දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කය යන්ත්‍ර මන්ත්‍ර, යාගහෝම, ශාන්ති කර්ම පිළිබඳව ප්‍රසිද්ධව පවතී. මාතර පළාතේ එක් ග්‍රාමීය ප්‍රදේශයක යාගහෝම ශාන්තිකර්ම නිවසක සිදු වූ අලකලංචියක් පිළිබඳව කතාවකි මේ.
හෙතෙම විවාහක තිදරු පියෙකි. ඔහුගේ බිරිය දෙපා අප්‍රාණික වීමේ බලවත් රෝගාබාධ තත්ත්වයකින් පසු වූවාය. දන්නා කියන විශේෂඥ වෛද්‍යවරුන් හමුව ප්‍රතිකාර ලබා ගත්තද සුවයක් නොවීය.
මේ අතර ඔහුගේ මිතුරෙකු පැවැසුවේ ශාන්තිකර්ම යාග හෝමයකින් රෝගය සුව කරන යකදුරු මහතකු අසල ගමේ සිටින බවත්, ඔහුගෙන්වා ශාන්ති කර්මයක් කළ හොත් ලෙඩාට සුවයක් ගැනීමට හැකි බවත්ය.
යහළුවාගේ දැනුම් දීමට අනුව යකැදුරු මහතා නිවසට ගෙන්වා ගත් මොහු ශාන්තිකර්මය සිදු කිරීමට සූදානම් විය.
යකදුරු මහතා සඳහන් කළ පරිදි ශාන්තිකර්මයට අවශ්‍ය දියගොඩ මස් ජාති, පස්පැඟිරි දර, ගොක් අතු, මල්, සුවඳ දුම්මල, කෙසෙල්පතුරු ආදිය සොයා ගැනීමට හැකි වුවත්, මිනී ඔළුවක් සොයා ගැනීම බරපතළ ප්‍රශ්නයක් විය. මේ ගැන තම මිතුරාට දැන්වූ පසු ,“තමන් මිනී ඔළුවක් ගෙනත් දෙන බවට මිතුරා ඔහුට පොරොන්දු විය.
ශාන්තිකර්ම දිනයට පැමිණි යකැදුරු මහතා මල් බුලත් තටුව සාදා, මිනී ඔළුවද හඳුන් කිරිපැන් වලින් නහවා මල් බුලත් තටුවේ තබා මන්ත්‍ර වලින් ජීවන් කරන්නට විය.
කෙතෙක් ජීවම් කළද මිනී ඔළුව නිසොල්මනේ තිබීම ගැන යකදුරාට සැකයක් ඇති වී, මිනී ඔළුව සැබෑ මිනී ඔළුවක්දැයි විපරම් කිරීමට සූදානම්ව, නිවෙස් හිමියාගෙන් මේ ගැන විමසුවේය. මන්ත්‍ර ජීවම් කරන විට මිනී ඔළුව සෙලවිය යුතු වුවද එසේ නොවීම නිසා යකැදුරාට සැකයක් ඇති වීම ඊට හේතුව විය.
මේ නිසා ගෙහිමියාත්, අසල්වැසී ගැමියකුත් මිනී ඔළුව පිරික්සීමට කටයුතු කෙළේය. අසල් වැසි පුද්ගලයා මිනී ඔළුව අතට ගත් සැණින් මේ තමාගේ කෙතෙහි කුරුල්ලන් සහ වන සතුන් බය කිරීමට අටවා තිබූ පඹයාගේ හිස බවත්, මෙය ගෙනා අය කව්ද කියා ගෙහිමියාගෙන් විමසීය.
මිනී ඔළුව ගෙනත් දුන් මිතුරාද ශාන්තිකර්මය සිදු කරන දින එම නිවසට පැමිණ සිටි නිසා, ගෙහිමියා ඔහු සොයා ගොස් සිද්ධිය ගැන විමසුවේය.“හැබෑද මේ අර කෙතට සාදා තිබූ පඹයාගේ ඔළුව නේද ගෙනත් දී මගෙන් රුපියල් පන් දාහක් ගත්තෙ ප්ලාස්ටික් ඔළුවක සැකිල්ලක් නේ. වෙසක් කාලෙට ඔළු බක්ක නටන්නත් ගන්නෙ මේවා නේද? යයි පැවැසීය.
පැමිණ සිටි අය මිතුරාට පහරදීමට සූදානම් වුවද එය වැළැක්වූ ගෙහිමියා, යාගහෝමය නතර කර දමන මෙන් යකදුරු මහතාගෙන් ඉල්ලීමක් කෙළේය. ගෙහිමියාගේ මිතුරා මේ වන විට නිවසින් අතුරුදන් වී ඇත.
මාවරල පී.එස්. මද්දුමගේ
2025 නොවැම්බර් මස 04
544
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිනී ඔළුව වෙනුවට පඹයෙකුගේ හිසක් ගෙනත්