IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නමේ හුටපටෙන් අලි පරිප්පුවක් කාලා


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



උප සභාපතිවරයාගේ නම තිබූ ආයතනයක සේවකයකුට අලි පරිප්පුවක් කන්න සිදුවූ අපූරු කතාවක් ගාලු‍ දිසාවෙන් අසන්නට ලැබේ.
ඔහු මේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළද වෙනත් ආයතනයක සේවකයෙකි.
එහි විධායක ශ්‍රේණියේ නිලධාරිෙයකි. ඔහු උපසභාපති ධුරය දරන ආයතනයේ සේවය කරන මේ සේවකයාට තිබුණේ උපසභාපතිවරයාගේ නමේ මුල් කොටසය. සැමදෙනාම පාවිච්චි කරනුයේ එම නමය. සේවකයා මේ සේවාවට අමතරව වෙනත් ප්‍රසිද්ධ කාර්යයක ද නිරතව සිටියේය. මේ නිසා උපසභාපතිවරයාට වඩා රටේ තොටේ ජනතාව අතර වැඩි ප්‍රසිද්ධියක් තිබුණේ සේවකයාටය.
එකම නම තිබූ මේ දෙදෙනම සුදුය. එක උසය. කඩවසම්ය. ඒ විතරක්ම නොවේ දෙදෙනාම විවාහකයෝය. දෙදෙනාගේම භාර්යාවෝ ගුරුවරියන් වූහ. කොටින්ම කියතොත් දෙදෙනාගේම නෝනලා මිස්ලාය. මේ උපසභාපතිවරයා මෙන්ම සේවකයා තම තමන්ගේ රාජකාරි ස්ථානවලට  දහවල්  කෑම සඳහා ගෙන යනුයේ  මිස්ලා නෝනලාවූ දෙදෙනා උයාපිහා දෙන කෑමය.


උපසභාපතිත්වය දරන ආයතනයේ සේවිකාවක සමග ඔහු ඇයි හොදැයියක් ඇතැයි කසුකුසුවක් ගොඩනැගෙමින් තිබුණේ මේ අතරය. එම කසුකුසුවට භාජනය වූ  සේවිකාව වාසය කළේ  අර සේවකයාගේ ගමේය. උපසභාපතිවරයාට මෙවැනි කසුකුසුවක් පැන නොනැග්ගේ මිනිහා ආයතනයේ  හීන් මනමාලයකු වුවත් ගෙරිමස් කරේ එල්ලාගෙන නොකෑ නිසාය.
හිටිහැටියේම උපසභාපතිවරයා මෙන්ම අර සේවකයා සේවය කරන ප්‍රධාන කාර්යාලය ඇතුළු එම ආයතනයේ ග්‍රාමීය ශාඛාවල ද කැලෑ පත්තරයක් රාත්‍රි කාලයේ යමෙකු හෝ යම් පිරිසක් ගසා තිබිණ. එම කැලෑ පත්තරයක් සේවකයා පදිංචි ගමේ ග්‍රාමීය ශාඛාවකද ගසා තිබුණේය. එහි තිබුණේ මිස් ගේ බත් බල්ලට, උපසභාපතිවරයා අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යනු ලබන කියන සේවිකාවගේ බත් අසවලාට යයි කියමින්ය.
එදා උදේ මෙය දුටු සේවකයාගේ ගමම ගිනි ගත්තේ ඊයක වේගයෙනි. සේවකයාගේ නිවසටද මේ ආරංචිය ගියේය. සේවකයාගේ නෝනාවූ මිස්ට මෙන්ම ගමේ එකාලාටද මේ ආරංචිය කණ වැකුණේය.
එකම ගමේ එකම ආයතනයේ සේවය කරන සේවිකාවක හා එම සේවකයා අතර අනියම් සම්බන්ධයක් ඇතැයි ගමේ බොහෝ දෙනා කසුකුසු ගෑහ. ඔහු ගැන දන්නා පිරිස් ද දුරකතන ඇමතුම්  දී ඔහුගෙන් මේ සම්බන්ධයෙන් ඇසූහ. මෙයින් කරකියා ගන්න දෙයක් නොවූ එම සේවකයා දැඩි අසරණතාවයට පත්වූවේය. ඔහු කරුණු කාරණා පැහැදිලි කර දෙන්නට උත්සාහ ගත්ත ද පලක් නොවූවේ කටකතාව හරියටම ඒත්තු යන විදිහටම පත්තු වී ගිය නිසාය.
මෙහි සත්‍ය දැනගත් එම ආයතනයේ සේවක, සේවිකාවන් නිසා දින කිහිපයක් ඇතුළත එය නිවැරැදි වූවේ අර සේවකයාගේ නිවසට නැවතත් අරුණලු‍ කැන්දවමින්ලු‍.

 



අදහස් (0)

නමේ හුටපටෙන් අලි පරිප්පුවක් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site