IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දුරකතනයේ පින්තූරය දැක ලක්ෂ ගාණක පාඩුවක් කරගෙන


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



මේ හාදයා දකුණේ ගමකය. ආයතනයක නිලධාරියෙකි. විවාහ ගිවිස ගත්තේ දෙන දෑවැද්ද අනුවය. ඒ අනුව මොළය පොඩි වුණත් ලොකු දෑවැද්දක් ඇති කතක විවාහ කර ගත්තේය. පුරුෂයා භාර්යාවට වඩා හැඩය. ඇඳුම කැඩුම පිළිවෙළය. නිතරම සිටිනුයේ ළඟින් ගියත් නහය කඩාගෙන යන තරමේ සුවඳ හමන සුවඳ විලවුන් තවරාගෙනය. කටේ ඇත්තේම විහිළුය. සිනහව මනමාලය. කා එක්කත් සිනාසෙනුයේ ඇසක් කුඩා කොටය. කාන්තාවන් ඉදිරියේදී එම සිනහව වඩාත් වැඩිය. භාර්යාවට මෙය නොදිරෙව්වේය. මේ කරුණු කාරණා නිසා ඇය සිටියේ ඔහු ගැන සැකයෙනි. තමාගේ රූප සෝභාවද මනසට පැමිණීමත් ඇයට මේ සඳහා මනා පිටිවහලක් වූවාය.


මේ නිසාම ඇය සැමියා ගැන හැම තිස්සේම සිටියේ හොඳ සෝදිසියෙනි. විශේෂයෙන්ම සැමියා රැකියාවට ගොස් නිවෙසට පැමිණි විට ඔහුගේ කාර්යාලයීය ගමන් මල්ල, ඔහු ඇන්ද ඇඳුම, පැලඳුම  ඇය අතින් විශේෂ පරීක්ෂාවකට ලක්වනුයේ පුරුද්දක් ලෙසය. ඔහුගේ නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දුරකතනයටද එය පොදුය. මේ පරීක්ෂා කිරීම්වලදී ඇයට නොගැළපෙන දෙයක් හමුවූවිට දෙන්නා අතර රණ්ඩු සරුවල් ඇති නොවුනාම නොවේ. මේ අරභයා ගහ මරා නොගත්තත් ඇය ඇතැම් අවස්ථාවලදී දෑවැද්ද පෙරට විත් ඔහුට නිහඬවීමටත් සිදුවූ වාර අනන්තය. එදා ද ඔහු රාජකාරිය නිමවා නිවෙසට පැමිණියේ ටිකක් හවස් වෙලාය. එන කොට කටින් ඉඳහිට එන අමුතු සුවඳක්ද ඇයගේ නාසය පසාරු කරගෙන ගියාය. වෙනදට වඩා සැමියා සිටියේ සතුටෙනි. ඒ සමගම ඔහු ඇය සමග වැඩි කතාබහක් නැතිව නාන කාමරයට වැදී ගීතයක කොටසක් මුමුණමින් ස්නානය කරමින් සිටියේය. ඇයගේ සැකය වැඩිවිය. කාර්යාලයීය ගමන් මල්ල පරීක්ෂා කළාය. ඇඳුම් පැලඳුම් ටික පරීක්ෂාවට ලක්වූවේ ඉන් අනතුරුවය. කිසිම සැක සහිත දෙයක් ඉන් ඇයට හමු නොවූවාය. ස්මාර්ට් ජංගම දුරකතනය අතට ගත්තේ ඉන් අනතුරුවය. එහි රූමත් කතකගේ ඡායාරූපයක් සහිතව එදින අලු‍තින්ම ශේෂ කරන ලද දුරකතන අංකයකි. එය විවෘත කළ විට දක්නට ලැබුණේ එම කාන්තාව වට්ස්ඇප් පණිවුඩයක් මගින් එවූ ඇයගේම තවත් ඡායාරූපයකි. ඇයට යක්ෂාරූඩ වූවාය. උඩට බිමට පැන්නාය. සොටු පෙරමින් හඬා වැටුණාය. සැමියාගේ අද දිනයේ වෙනසේ හේතුව සොයාගත් ඇයට තරහා පිට කිරීමට ක්‍රමයක් නැතිව සිටියාය. තමාගේ රූපයත් ජංගම දුරකතනයේ රූපයත් මනසින් සංසන්දනය කළාය. කෝපය ඇයගේ ඉහවහා ගියාය. ඉන්නේ කොතැනද කරන්නේ කුමක්ද යන්න තේරුම් නොගිය ඇය දෑවැද්දට දුන් ස්මාර්ට් දුරකතනය පොළවේ ගැසුවේ කෑලි කෑලි යනසේය.
ශබ්දය ඇසී ඔහු එනවිට සියල්ල සිදුවී හමාරය. ඇය ඇඬූ කඳුළින් නිවෙස බලා යාමට ඔහුට දෙස්දෙවොල් තියමින් ඇඳුම් කැඩුම් ලකලැහැස්ති කරමින් සිටියාය. තමාගේ ජංගම දුරකතනය කුඩේ කුඩුය. එහි කෑලි හතර වටේය. ඇය නිවසේ වහලය සෙලවෙන තරමටම හයියෙන් කෑගසමින් සිටියාය.
සිය ආයතනයේ සේවිකාවක ලංකාවේ පැවති අන්තර් දෙපාර්තමේන්තු තරගාවලියකින් ප්‍රථම ස්ථානය දිනීම  නිමිත්තෙන් ආයතනයේ සුබ පැතීමට ආයතන ප්‍රධානියා ඇයගේ රූපය සහිත බැනරයක් සෑදීමේ කටයුත්ත පවරා තිබුණේ තමාට බව මේ අලකංචිය මැද්දේ ඔහුට සිහිවූවේය. ඒ සඳහා අවැසි ඡායාරූපයක් තම ජංගම දුරකතනයට එම සේවිකාවගෙන් ගෙන්වා ගත් බවද ඔහුගේ මනසට ගලාගෙන ආවේය. මෙය පැහැදිලි කර දීමට ඔහුට පැය කිහිපයක් ගියේය. සිය පියාට කියා තමා පොළවේ ගැසූ ජංගම දුරකතනය වෙනුවට ඉස්තරම්ම වර්ගයේ  නවීන පන්නයේ අලු‍ත් ජංගම දුරකතනයක් ඇය අරන්දෙන බවට පොරොන්දුවීමෙන් පසු මේ ගින්න නිවුනාලු‍.

 



අදහස් (0)

දුරකතනයේ පින්තූරය දැක ලක්ෂ ගාණක පාඩුවක් කරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site