කඹුරුපිටිය විශේෂ කේ. අජිත්
හොරෙන් දූරියන් ඇහිඳීමට ගිය පුද්ගලයකුට සිදු වු අකරතැබ්බයක් පිළිබඳ පුවතක් මාතර දිසාවේ මොරවක් කෝරලයේ ගමකින් අසන්නට ලැබේ.
අධික මිලකින් මෙන්ම රසවත් බවින් යුත් ආහාරයක් වන දූරියන් ප්රදේශ කිහිපයකට පමණක් සීමා වූ දුර්ලභ පලතුරකි. මෙහි රසවත් බව නිසාවෙන් සමහර අය මෙයට දක්වන්නේ දැඩි ගිජු කමකි.
අවිවාහක පුද්ගලයකු වු ඔහු ස්ථිර රැකියාවක් නොකළ අතර අනුන්ගෙන් ඉල්ලා ගැනීම සහ අන්සතු දෑ සොරකම් කිරීමද පුරුද්දක් කර ගෙන තිබුණි. පොල්, පුවක් වැනි දෑ මෙන්ම පලතුරු වර්ගද ගෙහිමියන් විසින් මොහුගෙන් ආරක්ෂා කර ගත්තේ දැඩි පරිශ්රමයකිනි.
දිනක් මොහුට අසල වත්තක ගෙඩිවලින් පිරී තිබු දූරියන් ගසක් නෙත ගැටිණි. එම ගසෙහි ගෙඩි ඉදී ඇති බව අවබෝධ කරගත් ඔහු දින දෙකක් අලුයම් කාලයේ එම වත්තට ඇතුළු වී ඉදුණු දූරියන් අහුලා විකිණීමෙන් මුදල් ඉපයීය. මෙම ගසේ හිමිකරු මේ පිළිබඳව දැඩි සෝදිසියෙන් සිටින්නට විය. එක් දිනක් අලුයම් කාලයේ හොරෙන්ම වත්තට ඇතුළු වූ ඔහු බිම වැටුණු දූරියන් සොයන අතරතුර එක්වරම උරපත්තට වැදුණු කටු සහිත දැඩි පහරක් නිසාවෙන් ‘බුදු අම්මෝ ගහන්න එපා මහත්තයෝ’ යි මොර දෙන්නට විය. පසුපස හැරී බැලීමේදී කිසිවකු එහි නොසිටි බැවින් ඔහුට පෙනී ගියේ ඉදුණු දුරියන් ගෙඩියක් තම ඇඟට වැටී ඇති බවයි.
නින්දත් නොනින්දත් අතර සිටි ගෙහිමියා තම වත්ත පහළින් ඇසුණු මෙම හඬත් සමඟ කලබලයෙන් නැගිට විදුලි පන්දම ද රැගෙන දූරියන් ගස දෙසට දුවන්නට විය. ඉඩම් හිමිකරු එන බව දුටු දූරියන් හොරා දුවන්නට විය. එහෙත් ඉඩමේ මායිම වෙන් කර තිබූ කටු කම්බියෙහි තම සරමේ පැටලීම හේතුවෙන් ඔහුට දිවයන්නට නොහැකි විය. වහා පැන හොරා අල්ලාගත් ඔහු බැන වදිමින් අතින් පයින් පහර දෙන්නට වූ අතර මෙම ගාලගෝට්ටිය ඇසී අවට කිහිප දෙනෙක්ම මෙතනට රැස් වූහ.
තම ඉඩම්වල ද බව භෝග සොරකම් කරන මොහු පොලිසියට භාරදීම සියලු දෙනාගේ මතය වුවද ඉඩම් හිමියා එසේ නොකර ප්රශ්නය සමථකරණය කළේ ඔහු ගම්වැසියකු මෙන්ම ඥාතියකු වන නිසාය. අනතුරුව ඔහු, රැස්ව සිටි පිරිස ඉදිරියේ වැඳ වැටෙමින්, මින් මත්තට කිසිම සොරකමක් නොකරන බවට පොරොන්දු විය.
2025 දෙසැම්බර් මස 04
503
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
473
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දූරියන් ගෙඩියෙන් මට්ටු වෙලා
රංගේ Wednesday, 27 August 2025 03:19 PM
මෝඩ සොරෙකි. නැණවත් ඉඩම් හිමියෙකි