IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සූර් පිට බයිසිකලය කරේ තබාගෙන කළගුණ සලකලා

තමන් එදිනෙදා යන එන බයිසිකලයට කෙළෙහිගුණ දැක්වීමට සිතා බයිසිකලය පිට උඩ නැඟී ගමන් කරනවා වෙනුවට බයිසිකලය තම කර මත තබාගෙන ගිය පුද්ගලයකු පිළිබඳ පුවතක් කැකිරාවට නුදුරු ගම්මානයකින් අසන්නට ලැබේ.
කතාව නම් මෙසේය. ඔහු මැදි වයස්කාරයෙකි. වයස අවුරුදු 45 ඉක්ම වූ අයෙකි. මේසන් බාස්වරයෙක් ලෙස රැකියාව කරයි. හේ විවාහකයෙකි. දරුවන් තිදෙනෙකුගේ පියෙකි. බිරියත් දරුවන් තිදෙනාත් යැපෙන්නේ ඔහුගේ රැකියාවෙනි. මොහු  එදිනෙදා රැකියාවට යාම් ඒම් සිදුකරනු ලබන්නේ බයිසිකලයෙනි. එය ඇතැම් විටෙක පවුලේ වාහනයයි.


දිනක් මොහු තමන් රැකියා කටයුතු කරන මේසන් වැඩපොළට සුපුරුදු පරිදි ගොස් ඇත. උදේ සිට සවස් වන තුරු සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කර ඇත. සවස් යාමයේ වැඩපොළේ සියල්ලන්ම එකට එක් වී මත්පැන් පානය කිරීමට තීරණය කර ඇත. රැකියා කටයුතු අවසන් වීමට පෙරාතුවම සියල්ලන්ගෙන් මුදල් එකතු කොට මත්පැන් හා අවශ්‍ය කරන බයිට් වර්ග දෙදෙනෙකු ගොස් ගෙන ඇත. රැකියා කටයුතු නිම වී සියල්ලෝම හොඳට පදම් වී ඇත. අප කතානායකයා පදම් වූ විට කා අතරත් හොඳ විහිළු සපයන්නකු බවට එම ප්‍රදේශයේ කා අතරත් ප්‍රසිද්ධය.
ඔහුගේ විහිළු වලින් සියල්ලන්ම පිනා යන මොහොතකදී ‘‘කෙළෙහිගුණ සැලකීම”‍ පිළිබඳව කතිකාවකට සියල්ලෝ වැටී ඇත. කා බී ඉවර වී සියල්ලන් විසිර ගොස් ඇති අතර අප කතා නායකයාද තම නිවසට යාමට පිටත් වී ඇත. 
යන අතර මඟදී කෙළෙහිගුණ සැලකීම පිළිබඳ කතාව මොහුට මතක් වී ඇති අතර තමන්ටත් තම පවුලේ උදවියටත් ගමන් බිමන් යාමට උපකාරී වන බයිසිකලයට කෙළෙහිගුණ සැලකීමට සිතට පහළ වී ඇත. සැමදා තමන්ගේ පිට බයිසිකලය මොහුව ගෙනියන හෙයින් එදින ඔහු බයිසිකලය තම කර මත තබාගෙන නිවසට ගොස් ඇත.
 තම සැමියා නිවසට එන තෙක් රැඳි සිටි මොහුගේ බිරිඳ මෙය දැක මොහුගෙන් විමසා ඇති අතර තමන් බයිසිකලයට කෙළෙහිගුණ දැක්වූ බව පවසා ඇත. පසුදා වෙරි සිඳීගිය පසු කිසිවක් මොහුට මතක නොතිබූ අතර බිරිඳ ඔහේ මාර කෙළෙහි ගුණයක්නේ බයිසිකලයට ඊයේ දැක්වූවේ යැයි පවසා සිනහවෙන්ම සිදු වූ දෙය පවසා ඇත.

පවිත්‍රා දේශානි



අදහස් (0)

සූර් පිට බයිසිකලය කරේ තබාගෙන කළගුණ සලකලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 681 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site