටියා ආරක්ෂක හමුදාවක සේවය කර විශ්‍රාම ලැබූවෙකි. ඔහු වැඩිමහල් දියණියක හා වයස අවුරුදු 12-14පසුවන පාසල් යන පුතුන් දෙදෙනකුගේ ද පියෙකි. හේ උපන් ගෙයිම අමුම අමු කම්මැලියෙකි. නිදා ගැනීම ඔහුගේ එකම අරමුණ වී ඇත. ඔහුගේ විනෝදාංශය වී ඇත්තේද නිදා ගැනීමයි. ගෙදර කිසිවකු විසින් හෝ නින්දෙන් අවදි නොකළොත් එදා දවසම වුණත් නිදා ගැනීමට ඔහුට හැකියාව තිබේලු. මේ නොහොබිනා පුරුද්ද නිසා හමුදා සේවයේදීත් ඔහුට කිසිම උසස්වීමක් පවා ලබා ගැනීමට හැකිවී නැත.
විශ්‍රාම වැටුපෙන් පමණක් මේ පවුලට නඩත්තු වීමට නොහැකි නිසා දිරිය කතක වූ ඔහුගේ බිරිය නිවසේ දී කෙටි කෑම වර්ග සාදා අසල වෙළෙඳ සල් කිහිපයකට දී ආදායමක්ද උපයා ගන්නා අයෙකි. දන්නා කියනා අයගේ මාර්ගයෙන් ඔහුට පෞද්ගලික ආරක්ෂක සේවා කිහිපයකම රැකියා බිරිඳගේ මැදිහත්වීමෙන් සොයාදී ඇතත් කම්මැලිකම නිසා ඒ එක රැකියාවක්වත් ස්ථාවරව කරගෙන යාමට අපොහොසත් වී තිබේ.
බිරිඳ විසින් උදයට අවදි කර කෑම පාර්සලයක් ද අතට දී නිවසින් පිට කළත් බොහෝ දිනවල”කෝච්චිය මිස්වුණා ” යැයි කියමින් ඔහු ආයෙම නිවසටම පැමිණීම පුරුද්දක් කරගෙන ඇත. මේ නිසා කරන කිසිම රැකියාවක් එක දිගට කරගෙන යාමට හැකිවී නැත.
මේ මෑතක දී මුහුදු බඩ මාර්ගයේ සංචාරක හෝටලය සුළු රැකියාවක් ඔහුට සොයා දීමට බිරිඳට හැකිවී ඇත. මිනිහගේ පිළිවෙත දන්නා ඇය මෙවර ඔහු රැකියාවට යොමු කිරීමට උපක්‍රමයක් සොයාගෙන ඇත. තාත්තා රැකියාව සඳහා රැගෙන යෑමේ වගකීම ඈ විසින් පුතුන් දෙදෙනාට බාර දී තිබේ.
දුම්රියපොළ ආසන්නයේම පිහිටි පාසලක අධ්‍යාපනය ලබන මේ පුතුන් දෙදෙනා දැන් උදෑසනම තාත්තාත් සමග ගොස් ඔහු දුම්රියට නංවා එය පිටත් වූ පසු පාසලට යාමට පුරුදු වී ඇත. ඔහුගේ බිරිඳ සිදු කළ මෙහෙයුම සාර්ථක වී ඇති අතර දැන් ඔහු දිනපතා රැකියාවට යන බව වාර්තා වේ.
දෛනිකව උදෑසන මෙම දුම්රියෙන් ගමන් ගන්නා මගීන්ට දැන් මේ තාත්තා ඇරලන්න එන පුතුන් දෙදෙනා නිරන්තරයෙන් දැකිය හැකි යැයි සිද්ධිය දන්නෝ පවසති.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කම්මැලිකමට බිරිඳගෙන් යස පාඩමක්