IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


පදමට ගහලා වැසිකිළි වළේ වැටිලා


කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)



පාසල් අවධියේ දී එකට පන්තියේ ඉ‍ගෙනුම ලැබූ මිතුරන් පිරිසක් සමග හොඳටම සප්පායම් වී අවසානයේ රාත්‍රි සිය නිවසට යන පාර සොයා ගැනීමට නොහැකිව අසල්වැසි වැසිකිළි වළකට වැටී පසු දා පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් ගොඩට ගත්  තරුණයෙකු පිළිබඳ පුවතක් පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
පොලිස් නිලධාරින් කණ්ඩායමක් මගින් වැසිකිළි වළෙන් ගොඩට ගත් තරුණයා මාවනැල්ල ගනේතැන්න ප්‍රදේශයේ ගම්මානයක සිය මව සමග පදිංචිව සිටියි. මොහු මාවනැල්ල ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලැබුවෙකි. එකල පන්තියේ එකට ඉ‍ගෙන ගත්ත මිතුරන් වර්තමානයේ විවිධ රැකි රක්ෂා සිදු කරන්නේය. ඔවුන් ඉකුත් 15 වැනිදා රාත්‍රි මාවනැල්ල පහළ කඩුගන්නාව ප්‍රදේශයේ උත්සව ශාලාවක සුහද මිතුරු හමුවක් සංවිධානය කර තිබුණි. එම මිතුරු හමුවට මෙම තරුණයාට ද සෙසු මිතුරන් දින කිහිපයකට ඉහතදී ආරාධනා කර තිබුණි.


ආරාධනා කර තිබුණු පරිදි ගනේතැන්නේ තරුණයා 15 වැනිදා සවස කුලියට ගත් ත්‍රීරෝද රථයකින් උත්සව ශාලාවට ගියේය. සෙසු මිතුරෝ විවිධ වාහන රැගෙන පැමිණ තිබුණහ. ආගිය තොරතුරු කතා බහ කරමින් සියලු‍ තරුණයෝ මත්පැන් පානය කිරීමට සුදානම් වූහ. අවසානයේ රාත්‍රි 11 ට පමණ ප්‍රනීත කෑම වේලක් ද පිරිසට භුක්ති විඳීමට හැකි විය. කෑම වේලෙන් අනතුරුව යළිත් දිනක හමුවීමේ බලාපොරොත්තුවෙන් තරුණ පිරිස විසිර යන්නට පටන් ගත්හ.
ගනේතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටින තරුණයාට නිවසට යාමට වාහනයක් නොතිබුණු අවස්ථාවේ දී එක් මිතුරෙකු”‍ මචං වරෙන් මම උඹ ගෙදර ළඟට ගිහින් දාන්නම්”‍ යනුවෙන් පැවසීය. පසුව ගනේතැන්නේ තරුණයා මිතුරාගේ යතුරු පැදියෙන් නිවස ආසන්නයට ගිහින් ඇරලවා ගත්තේය.
ගනේතැන්න ප්‍රදේශයේ මවක සිය පිරිමි දරුවා 16 වැනිදා පෙරවරුවේ සවස සිට අතුරුදන්ව ඇතැයි පවසා මාවනැල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණ. එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සුහද මිතුරු හමුවට ගනේතැන්නෙන් ගිය තරුණයාගේ මව විසින්ය.
පසුව මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි මහතාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට පිටත් කර යැවිණ. පොලිස් කණ්ඩායම අතුරුදන්ව සිටි පුද්ගලයා පිළිබඳ ප්‍රදේශය පුරා සොයා බලද්දී එක් සෙරෙප්පුවක් හමු විය. එම සෙරෙප්පුව සිය පුතාගේ බවට මව හඳුනා ගත්තාය.
පසුව පොලිස් නිලධාරින් තවදුරටත් ප්‍රදේශයේ පුරා සොයා යමින් සිටිය දී අතුරුදන්ව ඇති තරුණයාගේ නිවසේ සිට මද දුරක් එහායින් පාළු ප්‍රදේශයක අඩි 10 ක් පමණ ගැඹුරු පැරණි වැසිකිළි වළකට වැටී සිටිය දී පොලිසියට තරුණයා හමු වී තිබුණි. පසුව පොලිසිය වැසිකිළි වළේ සිටි තරුණයා ගොඩට ගෙන මාවනැල්ල රෝහලට ඇතුළත් කෙරිණ. ඒ වෙන කොටත් තරුණයා වෙරි මතින් සිටි බවත් තමාට සිදු වු කිසිම දෙයක මතකයේ නොමැති බවත් තරුණයා පොලිසිය හමුවේ පවසා තිබුණි.



අදහස් (0)

පදමට ගහලා වැසිකිළි වළේ වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 503 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 473 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site